මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-04-ent-37

වෙළෙඳ දැන්වීම් හා ගීත රූපරචනා තුළින් ඔබ හඳුනා ගන්නා ඇය නර්තන ශිල්පිනියකි. මෙවර "තරුණයා" කවරය සරසන්නේ ඇය විසිනි. ඇය චමත්කා ලක්මිණිය.

 

මේ ක්ෂේත්‍රයට යොමුවීම ගැන මුලින්ම සඳහන් කළොත්?

2017-01-04-ent-33මම ඩාන්සින් ෆීල්ඩ් එකෙන් තමයි මේ ක්ෂේත්‍රයට ආවේ. ඒ අතරතුර මම 2015 "ක්වින් ඔෆ් ඒෂියා ශ්‍රී ලංකා" එකට ඇප්ලයි කළා. එහිදී මට බෙස්ට් පොටෝ ජනික් හිමිවුණා. පසුව තමයි මම මේ ෆීල්ඩ් එකට එන්නේ. 2016 වසරේ පැජන්ට් එකක් කරලා තියනවා. පසුව තමයි මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්වලට එන්නේ.

 

මෑත කාලයේ ඔබ දායක වූ මියුසික් වීඩියෝවක් විවේචනයට ලක්වුණා?

ඒ මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක. අපිට එවැනි අය මුණගැහෙනවා, ගැහැනු පිරිමි භේදයක් නැතුව. මම එය නිරූපණය කළා විතරයි. මගේ ජීවිතයට සම්බන්ධ දෙයක් නෙමෙයි. සමාජය බලන විදිහ වෙනස්. ආර්ට් ඇහැකින් බලනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මට ෆීල්ඩ් එකේ ඉන්න අය කිසිදෙයක් කිව්වෙ නෑ. මේ ෆීල්ඩ් එකෙන් එළියේ ඉන්න අය තමයි ඒක විවේචනය කළේ. මම විරතක් නෙමෙයි එවැනි රංගනයක් සිදුකළේ. මුලින් සිදුකළ ඒවා විවේචනයට ලක්වුණේ නැහැ.

 

මෙහෙම විවේචනය වන දේවල් භාරගන්නේ ප්‍රසිද්ද වෙන්න, එහෙමත් නැත්තම් ජනප්‍රිය වෙන්න කියලා කිව්වොත්?

නැහැ. ඒක මගේ කැමැත්ත. මිනිස්සු ඒක භාරගන්න විදිහ අනුව එහෙම හිතන්නේ. ඒවගේ දේවල් කරන්න ඕන නෑ ජනප්‍රිය වෙන්න. ෆීල්ඩ් එකේ නැති අය ඒ වගේ දේවලින් තමයි අපිව ජනප්‍රිය කරන්නේ. ඉන්ටනැෂනල් ගිහින් ලංකාවට ගෙනත් තියන කිසිදෙයක් ගැන කතා කරන්නෙ නැහැ. අපි ඒ වගේ දෙයක් කළොත් කතා කරනවා. ඒක මිනිස්සු හිතන විදිහ. ඔවුන්ගේ මතය. එවැනි වීඩියෝ එකක් කරලා නෙමෙයි මම ෆීල්ඩ් එකට එන්නේ. මම ෆීල්ඩ් එකට එන්නේ ඊට වසරකට පෙර. මම ලංකාවට දේවල් ගෙනත් තියනවා. ඒ ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ.

 

මොනවද ජයග්‍රහණය කරලා තියෙන්නේ?

මගේ සකන්ඩ් පැජන්ඩ් එක සයිෆස් මිස් ඩීන් ගෑන්සි යුනිවස්. එහි ටොප් පයු. මිස් ඉන්ට නැෂනල්. කැට් වොක් යනකැටගරිස් හම්බුණා. අගෝස්තු මාසයේදි ඒ අය මාව ඉන්දියාවෙ තිබ්බ මිස් ඒෂියා පැජන්ඩ් එකට යෝජනා කළා. එහිදී ටොප් ටෙන්, පර්පෙක්ට් ටෙන් යන ටයිටල් හිමිවුණා.

 

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?

මගෙ මියුසික් වීඩියෝ හතරක් පමණයි තියෙන්නේ. අංජුලගේ "සිකුරුලියා" මියුසික් වීඩියෝ එකක් තිබෙනවා. ඒක විවේචනය වුණ මියුසික් වීඩියෝ එකට පෙර ආව මියුසික් වීඩියෝ එක. මම කරලා තියෙන්නේ වෙනස්ම දේවල්. ෆීල්ඩ් එකේ ඉස්සරහටත් වෙනස්ම දේවල් තමයි කරන්නේ. ඩාන්සින් ෂෝ වගයක් කරනවා. වෙළෙඳ දැන්වීම්වලට එතරම් දායක වෙන්නෙ නැහැ. ඒ වගේම ටෙලි නාට්‍යකට ආරාධනා ලැබිලා තියෙනවා. එයට දායක වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

 

ටෙලි නාට්‍යකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කළා. රංගනය ගැන ඉගෙන ගන්න ඉඩක් ලැබුණද?

මගේ පළමු ටීවී සිරියස් එක කළේ චමිල් පතිරණගේ. එය ටෙලි නාට්‍යයක් විදිහට තමයි රූපගත කළේ. චමිල් අයියගෙන් ඒ ගැන ඉගෙන ගත්තා. දැනටමත් මම ඉල්මිනේෂන් කියන ඇකඩමි එකක් කරනවා, ඉල්මිනේෂන් කණ්ඩායම එක්ක. එහි මොඩලින් ඇක්ටින් සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඇක්ටින් සම්බන්ධව ෆීල්ඩ් එකේ ඉන්න ඩිරෙක්ටස්ලා මේකප් ආටිස්ලා එක්ක වැඩ කරද්දි මට අත්දැකීම් ලැබෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඇති?

මගෙ පසුපස ඉන්නේ මගේ යාළුවෝ. ඒ අය මට ශක්තියක් වෙනවා. අම්මා ලංකාවෙ නැහැ, විදේශගත වෙලා ඉන්නේ. මගෙ යාළුවො තමයි ළඟින් ඉන්නේ. ඔවුන් හරි දේවල් පෙන්නලා දෙනවා.

 

රංගන මදුසංඛ/ඡායාරූප -මිහිර බණ්ඩාර

වේෂ නිරූපණය- නාරද තොටගමුව

කොණ්ඩ සැකසුම - හරෑන්

 

chamathka-001 chamathka-002 chamathka-003