මම කරන්නේ මට ගැළපෙන විලාසිතා විතරයි
මෑත කාලයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නීයන් අතරේ අප්සරා මැණික් දිසානායකට සුවිශේෂි තැනක් හිමිවේ. මේ වනවිට සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරන අප්සරා විලාසිතාවලටද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. මේ නිසාම අපි අප්සරා සමගින් ඇය කැමති විලාසිතා ගැන කතා බහ කළේමු.
විලාසිතාවලට අප්සරාගේ තියෙන කැමැත්ත කොහොමද?
විලාසිතා කරන්න හැමෝම අසයි නේ. මමත් හරිම ආසයි විලාසිතා කරන්න. ගොඩක් වෙලාවට ඇඳුම් පැළඳුම් තමයි විලාසිතාවලට මුලික කරගන්නේ.
නිතරම ඇඳුම් ගන්න කෙනෙක්ද ඔබ?
මම වෘත්තියෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. මගේ රැකියාවත් එක්ක ගත්තොත් මට නිතරම වගේ අලුත් ඇඳුම් ගන්න වෙනවා.
විලාසිතා කරන්න වැඩියෙන්ම අඳින්න කැමති ඇඳුම් තියෙනවාද?
මම සැහැල්ලු අඳින්න ගොඩක් කැමතියි. ගොඩක් වෙලාවට මම ටි ෂර්ට් එහෙමත් නැත්නම් ෂර්ට්, ඩෙනිම් කලිසම් අඳිනවා.
මිළඳි ගන්න ඇඳුමක් කොපමණ කාලයක් පාවිච්ච කරනවාද?
මම ළඟ ටිකක් වැඩිපුර ඇඳුම් තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඇඳුම් පරණ වෙන්නේ අඩුවෙන්. අවුරදු 2ක් 3ක් පරණ ඒවාත් තවම මගේ ළඟ .
අඳින්න බැරි ඇඳුම් කාට හරි දෙනවද?
මම ගොඩක් වෙලාවට ඇඳුම් දෙනවා මම දන්න අහිංසක දුප්පත් ළමයන්ට. හැබැයි පරණම ඇඳුම් දෙන්නේ නැහැ. මොකද පරණ ඇඳුමක් දීලා වැඩක් නැහැ එකෙන් ප්රයෝජනයක් ගන්න බැරිනම්. මට අඳින්න බැහැ නමුත්, ඒක තවත් පාවිච්ච කරන්න පුළුවන් කියලා හිතෙන ඇඳුම් තමයි මම දෙන්නේ.
ඇඳුම් ගන්න විශේෂ තැන් තියෙනවාද?
මම ඔන්ලයින් ඇඳුම් තමයි ගන්නේ. තව Gflock එකෙන් මම ඇඳුම් ගන්නවා. මට ගැළපෙනවා නම් මට ලස්සනයි කියලා හිතෙනවා නම් මන් ගන්නවා මම විශේෂයක් නොකර ඕනෑ තැනකින් ඒ ඇඳුම ගන්නවා.
යාළුවොත් එක්කද වැඩිපුරම ඇඳුම් ගන්න යන්නේ?
නැහැ. මම තනියම යන්නේ එතකොට මට ලේසි ඕනා තරම් වෙලාව අරගෙන හොඳම ඇදුම ගන්න පුළුවන්.
විලාසිතා කරද්දි සිමාවන් තියෙනවාද
ඔව් මම කරන්නේ මට ගැළපෙන විලාසිතා විතරයි. මම අදින්නේ මට සුදුසු සහ පහසු ඒවා විතරයි. විලාසිතා කියන්නේ තමන්ගේ පෞර්ෂයට ගැළපෙන්න ඕනි දෙයක් මිස අනිත් අය කරන නිසා කරන්න ඕනි දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නේ. මම ඇදුම් අදින්නේ ගොඩක් හොඳට හිතලා බළලා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - දුලිත ශ්රීනාත්