මම උත්සාහ කරන්නෙ Fitness model කෙනෙක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-23-ent-83

ඔබ පසුගිය කාලෙ සමාජ මාධ්‍යවල යම්කිසි ආකර්ෂයකට ලක්වුණා?

ඔව්. ඒ මම කරපු Photo shoot එකක් නිසා. ඒක fb එකේ වගේම websitesවලත් සංසරණය වුණා. ඒත් එක්ක මාව හොයන, මට කතා කරන පිරිස ටිකක් වැඩිවුණා වගේ දැනුණා. ඒ වගේම Channel C එකේ අවසන් වතාවට ලංකාවට ගිය වෙලාවෙ කරපු Programme එකත් ජනප්‍රිය වුණා.

 

ඇයි ඒ Shoot එක ඒ වගේ ජනප්‍රිය වුණේ?2019-05-23-ent-79

මෙහි අපි කළේ වෙනස් විදියේ දෙයක්. Beach එකක ටිකක් Hot sport wear use කරලා තමයි කළේ. ඒ වගේම සාම්ප්‍රදායික Pose නැතුව මම Workout එකක කරන දේවල් යොදාගෙන වෙනස් විදිහෙ Pose හදාගත්තා.

 

ඒක ජනප්‍රිය වුණේ ඔබේ අඟේ හැඩතල පෙන්නලා කිව්වොත්?

ම්.. මම ඒක නෑ කියන්නෙ නැහැ. හැබැයි විශේෂම දේ මේකෙ මගේ ඇඟ Open වෙලා නැහැ, මම Workout එකක් කරනවා. ඒ නිසා මගේ ඇඟේ යම් හැඩතල තියෙනවා. මම ඒවා ඉස්මතු කළා.

 

ඔබේ Body එකේ වඩාත්ම ආකර්ෂණීය අංගය කුමක් කියලද ඔබ හිතෙන්නේ

හැමෝම කියන විදියටයි, මට දැනිල තියෙන විදියටයි Back එක.

 

නමුත් මට පේනවා ඔබේ Figure එක සාමාන්‍ය Model කෙනෙක්ට වඩා වෙනස් කියලා.

ඔව් එහෙම වෙන්න ඕන නේ. මොකද මම උත්සාහ කරන්නෙ Fitness model කෙනෙක් වෙන්න. එතකොට මම Figure එක Build කරන්නෙ ඒ විදිහට.

 

ඒක ලංකාවේ Model කරන්න සුදුසුකමක් වෙයිද?

ඇත්තටම මම ලංකාවේ Model කරන්න නෙවෙයි හිතන්නෙ. මම ඉන්නෙ ඉතාලියෙ. පොඩි කාලෙමයි මම ඉතාලි යන්නේ. මගේ අධ්‍යාපන කටයුතු සියල්ල පවා සිදුවන්නෙ ඉතාලියෙ. ඒ අධ්‍යාපනය ක්‍රමයෙන් මට යුරෝපය ඉතා සමීප තැනක්. ඒනිසා මට හොඳ අවස්ථාවක් තියෙනවා ලෝකයට විවර වෙන්න.

 

හිතන්නෙ නැද්ද ලංකාවට ඇවිත් Model කරන්න?

මට ආරාධනා නම් විශාල වශයෙන් දැන් එනවා. නමුත් එහෙම මොඩ් තීරණයක් මම ගන්නේ නැහැ.

 

ඇයි ඒක මෝඩ තීරණයක් කියන්නේ?

මම මෙහෙ හොඳින් හම්බ කරනවා. හොඳින් ජීවත් වෙනවා. පේනවනේ ලංකාවෙ Modelsලව ගනන් ගන්නේ නැහැ. ඒ වගේම තමයි මේ Field එක ලංකාවෙ තියෙන්නේ ලෝකය එක්ක ගත්තම පහළ තැනක.

 

කුමක් නිසා එහෙම වෙනවා කියලද ඔබ හිතන්නෙ?

ඉතාලිය හෝ යුරෝපය සමග සංසන්දනය කළාම එහෙම පෙනුනට මම කියන්නෙ නැහැ ලංකාවෙ දක්ෂයෝ නැහැ කියලා. ලංකාවේ මට්ටමට ඔය හොඳයි. ඒකට හේතුව ලංකාවේ බහුතරයක් හිතන විදිය. උදාහරණයක් විදියට මෙහේ Under Wear එකකින් Shoot එකක් කළා කියන්න. ඒක අපි අඳින ඇඳුමක් නිරූපණය කරන්න කරපු Shoot එකක්. හැබැයි ලංකාවේදී ඒක බොහෝ පිරිසක් ජාතික ප්‍රශ්නයක් කරගෙන ඒ Modelව Designerව Photographerව වට්ටලා දානවා. ඉතින් එහෙම වුණාම ලංකාව එතනමයි. නමුත් ඒක බිඳින්න කියලා ඉදිරිපත් වෙලා තියන Photographersලා සහ Modelsලාත් මේ Field එක ගැන නොදන්න බවක් පේනවා. එතකොට ඒ නිර්මාණ බාල ගණයේ ඒවා. ඒ වගේ දේවල් පහුගිය කාලේ එළියට ඇවිත් තිබ්බ එකත් නැතිවුණා කියලයි මට නම් හිතෙන්නෙ.

 

දැනට ඔබ කරල තියෙන දේවල්?

මම ලංකාවේදී දිනේෂ් තරගං කියන ගායන ශිල්පියාගේ Music Video එකකට හිටියා. ඊට අමතරව මම Photo Model කෙනෙක් විදියට තමයි මෙහෙ වගේම ලංකාවෙත් වැඩ කරන්නෙ. මම ඉතාලියේ වසර දෙකක් බැලේ නැටුම් පූර්ණ පාඨමාලාවක් හදාරලා තියෙනවා. ඇත්තටම මගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක manage කරගෙන තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ.

 

වැඩ කරන්න ලංකාවෙ අවස්ථාවක් ආවොත්?

අනිවාර්යයයෙන්ම ඇවිත් කරල යනවා. මගේ වෙලාව එක්ක Manage කරගන්න පුළුවන් නම්, හොඳ වැඩක් නම් එය කරන්න බාධාවක් නැහැ.

 

සටහන/ඡායාරූප - මිහිර බණ්ඩාර

හැඩගැන්වීම - තරූන් ෂයිඩීන් (Hair by Haroon)

ඡායාරූප සංස්කරණය - ෂෙනාල් සංජීව

 

2019-05-23-ent-80 2019-05-23-ent-81 2019-05-23-ent-82