මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි
රූමත්, දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස කෞෂල්‍යා ගමගේ හඳුන්වන්න පුළුවන්. ඇය ක්ෂේත්රයට සම්බන්ධ වෙලා මේ වනවිට වසර කිහිපයක්ම ගත වෙලා තිබෙනවා. ඒ වගේම ඇය වැඩියෙන්ම දායක වෙලා තිබෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට් වලට කියලා කිව්වොත් නිවැරදියි. ක්ෂේත්රය පුරාම කාලයක් තිස්සේ රැඳී සිටින කෞෂල්යාව අපි සාරවිටට සම්බන්ධ කරගන්නට සිතුවේ මේ විදිහටයි.
කෞෂල්‍යා මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල සුපුරුදු විදිහටම බ්‍රයිඩ්ල් ෂූට් කරගෙන යනවා. ළඟදී ලොකු නිර්මාණවලට නම් දායක වුණේ නැහැ.
නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් අරගෙන කොපමණ කාලයක් වෙනවාද?
දැනට අවුරුදු හතක් විතර වෙනවා ක්ෂේත්රයට එකතු වෙලා.
නිරූපණයෙන් විතරද සම්බන්ධ වෙලා තියෙන්නේ?
මෙහෙමයි. මම දැනට මියුසික් වීඩියෝවක් සඳහා පමණක් දායක වෙලා තියෙනවා. අනිත් සියළුම නිර්මාණ නිරූපණයෙන් තමයි.
ඒ කියන්නේ රංගනයට සම්බන්ධ වෙන්න අකමැතිද?
මෙහෙමයි. රංගනය කියන දේ එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒ ගැන හැදෑරීමක් කරන්න ඕනෙනේ. ඒ නිසා ඒ පැත්තට වැඩිය සම්බන්ධ වුණේ නැහැ.
අද වෙද්දි ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
අද හොඳ නරක දෙකම තියෙනවා. එක එක්කෙනා ක්ෂේත්රයේ වැඩ කරන විධි වෙනස්. මාව ගොඩක්ම හඳුනන්නේ රූපලාවන්‍ය ක්ෂේත්රයේ ඉන්න අය විතරයි. සමහර අය ජනප්‍රිය වෙන්න එක එක දේවල් කරනවානේ. ඒ අය වෙනම ගමනක් යනවා, අපි වෙනම ගමනක් යනවා.
කෞෂල්‍යා කියන්නේ හෙමීට ගමනක් යන කෙනෙක්ද?
ඔව්, මට ඕනේ හරි දෙයක් කරන්න විතරයි. ජනප්‍රියත්වය කියන දේ හැමදාම නැහැ. ඒ නිසා හෙමීට ගමනක් යන්න ඕනේ. එතකොට පැවැත්ම වැඩියි.
වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ බ්‍රයිඩ්ල්වලට විතරද?
ඔව්. නමුත් මම ෆැෂන් පැත්තත් කරනවා. ඒත් වැඩියෙන්ම දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ බ්රයිඩ්ල්වලටයි.
නිරූපණය කියන්නේ ඔබේ වෘත්තීයද?
මම නිරූපණයට සම්බන්ධ වුණේ විනෝදාංශයක් විදිහටයි. පස්සේ කාලෙදි ඒක මගේ ආදායම් මාර්ගයම වුණා.
මේ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?
මම ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්නයි. නිරූපණයට සම්බන්ධ වෙන්නේ අහම්බෙන්. ඊටපස්සේ තමයි මට ක්ෂේත්රය ගැන ආසාව හිතුනේ.
නිරූපණය කරන එකට ගෙදරින් ලැබුණේ මොනවගේ ප්රතිචාරයක්ද?
සාම්ප්‍රදායික ප්‍රශ්නේ මුලදි මටත් ගෙදරින් ආවා. මුලදි එයාලා කැමති වුණේ නැහැ. සමහර නිර්මාණවලට මම හොරෙන් පවා ගියා. දැන් මම ක්ෂේත්රයට එකතු වෙලා ගොඩක් කාලයක් වෙනවා. ඉතින් දැන් නම් ගෙදරින් බලපෑමක් නැහැ. නිරූපිකාවන්ට රූපය වැදගත්.
ඔබත් රූපය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවාද?
එහෙම විශේෂ සැලකිල්ලක් නම් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් කරන දේවල් කරනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන සමාජය වැරදි ඇහැකින් බලන්නේ ඇයි?. ඇත්තටම වැරදි දේවල් ක්ෂේත්රය තුළ තිබෙනවාද?
අපි මොන දේ නිරූපණය කළත් අපිව ලේබල් වෙන්නේ මොඩ්ල් කෙනෙක් කියලානේ. ලංකාවේ නිරූපිකාවකට තියෙන තැන විනාශ කරගෙන තියෙන්නේ ක්ෂේත්රයේ අයමයි. පිටරටක මොඩ්ල් කෙනෙක් කිව්වාම ඒ අයට වටිනාකමක් තියෙනවා. ලංකාවේ එහෙම වටිනාකමක් නැහැ. ඒ වටිනාකම නැති කරගෙන තියෙන්නේ ඒ අයමයි. ඉතින් අද වෙද්දි නිරූපිකාවක් ගණන් ගන්නේ නැති තැනට වැටිලා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ලොකු බලාපොරොත්තු නම් නැහැ. පුළුවන් කාලයක් ක්ෂේත්රයේ රැඳෙනවා.
කැළුම් දේවින්ද