මම ආසා කළේ සටන් ශිල්පිනියක් වෙන්නයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-170

රංගනයෙන්, නිරූපණයෙන් සහ නර්තනයෙන් කලාවට සම්බන්ධ වුණු ශිල්පිනියක් තමයි අනුෂ්කා කියන්නේ. ඇය මේ වනවිට නිර්මාණ රැසකටම දායක වෙලා තිබෙනවා. අනුෂ්කාගේ සිහිනය තමයි තිරයේ සටන් ශිල්පිනියක් වීම. අනුෂ්කාව සාරවිටට සම්බන්ධ කරගත්තේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-04-11-ent-172

මගේ නම අනුෂ්කා උදාංගනී. මගේ පදිංචිය දෙහිවල. මම Zumba උපදේශකවරියක්. ඊට අමතරව රංගනයෙන්, නිරූපණයෙන්, නර්තනයෙන් කලාවට එකතු වෙලා ඉන්නවා.

 

කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නර්තන ශිල්පිනියක් විදිහට. මම මුලින්ම වෙළඳ දැන්වීමකට සම්බන්ධ වුණේ 2016 වසරේදියි. ඒක ලංකාවේ විකාශය වුණු එකක් නෙවෙයි. ඒක චීනයේ වෙළඳ දැන්වීමක්. මේ වනවිට වෙළඳ දැන්වීම් අටකට පමණ දායක වෙලා තියෙනවා.

 

මේ වෙද්දි රංගනයෙන් දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

ලොකු චරිතවලින් රංගනයට දායක වෙන්න තවම අවස්ථාව ලැබිලා නැහැ. එතකොට උදුම්බරා චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. එතකොට තව ඉන්දීය සිනමා නිර්මාණයකටත් රංගනයෙන් දායක වුණා. නමුත් තවම ඒක තිරගත වුණේ නැහැ. එතකොට මියුසික් වීඩියෝ කිහිපයකටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

 

ඔබ නිරත වෙන්නේ ක්ෂේත්‍ර දෙකක. මේ දෙක සමබරව ගෙන යන්නේ කොහොමද?

ක්ෂේත්‍ර දෙකම සමබරව කරගෙන යනවා. මගේ Zumba පන්තිය සතියට දවස් තුනයි. ඉතින් ඉතිරි දවස් වල තමයි මම නිර්මාණවලට දායක වෙන්න යොදාගෙන තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැතුව සමබරව කරගෙන යන්න පුළුවන්.

 

මේ කාලයේදී ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මම රංගනය ඉගෙන ගත්තේ පන්තියකට ගිහිල්ලා නොවෙයි. ප්‍රවීණ අයව ආශ්‍රය කරලා ලැබුණු අත්දැකීම්වලින් තමයි රංගනය ඉගෙන ගත්තේ. එයාලාගෙන් අපි කරන වැරදි හදාගත්තා. ඉතින් මේ කාලයේදී ගොඩක් හොඳ අත්දැකීම් ලැබිලා තියෙනවා.

 

දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නද බලාපොරොත්තුව තියෙන්නේ?

මට පුළුවන් කාලයක් මම ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. පොඩි කාලේ ඉඳලාම ආශාවක් තිබුණා. නමුත් මට තිබුණේ තිරයේ පෙම්වතියක් වීමේ ආශාවක් නෙවෙයි. මම ආසා කළේ සටන් ශිල්පිනියක් වෙන්නයි. ඉතින් මම වූෂු ඉගෙනගත්තා. මම ආසයි ඒ පැත්තෙන් රංගනයට දායක වෙන්න.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මගේ Zumba ක්ලාස් එක දිගටම කරගෙන යනවා. ඒ අතරතුර ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ගොඩක් අය ඉන්නවා. මුලින්ම මගේ ගෙදර අයව මතක් කරන්න ඕනේ. එතකොට නෑදෑයෝ, යාළුවෝ, මගේ මාස්ටර්, ඩාන්සින් උගන්වන සර් ඇතුළු මට වචනයකින් හරි උදව් කළ සියළු දෙනාවම මම මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

2019-04-11-ent-171