මම ආසා කරන්නේ රඟපාන්න
මේ දිනවල විකාශය වන හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ හිමාෂාගේ චරිතයෙන් අපට හමුට එන ඇය මධුෂානි සකුත්තලායි. මේ වනවිට ටෙලි නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායක වී ඇති මධුෂානි සාරවිට අපි සමග එකතු වුණේ මේ විදියට.
ඔයා ගැන විස්තර ටිකක් කියමුද?
මම මධුෂානි සකුන්තලා. මම ඉන්නේ මගේ අම්මත් එක්ක. මට සහෝදර සහෝදරියෝ නැහැ. මම කුලසිරි බුදවත්ත රංගායතනයේ අවුරුදු හතක් නර්තනය හැදෑරුවා. ඊට පස්සේ මගේ අම්මා මාව 2015 ඉඳලා රොසෑන් ඩයස් මහත්මිය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන්න ඉඩ සැලැස්සුවා.
මේ දවස්වල වැඩකටයුතු ගැන කිවුවොත්?
මේ දවස්වල ෂර්ලි .පී.දොලන්කාවල මහත්මාගේ හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු කරගෙන යනවා. මම ඒකේ හිතුවක්කාරයාගේ නංගිගේ චරිතය හිමාෂා කියන චරිතයටයි රංගනයෙන් දායක වෙන්නේ. මගේ අම්මා විදියට රංගනයෙන් දායක වෙන්නේ ශ්‍රියානි අමරසේන මහත්මියයි. ඇත්තටම මම සතුටු වෙනවා ප්‍රවීණ කලා කරුවෝ රැසක් සමග රංගනයට දායක වෙන්න ලැබුණු එක ගැන.
මේ දක්වා කරපු නිර්මාණ ගැන කතා කළොත්?
මුලින්ම මම දායක වුණේ නලින් මාපිටිය මහතාගේ “ඉස්සරහට යන්න” ටෙලි නාට්‍යයට. ඒකේ මම පොඩි චරිතයක් කළා. ඊට පස්සේ ගයා රම්‍ය අල්විස් මහතාගේ කොළඹ අහස ටෙලි නාට්‍යයේ පොඩි චරිතයකට රංගනයෙන් දායක වුණා. මේ දවස්වල “අනාවරණ” කියලා ටෙලි නාට්‍යයකත් වැඩ කරනවා. ඒකේ තාම රූගත කිරීම් ඉවර වුණේ නැහැ. ඊට පස්සේ මම දායක වුණා උපාලි ගම්ලත් සර්ගේ ටෙලි සිත්තමට. ඒකත් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඊට පස්සේ තමයි හිතුවක්කාරයා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
ටී.වී. කමර්ෂල් වලට දායක වෙලා තියෙනවද?
ඔව්. කිහිපයකටම දායක වෙලා තියෙනවා. ලින්ක් සුදන්ත හා ටයාන් කම්බි කමර්ෂල් ඉන් ප්‍රධාන ඒවා.
කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න හිතුවෙ ඇයි?
මම පොඩි කාලේ නර්තනය හදාරා තියෙනවා. මම පොඩි කාලේ ඉඳන් කලා පැත්තට ආසා කළා. මගේ අම්මටත් ඕන වුණේ කවදා හරි මාව හොඳ දක්ෂ නිළියක් කරන්න. අම්මගේ ඒ හීනය මගෙත් හීනය වුණා. ඉතිං අම්මගේ හීනය සැබෑ කරන්න තමයි මම මේ ක්ෂේත්රය තෝරා ගත්තේ. අනිත් එක මම ආසයි රඟපාන්න. ඒ දේවල් නිසා මම රංගන ක්ෂේත්රයට ආවා.
ඔයා රංගනය පිළිබඳ හදාරා තියෙනවාද?
ඔව්, මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය හදාරනවා
මධුෂානිට නිරූපිකාවක් විදියට කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම ආසා කරන්නේ රඟපාන්න. මේ දේ හරියට කළොත් හොඳයි. නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න දැන් අමාරුයි. මොකද ලංකාවේ නිරූපණ ක්ෂේත්රයට තියෙන තැන නිසා. ඒක නිසා මම නිරූපිකාවක් විදියට කටයුතු කරයි කියලා කියන්න අමාරුයි.
අපි අවසාන වශයෙන් කතා කළොත් මේ ආපු ගමනේදි ඔයාට උදවු කරපු අය ගැන?
ඔව්. මගේ අම්මාට මම ස්තුතියි වෙනවා. අම්මා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. එතකොට බුදවත්ත රංගායතනයේ ගංගා අබේරත්න මහත්මිය, රොසෑන් ඩයස් මහත්මිය, ලේක් හවුස් ආයතනයේ ප්‍රසාද් සමරසිරි මහත්මයා, එතකොට පුවත්පත් කලාවේදී ජානක කඳනාරච්චි මහත්මයා අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඊට අමතරව දීපාල් ගෝමස් මහත්මයා, සජීව ලක්ෂාන්, හිතුවක්කාරයා ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ ෂර්ලි.පී. දොලන්කාවල මහත්මයා හා තිර රචනය කරන චාමර ප්‍රසාද් මහත්මයා එතකොට මහේන්ද්‍ර පෙරේරා සර් හා මට උදවු කරපු හැමදෙනාටම මේ වෙලාවේ මම ස්තුති කරනවා.
ඡායාරූප - කවීත් මිලින්ද / සටහන - කැලුම් දේවින්ද