මම ආසයි පරිසරවේදිනියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-27-ent-86

ITN අවුරුදු කුමාරි, මිස් ඩයමන්ඩ් ක්වීන් ඇතුළු රූ රැජිනි තරඟාවලි කිහිපයක් දිනූ නිරූපණ ශිල්පිනියක් තමයි දුනීෂා පියුමි කියන්නේ. ඇගේ බලාපොරොත්තුව නිරූපණයෙන් ලංකාව නියෝජනය කරමින් ජාත්‍යයන්තර තරඟාවලියකට සහභාගී වීමයි. ඉතින් සාරවිට කතාබහට දුනීෂාට අප ඉඩක් වෙන් කළේ මේ විදිහටයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2019-03-29duyneeshaupdate-2

මගේ නම දුනීෂා පියුමි ප්‍රාර්ථනා. මම 2018 වසරේදී උසස් පෙළ හැදෑරුවා. මගේ පාසල හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, ආච්චියි. රැකියාවක් නම් කරන්නේ නැහැ. මම 2018 ස්වාධීන රූපවාහිනි අවුරුදු කුමරිය තරඟාවලියෙන් තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය කළා. මේ දවස්වල පැජන්ට් කිහිපයකට අයදුම්පත් දාලා තියෙනවා.

 

2018 ස්වාධීන රූපවාහිනි අවුරුදු කුමරි තරඟාවලියටද මුලින්ම සහභාගී වුණේ?

මම මුලින්ම 2016 වසරේ ITN අවුරුදු කුමාරි තරඟාවලියට සහභාගී වුණා. එතනදි අවසන් තරඟයට තේරුණා. නමුත් ස්ථානයක් හිමි කරගන්න බැරි වුණා. 2017දි නැවතත් ITN අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වෙනවා. එතනදි අවසන් තරඟයට සුදුසුකම් ලබනවා. 2018 වසරේදී තරඟ කළාට පස්සේ තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය කළා.

 

එවැනි තරඟාවලි තුළින් ජයග්‍රහණය කරන අයට නිරූපණයට සහ රංගනයට අවස්ථාව ලැබෙනවා. ඔබටත් ආරාධනා ලැබුණාද?

රංගනයට නම් ආරාධනා ගොඩක් ලැබුණා. නමුත් හදිසි වෙලා තීරණ ගන්න බැහැනේ. ක්ෂේත්‍රය ගැන ඉගෙනගෙන, දැනුමක් එක්ක තමයි එන්න ඕනේ. රංගනයට එන්න ආසාවක් තියෙනවා. නමුත් හදිස්සියක් නැහැ. සමාජය ගැන දැන හඳුනාගෙන ක්ෂේත්‍රයට එකතු වෙන්න බලාපොරොත්තුව තියෙන්නේ.

 

පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?

ඔව්. 2018 මිස් ඩයමන්ඩ් ක්වීන් පැජන්ට් එක ජයග්‍රහණය කළා. එතකොට මේ දිනවල මම අයදුම් කරලා තියෙනවා මිස් රිජන්සි ක්වීන් තරඟාවලියට. ඒ තරඟාවලියට මේ දවස්වල සූදානම් වෙනවා.

 

ගෙදරින් ලැබෙන සහය කොහොමද?

ගෙදරින් කියාගන්න බැරි සහයෝගයක් තියෙනවා. අම්මායි තාත්තායි ගොඩක් කැමතියි. ඉතින් පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

මම ආසයි පරිසරවේදිනියක් වෙන්න. ඒකට ගොඩක් ඉගෙනගන්න තියෙනවා. එතකොට රංගන ක්ෂේත්‍රයටත් එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට ලංකාව නියෝජනය කරමින් ජාත්‍යයන්තර තරඟාවලියකට සහභාගී වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මට කිසි දෙයකට හදිසියක් නැහැ. හෙමීට හැමදේම කරගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. පැජන්ට් එකකට සූදානම් වන නිසා.

 

දුනීෂාට උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මට හැමදේටම උදව් කරන මගේ අම්මාවයි තාත්තාවයි. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඩයමන්ඩ් ක්වීන් පැජන්ට් එක සංවිධානය කළ දමිත් අංජුව. ඒ වගේම දේදුණු දිල්හානි මිස්, ටානියා මිස් ඇතුළු මට වචනයකින් හරි උදව් කළ අයට මම ස්තූතියි කරනවා. ඒ වගේම කවිඳු අයියාව, කිරාන් අයියා, චාමි අයියා, මහසෙන් අයියා, සහ මගේ පාසලේ ගුරුවරු, යාළුවෝ ඇතුළු මට වචනයකින් හරි උදව් කරපු හැමෝවම මම මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

2019-03-29duyneeshaupdate1

 2019-03-27-ent-852019-03-29duyneeshaupdate-42019-03-29duyneeshaupdate-6