මම ආස කරන චරිතයක් මට තාම ලැබිලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200817-38

කලා ක්ෂේත්‍රය තුළ වර්තමානයේ නිතර දකින නවක නළුනිළියන් අතරේ විශේෂ තැනක් අමන්දා ජයරත්නට හිමිවේ. මේ දිනවල දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන "සිදූ" ටෙලි නාට්‍යය තුළ දකින ඇය ඊට පෙර "තෝඩු", "ක්වීන්" ඇතුළු තවත් අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍යය කිහිපයක් සඳහාද සිය රංගන දායකත්වය ලබා දී තිබුණි. අද "සාරවිට" තරු කතා බහ දිග හැරෙන්නේ අමන්දා සමගය.ENT-20200817-39

 

මේ දිනවල අමන්දා ඔබව අපිට දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මෑත කාලයේ නම් ගොඩක් අය මාව දන්නේ "දෙරණ" රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන "සිදු" ටෙලි නාට්‍යයේ "රුක්ෂි" කියන චරිතය හරහා. ඊට පෙර "ක්වීන්" ටෙලි නාට්‍යයේ මම කරපු චරිතයටත් ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා.

 

"රුක්ෂි" කියන චරිතයට ලැබෙන රසික ප්‍රතිචාර මොන වගේද?

ඒ චරිතයට නම් කියන්න බැරි තරම් රසික ප්‍රතිචාර මට ලැබෙනවා හා ලැබෙමින් පවතිනවා. ලංකාවේ විතරක් නොවෙයි විදෙස් රටවල සිටින ප්‍රේක්ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර හිමි වෙනවා. ඒ වගේම තමයි වයස් භේදයකින් තොරව මේ චරිතයට මට බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන්ම පොඩි දරුවන්. පාර තොටේදි දැක්කත් "රුක්ෂි" අක්කේ කියලා කතා කරනවා. ගොඩක් සතුටුයි ඉතින්. කාලයකට පසුව ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙන චරිතයක් මට ලැබුණාට.

 

ඔබට ලැබුණ චරිත එක සමාන ඒවා කියලා හිතෙන්නේ නැද්ද?

මෙහෙමයි. එක සමානම නැහැ. මේ වෙන කොට මම එකිනෙකට වෙනස් චරිත බොහේමයක් රඟපාලා තියෙනවා. හැබැයි ඒවාත් එක්ක %රුක්ෂි^ කියන චරිතය සංසන්දනය කරනවිට ඒක බොහෝම වෙනස් චරිතයක්. අනික මට ලැබෙන චරිත හැම එකක්ම වගේ මම උත්සාහ කරන්නේ මගේ උපරිමය කරන්න.

 

ඔබ රඟපාන්න ප්‍රිය කරන චරිත තියෙනවාද? එහෙම චරිතයක් දැනට ලැබිලා තියෙනවාද?

අනේ මට තාම එහෙම මම ආස කරන චරිතයක් ලැබිලා නැහැ. හැබැයි මට ලබා දෙන චරිත තිරණය කරන්නේ අධ්‍යක්ෂකවරු. ඉතින් ඔවුන් ලබා දෙන හැම චරිතයකටම මම කැමතියි. ඒකනේ මම ඒ චරිත හොඳටම කරන්නේ. පෞද්ගලිකවම මට මෙහෙම චරිතයකට කැමතියි කියලා කියන්න බැහැ.

 

දැනට නිර්මාණ බොහෝමයකට ඔබ දැන් දායක වෙලා තියෙනවා. ක්ෂේත්‍රය ගැන මතය මොකක්ද?

කලා ක්ෂේත්‍රය හොඳයි. හැබැයි මොලේ පාවිච්චි කරලා මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඕනා. හොඳට කතා බහා කරලා හිටියොත් ඉන්න පුළුවන්. අනික එක තමයි අපි දැනගන්න ඕනා ප්‍රවිණ රංගන ශිල්පින්ට හැම අවස්ථාවකම ගෞරව කරන්න. මම නම් එහෙම තමයි. මොකද එයාලාගේ ගුරුහරුකම් අපිට ගොඩක් වටිනවා අපේ කලා ජීවිතේට.

 

රංගන ශිල්පිනියක් විදහට මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

මෙහෙමයි දැනට නම් මගේ අදහස දිගටම මේ වෘත්තියේ නියැළිලා කටයුතු කරන්න. ඉදිරිය කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා. මම මේ ක්ෂේත්‍රයට ගොඩක් ආදරේයි. ඒ නිසා තමයි මම රංගන ශිල්පිනියක් වුණෙත්.

 

බුද්ධික සේනාධීර

 

ENT-20200817-37