මම ආඩම්බර කෙනෙක් කියලා හුඟක් අය හිතන් ඉන්නවා
ජාතික රූපවාහිනියේ 2019 රූ කුමරිය ලෙසින් 2019 දී අභිෂේක ලබා රංගන ක්ෂේත්රයට පිවිසෙන ඇය මේ වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය කටයුතු හදාරමින් සිටියිී. ඇයට තිබෙන්නේ සුන්දර මෙන්ම අහිංසක සුරූපී බවක්. ඒත් හැමෝම ඇයව හදුනන්නේ පුංචි තිරයේ නපුරුම චරිතයක් ලෙසයි. එ් නිසාම දැන් දැන් හුඟාක් අය ඇයට කතාකරන්නේ නපුරුච්චි කියල. අපි අහමු ඇගෙන් ඒ ඇයි කියලා. ඒත් ඇය සමග කතාකරන විට නම් එහෙම කෙනෙක් විදියට දැනෙන්නෙ නැහැ. අද සිරිකත කවරයේ කතා බහට ලක් වෙන සොඳුරු නපුරුච්චි ආක්ෂා එහෙමත් නැතිනම් රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල්.
”ඉතින් නපුරුච්චි” එහෙම නේද යාඵවෝ කතාකරන්නේ?
අනේ ඔව්... (සිනාසෙමින්) ගොඩක් අය මට නපුරුච්චි කියලා කතා කරන්නේ. කැම්පස් එකේදි අයියලත් එහෙම කතා කරනවා. එ් මම ඉතාම ජනප්‍රිය දෙවෙනි ඉනිම නාට්‍යයේ රඟපාන ආක්ෂා ගේ චරිතය නිසා. ආක්ෂා කියන්නේ ගොඩක් නපුරු කෙනෙක් නේ.
එතකොට නෙත්මි කියන්නෙත් ඇත්තටම නපුරු කෙනෙක් නෙමෙයිද?
අපෝ නැහැ. මම නම් නපුරු නැහැ. හැබැයි මම ගොඩක් අහිංසකමත් නැහැ ඉතින්. එ්ත් මම හරි ආඩම්බර අහංකාර නපුරු කෙනෙක් කියලා ගොඩක් අය හිතන් ඉන්නවා. දෙවෙනි ඉනිම බලන රසික සමහර අය ගෙදරට කතා කරලා අම්මගෙනුයි තාත්තගෙනුයි අහලත් තිබිලා තියනවා දුව ඇත්තටම නපුරු කෙනෙක් ද කියලා. සමහර අය සෙල්ෆියක් ගන්න ඕනේ වුනත් එකපාරටම මාත් එක්ක කතා කරන්නෙ නැහැ. ඒ සමහරවිට මම අකමැති වෙයි කියලා හිතලා. එ්ත් සැබෑ ජීවිතයේ මම එහෙම නෑ. ඇත්තම මම හරි සුහදශීලී චරිතයක්.
ගෑහැනු ළමයි වයස කියන්න කැමති නැහැනේ. කැමති නම් විතරක් වයස කියමු?
මට වයස හංගන්න ඕන නැහැ. මට දැන් වයස 22යි
එහෙනම් නෙත්මි දැන් පෙම්වතියක් වෙන්න පුඵවන් නේද?
(සිනසෙමින්) නැහැ නැහැ. තවම මම පෙම්වතියක් නම් නෙවෙයි.
පාසැල් කාලේදී වත් පේ‍්‍රම සම්බන්ධයක් තිබිල නැද්ද?
මෙහෙමයි පේ‍්‍රම සම්බන්ධයක් නෙවෙයි. හැබැයි මම ගොඩක් හිතවත් ළ`ගින් ඇසුරු කරපු අය ඉඳලා තියනවා. ඒක පේ‍්‍රම සම්බන්ධයක් නෙවෙයි. ලොකු හිතවත් කමක් විතරයි.
ඔන්න නෙත්මි දැන් අවස්ථාව තියනවා ඔයා කැමති මොනවගේ කෙනෙක්ටද කියලා කියන්න?
ඇත්තටම මම ගොඩක් කැමතියි මට ගොඩක් අවධානය දෙන කෙනෙක්ට. කපටි කමට රූපෙට ආදරේ කරන කෙනෙක් නෙවෙයි. මට ඕන මගේ තාත්ත වගේ මාව ආදරෙන් බලාගන්න කෙනෙක්. හැමදාම කාර්ය බහුල කෙනෙක්ට වඩා මම වෙනුවෙන් වෙලාව දෙන කෙනෙක්ට තමයි මම කැමති. විශේෂයෙන් කාන්තාවන්ට ගරු කරන්න ඕනි. චූටි චූටි දේවල් වලට මම හරි කැමතියිිි. ඒ කියන්නේ කොහේහරි තැනකදී මට ඉඳගන්න පුටුව හදල දෙන කෙනෙක්ට, එළියට යන විට වැහෙන්න යන දොර චුට්ටක් අල්ලගන්නවට, ඒ වගේ දේවල් වලින් දැනෙනවා ලොකු අවධානයක් දෙනවා කියන එක. එහෙම කෙනෙක් තමයි ඉතින් හො`ද.
ඉතින් මොකද වෙන්නේ මේ දවස් වල?
මේ දවස් වල නම් ඇත්තටම මට ටිකක් විතර සනීප මදි. ඒ වුණත් වැඩ ටිකක් වැඩියි .අධ්‍යාපන වැඩත් එක්ක රංගන කටයුතුත් සමබරව ගෙනියනවා. රාවණා ටෙලිනාට්‍යයේ නම් මේ වෙනකොට රූගත කිරීම් අවසන්. දෙවෙනි ඉනිමේ රූගත කිරීම් තමයි මේ දවස් වල තියෙන්නේ. මම හිතන් ඉන්නේ දෙවෙනි ඉනිමේ රූගත කිරීම් අවසන් වෙනකල් වෙන ටෙලිනාට්‍ය බාරගන්නැහැ කියලා.
කියන්නකෝ ඔබ ගැන විස්තර ටිකක්?
ගෙදර ඉන්නේ මමයි අම්මයි තාත්තයි නංගියි. නංගි තාම ඉගෙන ගන්නවා. මම පාසැල් ගියේ කඩුවෙල බෝමිරිය ජාතික පාසැලට. මම රංගනයට පිවිසෙන්නේ ”සක්කාරම්” ටෙලිනාට්‍ය හරහයි. දැනට ඉතින් තවත් රංගන කටයුතු වලට දායක වෙන අතරේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබ`ද උපාධියක් හදාරනවා.
රූගත කිරීම් අතර තුර මොනවද අමතක නොවෙන සිදුවීම්?
අමතක වෙන්නැති දෙයක් තියනවා. ඒ එක අවස්ථාවක මට තිබුණා කොච්චි මිරිස් එක්ක බත් කන දර්හනයක්. ඉතින් මට කියලා තිබුණා බත්කට කද්දි කොච්චි කරල පැත්තකින් තියලා කන්න කියලා. ඒ වුණාට මගේ බත් එකේ තව කොච්චි තිබිල තියනවා. මට බත් කට කටට ගනිද්දි දැනුණා කොච්චි කරල් දෙකක්ම කට ඇතුළේ තියනවා කියලා. කරන්න දෙයක් නැහැ අයින් කරන්නත් බැහැ. මට දෙකම හැපුණා. ඇත්තටම මට සැර කන්න බැහැ. ක`දු`ඵ එනවා. හෙම්බිරිස්සාව වගේ හැදෙනවා. මට කලන්තයක් වගේ ආවා. ඒක නතර කරන්න යද්දි එයාල කිව්ව නෑ නෑ නංගි නවත්තන්න එපා ඔහොම්ම ගමු කියලා. ඉතින් මම එදා ර`ගපෑවා නෙවෙයි ඇත්තටමයි ඇ`ඩුවේ. ඒවා අර හීන් කොච්චි කියලා සැර මිරිස් වර්ගයක්. පස්සේ දැවිල්ල අඩු කරගන්න වතුර වීදුරු විස්සක් විතර බිව්වා. ඒක නම් අමතක වෙන් නැහැ.
රංගනය පැත්තෙන් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියනවද?
ඒකටත් පොඩි අදහසක් තියනවා. අනිත් ඉගෙනගන්න දේවල් එක්ක ඒ පැත්තටත් වැඩිපුර යොමුවෙන්න තමයි හිතන්නේ.
ලස්සනට ඉන්න මොකද කරන්නේ?
විශේෂ දේවල් කරන්නෙ නැහැ. සුදු වෙන්න කියලා ක්‍රීම් වර්ග පාවිච්චි කරන්නෙනම් නැහැ. මම හොඳට වතුර බොනවා. ඒ වගේම පුරුද්දක් විදියට මම දිනපතා ශාරීරික ව්‍යායාම කරන කෙනෙක්. ඒත් පසුගිය කොරෝනා දවස් වල තවත් අලූත් දේකට යොමුවුණා. ඒ තමයි යෝගා. මම දැන් වැඩිපුර යෝගා කරනවා. මම නර්තනය හදාරන නිසත් ඒක ගොඩක් වටිනවා. හැබැයි ඉතින් මම කොණ්ඩෙට නම් ලොකු අවධානයක් දෙනවා. තෙල් සත්කාරයක් කරනවා. සතියකට වතාවක් පැක් එකක් දානවා. අම්මා තමයි ඉතින් ඒවා කරන්නේ.
ලංකාවේ වැඩිපුරම යන්න කැමති කොහෙද?
ලංකාවේ සීතල පැති හැම තැනකටම කැමතියි
මොකද්ද අනාගත හීනේ?
හ්ම්ම්...හීන සහ බලාපොරොත්තු එකක් නැහැ. ගොඩක් තියනවා. එකක් ලැබෙද්දි තව අලූත් දෙයක් හැදෙනවා. උපාධිය අවසන් කරගන්න හොඳ රැුකියාවක් කරන්න වගේම හැමදාම සතුටින් ඉන්න තියනවනම් ඒවා තමයි හීන.
සටහන - නයනා උදයංගනී / ඡායාරූප - සජීව ලක්ෂාන්