මම අවුරුදු තුනේ ඉඳලාම ඩාන්සින් කළා
රංගි අප්සරා කියන්නේ නර්තනය, නිරූපණය, රංගනය යන ක්ෂේත්‍ර තුනේම නිරත වන නවක ශිල්පිනියක්. ඇය මේ වනවිට නිර්මාණ රැසකම රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම කලා ක්ෂේත්රයෙන් ලංකාව තුළ හොඳ නමක් හදාගන්නත් රංගිගේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් අපි රංගිට සාරවිට කතාබහෙන් ඉඩක් වෙන් කළේ මේ විදිහටයි.
මගේ නම රංගි අප්සරා. නර්තනය, නිරූපණය වගේම රඟපෑමේ කටයුතුත් කරනවා. මේ වනවිට නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තිබෙනවා. දැනට ක්ෂේත්රයට සම්බන්ධ වෙලා අවුරුද්දක් විතර වෙනවා.
කලාවට සහ නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම අවුරුදු තුනේ ඉඳලාම ඩාන්සින් කළා. එතකොට පාසල් කාලයේදීත් නර්තනය, රංගනය කළා. ඊටපස්සේ දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන් රංගනය පිළිබඳව හැදෑරුවා. ඒ විදිහට තමයි ක්ෂේත්රයට සම්බන්ධ වුනේ.
මේ වනවිට දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
නාලක විතානගේ මහතාගේ චිත්‍රපටයකට සම්බන්ධ වුණා. දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ටෙලි නාට්‍යයකට රංගනයෙන් සම්බන්ධ වුණා. වෙළඳ දැන්වීම්, ෆොටෝෂූට් ගොඩක් කරලා තියෙනවා.
වෘත්තීයක් විදිහටද කලාවේ නියැලෙන්නේ?
මම ගොඩක් ආසයි කලාවට. ඒ නිසා තමයි කලාවට සම්බන්ධ වුණෙත්. උසස් පෙළට හැදෑරුවෙත් නර්තනය සහ රංගනයයි. හැමදාම ක්ෂේත්රයේ රැඳිලා ඉන්න බලාපොරොත්තුවක් තිබෙනවා. කොහොමත් කලාව මගේ වෘත්තීය වෙයි.
රංගනයද අමාරු නිරූපණයද?
හරියට අධ්‍යයනය කරලා කළොත් අමාරුයි කියලා දෙයක් නැහැ. කැපවීම, මහන්සිය මත තමයි හැමදේම තීරණය වෙන්නේ.
ජීවිතයේ තිබෙන ලොකුම හීනය මොකද්ද?
ජනප්‍රියම නිළියක්, දැනුමෙන් පිරිච්ච හොඳ නිළියක් වෙන්න හීනයක් තියෙනවා. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. කොහොමහරි ඒ හීනයට යනවා.
ප්‍රවීණ අයගෙන් ලැබෙන සහය කොහොමද?
ඇත්තටම ප්‍රවීණයන්ගෙන් නවකයන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා. දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන්, ප්‍රසන්න විතානගේ මහත්මාගෙන් ඇත්තටම මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. මම මුලින්ම චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නාලක විතානගේ අයියාගේ චිත්‍රපටයකට. එහිදී ඔහුගෙනුත් ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඇත්තටම ප්‍රවීණයන් අපට හොඳට උදව් කරනවා.
පවුලේ අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මම පුංචි කාලේ ඉඳලා නැටුම් කරපු නිසා ගෙදර අය දන්නවා මගේ දක්ෂතාවයන්. ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. ගෙදරින් කිසිම බාධාවක් නැහැ. අම්මා තමයි මගේ හැමදේටම ලඟින් ඉන්නේ. අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
නවකයන් අතරේ ෆීල්ඩ් එකේ තරඟකාරීත්වයක් තිබෙනවාද?
ඇත්තම කිව්වොත් අද දක්ෂයන්ට තැනක් නැහැ. එහෙම වෙලා තියෙන්නේ ෆීල්ඩ් එකේ ඉන්න අයගෙම වැරදි දේවල් නිසාම තමයි. අපිටත් කතා කරලා තියෙනවා නිර්මාණයක් මාර්ගයෙන් වෙන වෙන දේවල්වලට. ඉතින් ඒකයි ෆීල්ඩ් එකේ දක්ෂයන්ට අද තැනක් නැහැ කියලා කිව්වේ.
ඒ කියන්නේ ෆීල්ඩ් එකට අළුතෙන් එකතු වෙන කෙනෙක්ට ක්ෂේත්රය හොඳ නැද්ද?
ක්ෂේත්රය හොඳ නැහැ නෙවෙයි. ඇත්තටම ක්ෂේත්රය හොඳයි. නමුත් තමන් දැනගන්න ඕනේ තමන්ගේ ගමන හොඳ විදිහට යන්න.
මේ ගමනේදී උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මුලින්ම මම මතක් කරන්න ඕනේ මගේ අම්මා ඇතුළු පවුලේ අයන. එතකොට නාලක විතානගේ අයියා, දමයන්ති ෆොන්සේකා මහත්මිය, ප්‍රසන්න විතානගේ සර් ඇතුළු මට වචනයකින් හරි උදව් කළ සියළු දෙනාවම මම මතක් කරනවා.
කැළුම් දේවින්ද