පඳුරකට පයින් ගැහුවාම ඔටුනු දා ගත්තු අය ගොඩක් ඉන්නවා
ත්‍රිකලා ධරණි කියන්නේ විවාහක රූ රැජිනක් වගේම සංගීත අධ්යක්ෂවරියක්. 2017 වසරේ විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට ඇය සමත් වී තිබෙනවා. ඒ වගේම සංගීත ක්ෂේත්රය පැත්තෙන් ඇය නිර්මාණ කිහිපයකටම දායක වී තිබෙනවා. ඉතින් ත්රිකලාව අපි සාරවිට කතාබහට සම්බන්ධ කරගත්තේ මේ විදිහට.
මගේ නම ත්‍රිකලා ධරණි. මගේ පදිංචිය අබුඩාබි. ලංකාවට ආවාම පදිංචි වෙලා ඉන්නේ බත්තරමුල්ලේ. මම 2017 වර්ෂයේ ලංකාවේ විවාහක රූ රැජින වෙනවා. එතකොට මම සංගීත අධ්යක්ෂවරියක විදිහටත් වැඩකටයුතු කරනවා. ළඟදීම තිරගත වීමට නියමිත Papa's House චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය, නිෂ්පාදනයෙන් සහ රංගනයෙන් දායක වෙනවා. මම මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් කියන පැජන්ට් එක ජයග්‍රහණය කරලා දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ලඩ් පැජන්ට් එකෙන් ලංකාවට මිනි ක්‍රවුන් එකක් ගෙනාපු පළමුවැනි කෙනා.
සංගීත අධ්යක්ෂවරියක ලෙස වැඩ කරන ගමන් බියුටි පැජන්ට්වලට සහභාගි වෙන්න ලැබෙන්නේ කොහොමද?
මට පොඩි කාලේ ඉඳලා හීනයක් තිබුණා බියුටි ක්වීන් කෙනෙක් වෙන්න. නමුත් මිස් පැජන්ට් එකකට සහභාගී වෙන්න ලැබුණේ නැහැ මගේ අධ්‍යාපන කටයුතු නිසා. සාමාන්‍යයෙන් කෙනෙකු විවාහ වුණාට පස්සේ තමන්ගේ රූපය කියන දේ අත්හරිනවානේ. ඉතින් මට ඕනෑ වුණේ එහෙම කෙනෙක් වෙන්නේ නැතුව රූපය හොඳට තියාගෙන දක්ෂතාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඒක නිසා මම පැජන්ට් එකට ඇප්ලයි කරා. ඊටපස්සේ මම මොඩ්ලින් ගැන ඉගෙන ගෙන ඒ දේවල් පුහුණු වෙලා ශරීරය හදාගෙන ගොඩාක් කැපකිරීම් කරලා තමයි ක්‍රවුන් එක ලබාගත්තේ. මම ක්‍රවුන් එක ලබාගනිද්දි මගේ බබාට අවුරුදු එකහාමාරයි.
ත්‍රිකලා සංගීත විශාරදවරියක් කිව්වානේ. සංගීතය පැත්තෙන් මොනවද සිදු කළ නිර්මාණ?
මම සංගීත පවුලකින් පැවත එන කෙනෙක්. මම අවුරුදු 16දි ලංකාවේ ඉන්න ළාබාලතම සංගීත විශාරදවරිය වනවා. අවුරුදු 07ක්ම විශාරදවරියක වෙන්න ඉගෙන ගත්තා. මට ගීත ගායනා කිරීම වගේම සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාවත් පවතිනවා. මම සංඛ දිනෙත් එක්ක ගීතයක් කරාලා ඒක එළිදක්වා තියෙනවා. එතකොට Papa's House චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරිය ලෙසත් කටයුතු කළා.
ඔබ ක්ෂේත්‍ර දෙකක නිරත වෙනවා. කොහොමද මේ දෙකේ අත්දැකීම්?
ඔව්. මොඩ්ලින් පැත්ත ගැන කිව්වාම මම ස්ටිල් ෆොටෝග්‍රැෆි කරනවා. කියන්න ඕනේ මම මියුසික් වීඩියෝ මොඩ්ලර් කෙනෙක් නෙවෙයි. මම මොඩ්ලින් වලින් දෙයක් ඉගෙනගෙන ලංකාව ජාත්‍යන්තරයට ගෙනියපු කෙනෙක්. අද වෙද්දි පැජන්ට් වැහි වැහැලා, සමහර අවස්ථාවලදි කලකිරීම් ඇතිවෙනවා, පඳුරකට පයින් ගැහුවාම ඔටුනු දා ගත්තු අය ගොඩක් ඉන්නවා. නැෂනල් ඩිරෙක්ටර්ස්ලා ගොඩක් ඉන්නවානේ. හැබැයි එහෙම දේවල් සිදු වුණේ මේ මෑත කාලයේදී. ජාත්‍යන්තරය නියෝජනය කළ නැති කෙනෙක් මම දකින්නේ අවුරුදු කුමාරියෙක් විදිහට පමණයි. මොඩ්ලින් පැත්තෙන් කෙටි කාලයක් වුණත් ඒ කෙටි කාලය තුළදි හොඳ අත්දැකීම් ටිකක් ලැබුණා. ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක තමයි මිසිස් යුනිවර්ස් කියන්නේ. ඒකට රටවල් 90ක් පමණ සහභාගි වෙනවා. එතකොට ඊළඟට තියෙන්නේ මිස් වර්ල්ඩ් පැජන්ට් එක. ඒකට රටවල් 50ක් පමණ පොඩි සංඛාවක් තමයි සහභාගි වෙන්නේ. ඉතින් ලෝකේ ලොකුම පැජන්ට් එකට සහභාගී වුණු කෙනෙක් විදිහට අත්දැකීම් ගොඩක් තියෙනවා. එතකොට සංගීතය කියන්නේ භාවනාවක් වගේ දෙයක්. සංගීතය කියන්නේ මම ගොඩාක් සතුටින් කරන දෙයක්. මාව බියුටි ක්වීන් කෙනෙක්, මොඩ්ලර් කෙනෙක් කියලා හඳුන්වනවාට වඩා මම ආසයි සංගීත අධ්යක්ෂවරියක විදිහට මාව හඳුන්වනවා නම්.
ඉදිරියේදී වැඩ කරන්න වැඩියෙන්ම කැමති සංගීතය පැත්තෙන්ද නිරූපණය පැත්තෙන්ද?
මම දෙකම බැලන්ස් කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. සංගීතය කියන්නේ මම පුංචි කාලේ ඉඳලා දැකපු දෙයක්. මොඩ්ලින් කියන්නේ මට ආධුනික දෙයක්. සංගීතය කියන්නේ දෙවියෝ දුන්නු තෑග්ගක් හැටියටයි මම විශ්වාස කරන්නේ. සංගීත අධ්‍යක්ෂණය, පසුබිම් ගායනය වගේ පැත්තකින් මම බොහෝදුරට ඉදිරියට එයි.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
සංගීතය පැත්තෙන් මම දායක වුණු විශාලතම නිර්මාණය තමයි Papa's House කියන්නේ. ඉතින් ඒක ළඟදීම තිරගත වෙනවා. ඉතින් ඒක තමයි මම දායක වුණු එන්න තියෙන නිර්මාණ. එතකොට මම පළමුවැනි වතාවට මුහුද යට ෆොටෝෂූට් එකක් කරා. ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා මේ දවස්වල. එතකොට ෆ්‍රාන්ස්වල මැගසින් කිහිපයකම මගේ ෆොටෝස් පළ වෙලා තිබුණා පහුගිය කාලේදි.
අවසාන වශයෙන් ඔබේ ගමනට සහාය දැක්වූ අය ගැන කිව්වොත්?
මුලින්ම මගේ සැමියා වන ඉනෝක පෙරේරාව. එයා නිසයි අද මම මෙතැන ඉන්නේ. ඊට පස්සේ මගේ පවුලේ අය. එතකොට මගේ හැමදේකටම වගේ ඉන්නවා චිත්‍රපට අධ්යක්ෂ ඉසුරු වීරසිංහ මුදලි. ඒ හැමෝටම මේ වෙලාවේදි මම ස්තුතිවන්ත වෙනවා.
සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද