මඩ ප්‍රහාර එල්ල කරලා මාව වට්ටන්න හැදුවත් මං වැටුණේ නෑ
ඇය නමින් තක්ෂලා රණතුංගය. කාලයක් ක්ෂේත්‍රය තුළින් ඉවත්ව සිට නැවතත් ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු සඳහා යොමුව තිබේ. පසුගිය කාලයේ මිසිස් ශ්‍රී ලංකා ෆෝර් මිසිස් යුනිවර්ස් යන ජයග්‍රාහිකාවක් වීමට ඇයට හැකි විය. මේ ඇය ‘සාරවිට’ සමග එකතු වූ මොහොතකි.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මම තක්ෂලා රණතුංග. මගේ ගම බෙන්තර. දැනට මම මගේම ව්‍යාපාරයක් කරනවා. ෆොරීන් මාර්කට් එකට ඇඳුම් ඩිසයින් කරනවා. ඊට අමතරව නිරූපණ කටයුතු කරගෙන යනවා.
නිරූපණය පැත්තට එකතුවීම සිදුවෙන්නේ කොහොමද?
2009 O/L කරලා ගෙදර ඉන්න කාලේ තමයි නිරූපණයට එකතු වෙන්නේ. 2009 Lion Club එකෙන් කරන තරගයකට සහභාගී වෙනවා. එහිදී තමයි මුලින්ම ක්ෂේත්‍රයට එකතු වුණේ. ඊට පස්සේ 2011 නයනා කරුණාරත්නගේ ප්‍රෝගෑම් එකට එනවා. එතැනදී ටයිටල් එකක් වින් කරනවා. එතැනින් පසුව අවුරුදු 6ක කාලසීමාවක් මම ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා ඉන්නවා.
2011 න් පස්සේ නිර්මාණ කටයුතු සඳහා දායක වුණේම නැද්ද?
කොහොමත්ම මම වෘත්තීය විදියට නිරූපණය කරන්නේ නැහැ. මම විනෝදාංශයක් විදියට නිරූපණය කරන්නේ. මගේ පොඩිකාලේ ඉඳන් ආසාව තිබුණේ මගේම කියලා ව්‍යාපාරයක් කරන්න.
ළඟදී තරගයක් සඳහා සහභාගී වෙලා ජයග්‍රහණයක් ලැබුවා. ඒ ගැන මතක් කරමු නේද?
අවුරුදු හයකට පසුව පැජන්ට් එකකට සහභාගී වෙලා ඒ අත්දැකීම ලබාගත්තා. මලින් රණසිංහ කරපු මිසිස් ශ්‍රී ලංකා ෆෝර් මිසිස් යුනිවර්ස් කියන තරගයේ ටයිටල් එකක් ජයග්‍රහණය කළා. ඊට අමතරව මිනි ටයිටල් දෙකකුත් වින් කරන්න ලැබුණා. අවුරුදු හයකට පසුව ක්ෂේත්‍රයට ඇවිත් මුලින්ම පැජන්ට් එකකට තමයි සහභාගී වුණේ. එතකොට හිතේ චකිතයකුත් තිබුණා මොනවා වෙයිද දන්නේ නෑ කියලා. කිරුළක් දිනාගැනීමේ ආසාවත් තිබුණා. කිරුළක් හිමිකරගත්තා කියලා හිතෙන කොට ගොඩක් සතුටුයි.
තරගයේ ජයග්‍රහණය කළා වගේම සමාජ මාධ්‍යයන් නිසා හිත රිද්දවාගන්නත් වුණා නේද?
ගොඩක් හිත රිදීමක් වුණා. පැජන්ට් එකේ බිකිණි පොටෝ වගයක් අප්ලෝඩ්වෙලා ගොඩක් පේජස්වලින් මඩප්‍රහාර ගැහුවා. මම දවසක් විතර හොඳටම අඬ අඬ හිටියා. ගෙදරින් නම් මට බැන්නේ නැහැ. මට කිව්වේ ඕවට ආපහු යනවනම් ඕව විඳගන්න පුරුදු වෙන්න ඕන කියලා. ක්ෂේත්‍රයේ ඉන්න සමහර අයත් මට කෝල් කරලා කිව්වා ගණන් ගන්න එපා ඔයාව වට්ටන්න තමා ඔහොම කරන්නෙ ඔයා දැන් මානසිකව වැටුණොත් ඔයාට පැජන්ට් එකට මුහුණ දෙන්න බැරිවෙනවා. එතකොට පැජන්ට් එකට සතියක වගේ කාලසීමාවක් තිබුණේ. ඉතිං කොහොම හරි හිත හදාගෙන පැජන්ට් එකට සූදානම් වුණා.
එවැනි හේතූන් නිසා ක්ෂේත්‍රය එපා වෙලා නැද්ද?
දැන් ඒවාට හැඩගැහිලා ඉන්නේ. ඒනිසා එපා වීමක් නැහැ.
ඉදිරියේදී නිරූපණයෙන් ඈත් වෙනවද? නිරූපණයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවද?
ඉදිරියේදී පැජන්ට් එකට චීනයට යනවා. ඒකට ගිහිල්ලා ආවට පස්සේ හොඳ දේවල් සඳහා ආරාධනා ලැබුණොත් භාරගන්නවා.
නිරූපණය ගැන ගොඩක් අය බලන්නේ වපර ඇහෙන්. ඒ ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ ගොඩක් ටැලන්ට් තියෙන ගොඩක් හොඳ කට්ටිය ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නේ මොඩ්ල් කෙනෙක් මොඩ්ල් කියන වචනෙ හරි පාවිච්චි කරගෙන ගොඩක් අය එක එක දේවල් කරනවා. ඒ නිසා තමයි ගොඩක් අය මොඩ්ල්ලා දිහා වැරදි විදියට බලන්නේ.
ඉදිරි බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?
ඉදිරි බලාපොරොත්තු මගේ ව්‍යාපාරය තවත් වැඩිදියුණු කරගෙන හොඳ තැනකට ගේන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මගේ දරුවන්ට රටට බරක්නොවී ජීවත්වෙන්න චරිතයක් කරන්න තමයි මම ගොඩක්ම උත්සාහ ගන්නේ. මගේ ලොකූ හීන නෑ. මම බොහොම සරලව ජීවත්වෙන චරිතයක්. ඒ වගේම මගේ පවුලේ අයටයි, මට ක්ෂේත්‍රයට එන්න උදවු උපකාර කළ සියලු දෙනාටයි මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඡායාරූප - ශමීර රාජපක්ෂ