මට හිනාවුණ අයට මගේ ටැලන්ට් පෙන්නනවා
නිරූපණය පිළිබඳ හදාරමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. තවමත් නව යොවුන්වියේ පසුවන ඇය නමින් ශලනි මධූෂායි. ශලනි ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට‘ සමගින් අදහස් දැක්වූයේ මෙලසිනි.
ඔබ කවුද?
මගේ නම ශලනි මධූෂා. මගේ වයස අවු 18 යි. මගේම ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. ඒවගේම ටෙලි නාට්‍ය පැත්තට යොමුවෙන්න අදහසකුත් තියෙනවා.
ඉගෙනීමේ කටයුතු අවසන්ද?
මම සාමාන්‍ය පෙළ කරලා තියෙන්නේ. උසස් පෙළ තාම කරලා නැහැ. ඉදිරියේදී උසස් පෙළ කරන්න ඉන්නවා.
නිරූපණයට ආවේ කොයි කාලේද?
මම දැනට නිරූපණයට ඇවිත් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා.
නිරූපණය පැත්තෙන් යම්කිසි කාර්යයන් සඳහා දායක වුණාද?
මම එහෙම ලොකුවට නිරූපණය කරනු ලැබුවේ නැහැ. සාමාන්‍යයෙන් පොටෝ ෂූට් සහ පැජනට්වලට දායකවුණා.
මේ ක්ෂේත්රයට එද්දී ගෙදරින් කැමැත්ත ලැබුණද?
ගෙදරින්නම් ටිකක් අකමැති වුණා මේ ක්ෂේත්රයට එද්දී. මොඩ්ලින් කියන දේ එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා ඒ අය කිව්වේ. මොකද ගොඩක් අය කියන දේවල් සහ දකින දේවල් එක්ක ඒ අය එහෙම හිතනවා. මේ ක්ෂේත්රය තුළ හරි විදිහට ගියොත් හරි විදිහට යන්න පුළුවන් වගේම වැරදි විදිහට ගියොත් ක්ෂේත්රය තුළ නම කැත කරගන්න පුළුවන්. මේ කාරණා එක්ක තමයි ක්ෂේත්රය තුළ රඳා පැවැත්ම තියෙන්නේ. ගෙදරට අකීකරු වෙලා තමයි මම මේ ක්ෂේත්රයට ආවේ.
ක්ෂේත්රය ගැන දැන් අවබෝධයක් තියෙනවාද?
මම ක්ෂේත්රය හොඳයි කියන්නෙම නැහැ. ක්ෂේත්රයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. සමහර අය ක්ෂේත්රය අයුතු විදිහට ප්‍රයෝජනයට ගන්නවා. ඉතිං එහෙම හොඳයි කියලා කියන්නෙත් නැහැ නරකයි කියලා කියන්නෙත් නැහැ.
නිරූපණය ලේසිද?
ක්ෂේත්රය තුළ ඉද්දි තමයි අමාරුයි කියලා දැනෙන්නේ. මේකේදී හැම පැත්තක් ගැනම අපි හිතන්න ඕනේ. කටකතා මඩ ගැසීම් කියන දේවල් හැදෙනවා. ඉතිං ඒ දේවල්වලින් පරිස්සම් වෙලා ක්ෂේත්රය තුළ හරියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
නිරූපණ ක්ෂේත්රය තුළ කැපිළි කෙටිලි තියෙනවාද?
අනිත් අයට කොහොමද දන්නේ නැහැ. මට නම් තියෙනවා.
දක්ෂයෙක්ට ඉදිරියට යන්න පුළුවන්ද?
දක්ෂ කෙනෙක්ට, මේ ක්ෂේත්රය ගැන යම් දැනුමක් තියෙන කෙනෙක්ට වැරදි පැත්තෙන් යන්නේ නැතුව හොඳ පැත්තෙන් යන්න පුළුවන්.
රංගනය ගැන අදහසක් නැද්ද?
රංගනය සඳහා ඉදිරියේදී දායක වෙන්න අදහසක් තියෙනවා. රංගන ක්ෂේත්රයට එකතු වෙලා යම් වැඩක් කරන්න පුළුවන් නම් ගොඩක් ආසයි. බලමු ඉදිරියේදී.
නිරූපණය හදාරලද තියෙන්නේ?
එහෙම ලොකුවට මම නිරූපණය හදාරලා නැහැ. නමුත් ඒ පිළිබඳව ඉගෙන ගනිමින් ඉන්නවා.
ඉදිරි බලාපොරොත්තුව?
නිරූපණයෙන් හරි රංගනයෙන් හරි හරියාකාරව ඉදිරියට ගිහිල්ල ජනප්‍රිය වෙන්න තමයි මගේ ලොකුම හීනය. මට මඩගහපු අයට, බැනපු අයට මම ස්තූති කරනවා. මම කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මට හිනා වුණ අයට මම කරන එකම දේ තමයි මම ඉදිරියට ඇවිත් පෙන්නනවා මටත් මේ දේවල් හරියට කරන්න පුළුවන් කියලා.
උදවු කරපු අය ගැන මතක් කළොත්?
මගේ ළඟින්ම ඉඳන්ම උදවු කරපු කෙනෙක් තමයි හර්ෂ අයියා. එයා ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම නිලූ අක්කිටත් සහ අර්ජුන් අයියටත් ස්තූතිවන්ත වෙනවා. ඒ අයගේ නිරූපණය ගැන ඉගෙන ගන්න ලැබුණ නිසා තමයි ක්ෂේත්රය ගැන පොඩි දෙයක් හරි දැනගත්තේ. ක්ලාස් එකේ මට උදවු කරපු අයියලා අක්කලා හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.