මට හැම විලාසිතාවක්ම ගැලපෙන්නේ නැහැ
නිහාරා කියන්නේ කාලයකට කලින් නිරූපණ ක්ෂේත්රයේ නිරත වන නිරූපිකාවක්. ඇය වෘත්තීමය නිරූපිකාවක්. නිහාරා සාරවිට කතාබහට එකතුකරගත්තේ මේ විදිහට.
නිහාරා ගැන විස්තර ටිකක් කියමුකෝ?
මම නිහාරා මධුෂානි. මගේ පදිංචිය කුරුණෑගල. මම බ්‍රයිඩ්ල් ෂූට් කරනවා. ඊට අමතරව කමර්ෂල් කරනවා.
නිහාරා මේ ක්ෂේත්රයට එන්නේ කොයි කාලේදිද?
මම එන්නේ 2009දි. එදා ඉඳලා දිගටම මේ ක්ෂේත්රයේ වැඩ කරනවා.
දායක වුණු කමර්ෂල් ගැන කිව්වොත්?
ආර්පිකෝ කමර්ෂල් කරා. ඇට්ලස් කමර්ෂල් කිහිපයක් කරා. බයෝ ටෙක් කියලා හෙයාර් කලර් ඇඩ් එකක් කරා. මම ගොඩක් කමර්ෂල් කරන්නේ නැහැ. මගේ කාලයත් එක්ක තමයි කරන්නේ. ගොඩක්ම මම කරන්නේ බ්‍රයිඩ්ල් ෂෝස් තමයි.
නිහාරා නිරූපණ ක්ෂේත්රයේ වැඩ කරන්නේ වෘත්තීයක් විදියටද?
ඔව් මම වෘත්තීමය නිරූපණ ශිල්පිණියක්.
අද නිරූපණ ක්ෂේත්රය ගැන මිනිස්සුන්ගේ තියෙන්නේ වැරදි ආකල්පයක් නේද?
ඇත්තටම ඔව්. එහෙම මේ ක්ෂේත්රයේ ඉන්න අය ගැන වැරදි ආකල්පයක් තියාගන්න ඕනේ නැහැ. අපි අපේ පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා නම් මේ ක්ෂේත්රයේ ඉන්න පුළුවන්. වැරදියට ඉන්න අයත් ඉන්නවා. තමන් තමයි දැනගන්න ඕනේ තමන්ගේ නම තියාගෙන වැඩ කරන්න. නිරූපණ ක්ෂේත්රයට එන්න බය වෙන්න ඕනේ නැහැ ඇත්තටම.
නිහාරාට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මට මෙ තැනට එන්න මගේ අම්මයි තාත්තායි ගොඩක් උදව් කරනවා. මම මේ ක්ෂේත්රයට ආපු කාලේ ඉඳලා ඒ දෙන්නා මගේ හැමදේටම පස්සෙන් ඉන්නවා. අදටත් එහෙමයි.
නිර්මාණයක් කරද්දි තෝරාගැනීමක් තියෙනවාද?
ඔව් අනිවාර්යෙන්ම. මම ආවට ගියාට නිර්මාණයක් භාර ගන්නේ නැහැ. මට කරන්න පුළුවන් දෙයක් නම් මට ඒකට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම ඒ දේ භාරගන්නවා.
නිහාරා, ප්‍රවීණයන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයක්ද?
ප්‍රවීණ අයගෙන් නවකයන්ට හොඳ සහයක් ලැබෙනවා. ඇත්තටම එයාලාගෙන් ඉගෙනගන්න දේවල් තියෙනවා.
නිහාරා විලාසිතා කරනවාද?
ඔව්. මම විලාසිතා කරන්න ආසයි. මම හැම විලාසිතාවක්ම කරන්නේ නැහැ. මට හැම විලාසිතාවක්ම ගැලපෙන්නේ නැහැ. මට ආවේණික, මට ගැලපෙන හැම විලාසිතාවක්ම කරනවා.
නිහාරා, යාළුවෝ ගැන හිතෙන්නේ මොනවද?
යාළුවෝ විවිධාකාරයි. එක එක ජාතියේ යාළුවෝ ඉන්නවා. මම ළඟින් ආශ්‍රය කරන්නේ මගේ අදහස්වලට ගැලපෙන මට හරියන යාළුවෝ විතරයි. ඇත්තටම මට ෆීල්ඩ් එකේ ඒ වගේ හොඳ උදව් කරන යාළුවෝ කිහිපදෙනෙක් ඉන්නවා.
නිහාරාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මම දැන් නිරූපණ ශිල්පිනියක් විදියට යම් තැනක් හදාගෙන තියෙනවා. මට මේ ක්ෂේත්‍ර යේ වැඩිකාලයක් ඉන්න බැරි වෙයි. ඉන්න පුළුවන් වෙනකන් හොඳට ඉන්නවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා රූපලාවන්‍යාගාරයක් පවත්වාගන්න.
රංගනයට බලාපොරොත්තුවක් නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. ඒත් ආවට ගියාට කරන්න බැහැනේ. රංගනය කියන්නේ ගැඹුරු විශයක්. ඒක අධ්‍යයනය කරන්න ඕනේ. අනාගතයේදී හදාරලා හොඳ වැඩකට දායක වෙන්න ලැබුනොත් කරනවා.
අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට සහයක් වුනේ කවුද කියලා?
මගේ අම්මයි, තාත්තයි ලොකු සහයක් දෙනවා මගේ වැඩවලට. මගේ හස්බන්ඩ් ඇතුළු මගේ පවුලේ අය මට ගොඩක් උදව් වෙනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද