මට හදිසියක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1203

මේ දිනවල තිරගත කෙරෙන ‘යූ ටර්න්’ චිත‍්‍රපටය සම්මානනීය කැමරා අධ්‍යක්ෂ චන්න දේශප‍්‍රියගෙ ප‍්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. එහි ‘මායා’ නමින් අද්භූත චරිතයකට දායකව සිටින්නේ ගම්‍යා විජේදාසය. 2009 දී ගම්‍යා කරළියට පැමිණියේ ශ්‍රී ලංකා රූ රැුජින කිරුළ හිමි කරගැනීමත් සමගය. ඒත් ඇය කලාවට සම්බන්ධව සිටින්නේ ඇයගේ ළමා වියේ සිටය. ගම්‍යා ප‍්‍රසාදිනී වෛදුර්යා වන ඇය මායා වූ මොහොතක සඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.

 

ගම්‍යා කාලයක් ලංකාවේ, කාලයක් ඕස්ටේ‍්‍රලියාවේ?

”මට නිර්මාණ ලැබෙන විදියට මෙහෙත් ඉන්නවා, එහෙත් යනවා.”2019-12-18-ent-1204

 

මොනවද වැඩ?

”කලා ක්ෂේත‍්‍රයේ වැඩ තමයි. රංගනයෙන් වගේම රූපවාහිනී සහ අනෙකුත් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටිනවා. ඕස්ටේ‍්‍රලියාවෙ දැනට ප‍්‍රචාරය කෙරෙන දැන්වීම් දෙකකට පෙනී සිටියා. ඒ වගේම එහිදී සංවිධානය කෙරෙන විවිධ කලා ඉසව්වලට දායකත්වය ලබා දෙනවා.”

 

ඒ කියන්නෙ ගම්‍යා රටවල් දෙකටම අයිතියි?

”ද්විත්ව පුරවැසිභාවය තියෙනවා.”

 

උපන්නෙ?

”උපන්නෙ ලංකාවෙදි. ඉන්පසුව ඕස්ටේ‍්‍රලියාවෙ පදිංචියට ගියා. කලාවට සම්බන්ධ වුණේ කුඩා කාලයේ ඉඳලාමයි. පසුව ශ්‍රී ලංකා රූ රැුජින වීමෙන් අනතුරුව 2010 දී විතර ඉන්දියාවට ගිහින් එහි සිනමා අංශයට සම්බන්ධ වී වසර පහ හයක් සිටියා. 2016 දී නැවත ලංකාවට ආවා. ඇවිත් රියැලිටි ප‍්‍රසංගයක් මෙහෙයවීමට නිවේදනයෙන් සම්බන්ධ වුණා. ඒ විදියට කටයුතු කරද්දි තමයි අරුණ ජයවර්ධන මහතාගේ ‘1970 ලව් ස්ටෝරි’ චිත‍්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ. ‘යූ ටර්න්’ චිත‍්‍රපටයේ රඟපෑමට ලැබුණෙ ඊට පසුවයි.”

 

එතකොට මේ ගම්‍යා කියන්නෙ හරියටම කවුද? නිවේදිකාවක් ද? රංගන ශිල්පිනියක් ද?

”ප‍්‍රධානව රංගන ශිල්පිනියක්. ඒ වගේම ව්‍යවසායිකාවක්. විලාසිතා නිර්මාණ අංශයේ මගේම ව්‍යාපාරයක් ජාත්‍යන්තරව පවත්වාගෙන යනවා. රංගනයෙහි කොටසක් ලෙස නර්තනය සහ නිවේදන කටයුතුවලත් යෙදෙනවා. ඒ අතරේ තවදුරටත් මගේ උසස් අධ්‍යාපන කටයුතුවලත් නිරත වෙනවා.”

 

තවම උසස් අධ්‍යාපනය ඉවර කරලා නැද්ද?

”වරලත් අලෙවිකරණ අංශයේ පශ්චාත් උපාධිධාරිනියක්. එය මගේ දෙවැනි උපාධියයි. ඒ විදියට තවත් ඉදිරියට විවිධ අංශවලින් ඉගෙන ගන්නවා.”

 

යූ ටර්න් ‘මායා’ ගැන කතා කරමු?

”මට මායා චරිතය ලැබුණෙ චන්න දේශප‍්‍රිය මහතා නිසයි. මම රඟපෑ පළමු චිත‍්‍රපටය වන අරුණ ජයවර්ධන මහතාගේ ‘1970 ලව් ස්ටෝරි’ චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ චන්න දේශප‍්‍රිය මහත්මයා. එදා එහි රඟපාද්දි ඔහුට ඇති වූ විශ්වාසය මත මට මේ ‘මායා’ චරිතය කරන්න පුළුවන් කියලා හිතන්න ඇති. මේක වෙනස්ම විදියෙ චරිතයක්. වෙනස් තේමාවක කතාවක්. ත‍්‍රාසය සමග අද්භූත ගණයේ තේමාවක් රැුගත් මෙය ශ්‍රී ලංකාවට තරමක් අමුතු නිර්මාණයක්. චන්න දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙස ‘යූ ටර්න්’ චිත‍්‍රපටයේ ‘මායා’ චරිතයට දායකවීමට ලැබීම ගැන අද මම සතුටු වෙනවා. ලැබෙන ප‍්‍රතිචාර ගැන මම හරිම තෘප්තිමත්.”

 

ඔබ මෙහි රඟපාන්නෙ අවතාරයක් ලෙසයි. සැබෑ ජීවිතයේ ඒ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනව ද?

”අද්භූත දේ ගැන විශ්වාස කරනවා. මම හිතනවා ඒ වගේ දේ ඇති කියලා. ඒත් අවතාර හෝ අද්භූත දේ දැකලා නම් නැහැ. අපි අදහන ධර්මය එක්ක ප‍්‍රතිපත්තිගරුක ශීලයක් රකිනවා නම් එවැනි දේවල බලපෑම අඩුයි කියලයි හිතන්නෙ.”

 

බය වෙච්ච තැතිගත් අවස්ථා නැද්ද?

”හොල්මන් කෙසේ වෙතත් මිනිසුන්ට නම් බය වෙලා තියෙනවා. සංචාරය කරද්දි පාලූ තැන්වලින් එහෙම යද්දි කළුවර වැටුණ වෙලාවට තැතිගැන්වූ අවස්ථා තියෙනවා.”

 

‘මායා’ නිසා ගම්‍යා දිහා අද බොහෝ දෙනා බලන්නේ බයෙන් වගේ නේද?

”පොඩි ළමයින් නම් මගේ දිහා බලන්නෙ තැතිගැන්මෙන් වගෙයි. ‘ආ මෙන්න යූ ටර්න් එනවා’ කියලා එයාලා කියනවා. මේ චිත‍්‍රපටය හරහා පොඩි ළමුන්ට සමීප වීමට ලැබීම සතුටට හේතුවක්. නරඹන අයට මේ චිත‍්‍රපටය හා චරිතය ගැන යම්කිසි හැඟීමක් දැනෙනවා නම් ඒක මට ලොකු සතුටක්.”

 

ගම්‍යා මේ හැර රංගනයෙන් දායක වූ අනෙක් නිර්මාණ මොනවා ද?

”චිත‍්‍රපට කිහිපයකටම මීට පෙරත් ආරාධනා ලැබුණා. ඉදිරියටත් ලැබේවි. හැබැයි මම මට ගැළැපෙන හොඳ දේ විතරයි බාර ගන්නේ.”

 

‘යූ ටර්න්’ චිත‍්‍රපටයේ යූ ටර්න් ගහන්න ගිහිල්ලා වෙච්ච සිදුවීම් එහෙමත් ඇති?

”මීට පෙර ස්කූටර් එකක් පැදලා තිබුණෙ නැහැ. අධ්‍යක්ෂවරයා හිතන් ඉඳලා තියෙන්නෙ මට ස්කූටර් පදින්න පුළුවන් කියලයි. කොහොම හරි ඒ අවස්ථාව රූගත කරන්න විනාඩි දහයකට කලින් තමයි ස්කූටරය පදින්න පුරුදු වුණේ. මට තනියම නම් ප‍්‍රශ්නයක් නැහැ. තව පොඩි දරුවකු එක්ක පදින්න තිබුණෙ. ඒ වෙලාවෙ ‘යූ ටර්න්’ චිත‍්‍රපටයේ කණ්ඩායමෙන් ලැබුණෙ ලොකු සහයෝගයක්. මේ චරිතයේම කොටසක් නිසා හිතට ධෛර්යය අරගෙන ත‍්‍රිවිධ රත්නය සිහිපත් කරගෙන පෙනී සිටියා. මේ චිත‍්‍රපටයේ බොහෝ අවස්ථා අපි හරි විනෝදයෙන් කළේ. විවාහ වීම, බබා ලැබීම ඒවා මගේ ජීවිතයේ අත්දැකීම් නොවෙයි. වතාවක විවාහ වෙද්දි මම වැරැුදි ඇඟිල්ලට මුදුව දාලා තිබුණෙ. ඉතින් කණ්ඩායමේ අයට ඒක විහිළු සහගත අවස්ථාවක් වුණා.”

 

කාලයක් ඔබ ඉන්දියාවේ බොලිවුඩයට ගිහිල්ලානෙ හිටියෙ. එහිදී සුපිරි බොලිවුඞ් තරු එහෙමත් මුණගැහෙන්න ඇති?

”ෂාරුක් හැරෙන්නට අනෙක් ඔක්කොමලා වගේ මුණගැහිලා කතා කරලා තියෙනවා. පුද්ගලික මිත‍්‍රකම් නැතත් යාළුවෝ වගේ කතා කරන අය ඉන්නවා.”

 

ගම්‍යා මේ දක්වා ආ ගමන ගැන හිතන්නෙ කොහොම ද?

”ජීවිතයේ මම යන්නෙ සැලැස්මක් එක්කයි. ප‍්‍රතිපත්ති එක්ක යන ගමනක්. කෙටි මාර්ග හොයාගෙන යන්න උත්සාහ ගත්තෙ නැහැ. අමාරුවෙන් අසීරුවෙන් ප‍්‍රතිපත්ති එක්ක යන ගමනට මම ආසයි. තවම මම මේ ගමන පටන් ගත්තා විතරයි.”

 

ගම්‍යාගේ පෞද්ගලික ජීවිතේ විස්තර මොනවා ද?

”පවුලේ එකම ළමයා මමනේ.”

 

මව්පියන් කියන්නෙ නැද්ද දැන් තනියම හිටියා ඇති කියලා?

”බලපෑම් නැහැ. මට හදිස්සියකුත් නැහැ. වැරැුදි තීරණ ගන්නවාට වඩා පහුවෙලා හරි හොඳ තීරණයක් ගැනීම තමයි වටින්නේ. ආදරයට විවාහයට සුදුසු වෙලාව ආවම සුදුසු දේ ලැබේවි. ඒක ආයෙ හංගන්න දෙයක් නොවෙයිනේ.”

 

ගම්‍යා බොහෝ අංශවලට දක්ෂයි නේද?

”රංගනය හැර නර්තනය, ගායනය, නිවේදනය, ක‍්‍රීඩාවලටත් දක්ෂ වුණා. භාෂා ප‍්‍රගුණ කරන්නත් ආසයි. සිංහල හැර ඉංග‍්‍රීසි දෙමළ සහ හින්දි ගැන යම්කිසි ප‍්‍රමාණයක දැනුමක් තියෙනවා.”

 

ඉදිරියේදී ගීත එහෙමත් ගයාවි වගෙයි?

සමහර විට

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ