යාළුවෝ අතරට යන්නේ ෂෝෂල් මීඩියාවලින්
නිරූපණය තුළින් කලා ලොවට පැමිණි ශානිකා මේ වනවිට රංගනයට පිවිස සිටින්නීය ටෙලි මෙන්ම සිනමාවටද පැමිණි ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට' මෙලෙසින් සම්බන්ධක කරගත්තෙමු.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මම ශානිකා දිල්හානි ලියනගේ. අපේ අක්කා සැලුන් එකක් කළා. මම මුලින්ම ඒ පිළිබඳ ඉගෙන ගත්තා. ඒ මාර්ගයෙන් නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට ආවා. මගෙ හොඳම යාළුවෙක් ඉන්නවා මල්ෂා සෙව්වන්දි කියලා. එයාගෙන් තමයි ඇක්ට් කරන්න ඉගෙනගත්තේ.
නිරූපණයට එන්නේ ඔබ කොයි කාලෙද මොකක් නිසාද?
සැලුන් එක නිසා තමයි. මුලින්ම බ්‍රයිඩ්ල් කළේ. ඊට පස්සේ මට ෆොටෝ ෂූට් හම්බ වුණා. මම මෝස්තර නිරූපණ ශිල්පිනියක්. මොඩ්ල් කෙනෙක් වෙන්න තරම් උස නැහැ මම. මල්ෂා අක්කගෙන් තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ.
රංගනයෙන් ඔබ දායක වුණ වැඩකටයුතු මොනවාද?
මුලින්ම මම ගියේ කාසි වත්ත 2 ටෙලි නාට්‍යයට. ඊට පස්සේ ආටක නාටක වැඩ කරගෙන යනවා දැනටත්. සුසිලා කෝට්ටගේ මහත්මියගේ ෆිල්ම් එකෙත් ඉන්නවා. මේ ළඟදී ගියා සල් සපුනා එකට. ඒ හැර ෆිල්ම් දෙකක වැඩ කරලා තියනවා.
ඔබේ වෘත්තිය නිරූපණයද? රංගනයද? නැත්නම් වෙන දෙයක්ද?
මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔබ ඒ පිළිබඳව හදාරලද තියෙන්නේ?
මම හදාරලා නෑ. මම මහින්ද සර්ගේ ක්ලාස් යන්න ඉන්නේ. ඇත්තටම මම හරි ආසයි ඒ ගැන ඉගෙනගන්න. මම තාම අලුත් ඇවිත් මාස 4ක් වගේ. මාස 4 ට මට ගොඩක් වැඩ හම්බ වුණා. ඉතින් ඒවත් එක්ක මට ක්ලාස් යන්න වෙලාවක් හම්බ වුණේ නෑ.
මේ ක්ෂේත්රයට ආවට ගෙදරින් ප්‍රතිචාර කොහොමද?
ගෙදරින් ගොඩක් උදවු කරනවා අම්මලා තාත්තලා ඔක්කොම. ඒ වගේම මම එන්ගේජ් වෙලා ඉන්නේ හස්බන් ගොඩක් උදවු කරනවා. ඒ හැර මගේ යාළුවෝ තමයි ගොඩක්ම උදවු කරන්නේ.
නිරූපණය කියන දේට නවකයන් ගොඩක් එනවා. තරඟකාරීත්වය වැඩියි. ඒ ගැන මොකද හිතන්නේ?
මම බ්‍රයිඩ්ල් ෂෝ ෆොටෝ ෂුට් කරන නෝමල් මොඩ්ල් කෙනෙක්. නිරූපණය තුළ ඉතින් ෆේස්බුක් තරු තමයි ගොඩක් දුරට ඉන්නේ.
ඔබත් ෆේස්බුක් තරුවක්ද නැත්නම් හැකියාවෙන් ආපු කෙනෙක්ද?
මම හැකියාවෙන් ආවේ. මට වැඩ එන්නේ මගේ ෆීචර්ස් එක ලස්සනයි කියලා. මට ෂෝෂල් මීඩියා වලිනුත් ගොඩක් උදවු තියනවා. යාළුවෝ අතරට යන්නේ ෂෝෂල් මීඩියාවලින්.
නිරූපණ ශිල්පිනියන්ට අද තියන තැන අඩු වෙලා තියනවා මේ ගැන මොකද හිතෙන්නේ?
අපිට හැමදේම කරන්න හරි මාර්ගයක් තියනවා. සමහරු ඉක්මනට දියුණු වෙන්න වැරදි මාර්ගයේ යනවා. නිරූපණය කියන්නේ ගොඩක් වැදගත් ජොබ් එකක්. ඒක කරන්න වෙනමම පිරිසක් ඉන්නවා. මෝඩ්ලින් කරන්න තෝරාගෙන සමහර අය වෙනමම පැත්තකට ගිහින් ඒක හෑල්ලුවට ලක් කරන එක තමයි ප්‍රධානම හේතුව.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මගේ එකම බලාපොරොත්තුව ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වෙන එක. මම ඒ වෙනුවෙන් හැමදේම කරනවා. ඒ ගැන තව ඉගෙනගන්නවා. අත්දැකීම් ගනිමින් සිටිනවා. මේ ළඟදි මං නැති දා කියන ටෙලිනාට්‍යයේ මේන් එකේ හිටියා. ගොඩක් ඒක්ස්පීරියන්ස් ආවා ඒකෙන්. එයාලා කියලා දුන්නා ගොඩක් දේවල්. ඒ අතරම නිරූපණ වැඩකටයුතුත් කරගෙන යනවා.
මතක් කළ යුතු පිරිසක් ඇති ඒ අය ගැනත් මතක් කරන්න?
මුලින්ම ෆොටෝ ෂූට් එක කලේ සුරේෂ් ශාමන්ද ගමගේ අයියගෙන්. එතැනින් තමයි මම නිරූපණයට ආවේ. මගේ අක්කාගේ සැලුන් එක නිසා. මගේ සහෝදරිය වගේ මට උදවු කළ මල්ෂා සෙව්වන්දි මගේ යාළුවා. එයා තමයි මාව රංගනයට එන්න උදවු කළේ. ඉන්දියන් ටෙලිනාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවේ. එතැන චතුර අයියා, දිල්ෂාන් ගමගේ, හර්ෂ අයියා ඒ වගේම මට උදවු කළ නම් නොකියපු හැමෝම ආදරයෙන් මතක් කරනවා.