මට ප්‍රවීණයන්ගෙන් දැනමුතුකම් ලැබුණා
අවුරුදු කුමරිය තරගය ඔස්සේ නිරූපණ කලාවට පැමිණි ඇය ප්‍රසාදි රාජපක්ෂ වෙයි. මෙවර සාරවිට සමගින් මෙලෙස එක්වූවාය.
ඔබ ගැන කිව්වොත්?
මගේ නම ප්‍රසාදි රාජපක්ෂ. පදිංචි වෙලා ඉන්නේ කඳානේ. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ අයියා විතරයි.
ක්ෂේත්රයට එන්නේ කොහොමද?
2014 වර්ෂයේදී දෙරණ අවුරුදු කුමරියය තරගයෙන් දෙවැනි තැනටද, 2015 වර්ෂයේදී සිරස කුමරිය තරගයෙන් අවසන් 09 දෙනා අතරටද, 2015 ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය තරගයෙන් අවසන් 12 අතරටද තේරුණා. එතැනින් තමයි ක්ෂේත්රයට එන්නේ.
මේ දවස්වල කොහොමද කාර්යය බහුලත්වය?
සුපුරුදු විදිහටම Bridal Shootsවල වැඩ බාරගෙන යනවා.
අධ්‍යාපන කටයුතු අවසන්ද දැන්?
අධ්‍යාපනය කියන්නේ අවසන් වන දෙයක් නෙමෙයි. අපි හැමදාම ජීවිතයට යමක් ඉගෙන ගන්නවා. හදාරමින් සිටි ඩිප්ලෝමා එක ඉවර කළා.
නිවේදනය පැත්තට තිබ්බ ආසාවට මොකද වුණේ?
මට රංගන පැත්තෙන් දක්ෂතා තියන බව දැනුණා. මේ වනවිට Music Videoවලට දායක වෙනවා.
නිරූපණයද දැන් වෘත්තීය එහෙම නැතිනම් වෙනත් වෘත්තීය යෙදෙනවාද?
ටික කාලයක් Avendra Garden Hotel හි Banquet Coordinator ලෙස සේවය කළා.
කාලයක් වෙනවා මේ ක්ෂේත්රයට ඇවිත්? එදා සහ අද වෙනස කොහොමද?
මුල් කාලෙට වඩා දැන් අත්දැකීම් වැඩියි. මේ ක්ෂේත්රයේ තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. දවසින් දවස ඒ දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා.
කාලයත් එක්ක නිරූපණය ගැන ආසාව වැඩි වුණාද? නැත්නම් එපා වුණාද?
මම නිරූපණ ක්ෂේත්රයේ සෑමදේම තෝරා බේරාගෙන මට සුදුසු ඒවා නම් පමණයි බාර ගන්නේ. ක්ෂේත්රයේ ප්‍රවීණයන් සමග කටයුතු කිරීමට ලැබුණා. මේ පොඩි කාලයේදී ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔබ නිරූපිකාවක් වශයෙන් ක්ෂේත්රය තුළ ස්ථාවරද?
නිරූපිකාවක් ලෙස කටයුතු කරන්නේ ක්ෂේත්රයට මා තුළ ඇති ආදරය සහ භක්තිය නිසා. ඉතිං මට දැන් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් ලැබෙනවා. රූපවාහිනියේ මංගල වැඩසටහන්වලට නිරූපණය කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා.
නිරූපිකාවන්ට ඇයි හැමෝම චෝදනා කරන්නේ?
ගැහැණු ළමයෙකු ලෙස තමන් තුළ ස්වයං විනයක් තිබිය යුතුයි. ඒ මෙන්ම ක්ෂේත්රය තුළ කටයුතු කිරීමේදී තමන්ට ගරුත්වයක් ලැබෙන ලෙස වැඩ කිරීම අත්‍යවශ්‍යයි.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
Music Videoවලට දායක වෙන්න ආසාවක් තියෙනවා. ඉතිං කවුරු හරි ආරාධනා කළොත් ඒක ආසාවෙන් භාරගන්නවා.
අතහිත දුන් අය ගැන අවසානයට මතක් කළොත්?
මම මේ ගමන ආවේ ගොඩක් අමාරුවෙන්. මේ ගමනේදී අම්මා මට ගොඩක් උදවු කරනවා. හැම Shoot එකකට අම්මත් එක්ක යන්නේ. ඒකෙන් ලැබෙන සහයෝගය වචනයෙන් කියන්න අමාරුයි. ඒ වගේම තාත්තා ඇතුළු පවුලේ කට්ටිය විශේෂයෙන්ම ක්ෂේත්රයේ යාළුවන් Beauticians, Photographer ලා, Directors ලා මට ගොඩක් උදවු කරනවා. ඒ අතරින් ගගන උදාර අයියා තමයි දැනට වැඩිම වාර ගණනක් මාව හැඩ ගන්වලා තියෙන්නේ.