මට නම් ඇදුනුම්කම්වලට නෙමෙයි චරිත ලැබෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-06-ent-244

මේ දවස්වල සිදුවෙන වැඩ කටයුතු මොනවද?

2017-09-06-ent-250සිඩ්නිවලප්‍රසංගයක් තිබ්බා. මම හිතන්නෙ ඒක හොඳම නර්තන ප්‍රසංගයක්. එය මගේ පළවෙනි විදේශ ප්‍රසංගය. මේ 07 වැනිදා ඩුබායි යනවා ‘රිද්ම රැයක්’ ප්‍රසංගයට. මේ දිනවල’එක රෑනේ කුරුල්ලෝ^ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙනවා.

 

පසුගිය කාලය පුරාවට ක්ෂේත්‍රයේ පිරිසගේ විවිධ රියලිටි ෂෝ තිබුණා. ඒ සම්බන්ධව විවිධ කතා ඇති වුණා. ඒ දේවල්වලට සහභාගි වුණ කෙනෙක් විදියට ඔබේ අදහස මොකක්ද?

සමහරු කියනවා ඒක හොඳ දෙයක් කියලා. තවත් සමහරු කියනවා ඒක වැරදියි, අලුත් කෙනෙක්ට අවස්ථාවක් නැහැ කියලා. හැබැයි මම දකින්නෙ රංඟන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඒ වගේ තරග වැදගත්. තමන්ට ඉදිරිපත් කර ගන්න නොහැකි වුණුහැකියාවන් ඒ වගේ තරගවලින් මතුකර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ වෘත්තියේ දී යොමු වෙන්නෙ රංගනය හෝ නර්තනය පැත්තෙන් විතරයි. හැබැයි ගායනය, විකට රංගනය වගේ දේවල්වලට යොමු වන්න මේ වගේ තරගවලින් අවස්ථාව ලැබෙනවා.

 

තාරුකා මේ දවස්වල එකම නාළිකාවක වැඩිපුර දකින්න ලැබෙනවා. ඒකට මොකක් හරි හේතුවක් තිබෙනවාද?

නෑ. එහෙම එකම නාළිකාවක නැහැ. හිරු එකෙත් ‘පත්තිනි^ විතරයි දැනට විකාශය වෙන්නෙ.

 

ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතය ලැබෙන්නත්, රූපවාහිනියේ නිතර දකින්නත් ඇදුනුම්කම් තිබෙන්න ඕන කතාව ඇත්තද?

අනේ මන්දා. ඒක නම් ඇත්තටම මම දන්නෙ නැහැ. මම එහෙම ලොකුවට ගනුදෙනු කරන කෙනෙක් නෙමේක්ෂේත්‍රයේ වුණත්. ඒ වුණාට ඉතිං නිර්මාණ ලැබෙනවා. චරිතයට ගැළපෙනවනම් අනිවාර්යෙන්ම ගන්නවා. මට නම් එහෙම ඇදුනුම්කම්වලට නෙමේ චරිත ලැබෙන්නේ.

 

කාලෙන් කාලෙට හැදෙන මේ කටකතාවල ඇත්තක් තිබෙනවාද?

මටත් එහෙම කටකතා හැදිලා තිබෙනවා. නමුත් ඒ දේවල් ඔළුවට ගන්න ඕනනැහැ. ඒ දේ අද වෙද්දි ක්ෂේත්‍රයේ පුරුද්දක් විදියට ගිහිල්ලා. ප්‍රසිද්ධ චරිතයක් අරගෙන මොකක් හෝ කටකතාවක් හදනවා. ඒ දේ මිනිස්සු අතරට යවලා මොනවා බලාපොරොත්තු වෙනවාද කියලා මම නම් දන්නෙ නැහැ. ඒ දේවල් ඔළුවට ගන්නෙ නැතිව තමන්ගෙ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කතා කළොත්?

පිටරට ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. ඒ දේවල්වලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ මාසෙ ‘කැළෑ හඳ^ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම් පටන් ගන්නවා. ඒකටත් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම චිත්‍රපටයකත් රූගත කිරීම් ළඟදිම කරන්න බලාගෙන ඉන්නවා.

 

සටහන/ ඡායාරූප - සරසි නෙත්මිණි

 

 2017-09-06-ent-249 2017-09-06-ent-248 2017-09-06-ent-247 2017-09-06-ent-246 2017-09-06-ent-245