මට තියෙන්නේ ඇමෙරිකන් පෙනුමක්
වෙළෙඳ දැන්වීම් රැසක් තුළින් ඔබ හමුවුට එන වගීෂා ඉෂාන්ති සමගින් අද 'සාරවිට' තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. වෙළෙඳ දැන්වීම්වලට අමතරව කලා කටයුතු බොහෝමයකට දායක වී ඇති වගීෂා කලාවෙන් ඉදිරියට යාමට සිහින දකිමින් සිටියි. මේ පිළිබඳව ඇය අපට මෙසේ පවසා සිටියා.
කලාව පැත්තට ඔබ යොමු වුණේ?
පුංචි කාලේ ඉඳන් ලොකු අසාවාක් තිබුණා කලාව පැත්තට. ගොඩක් කට්ටිය මට කිව්වේ මට තියෙන්නේ ඇමෙරිකානු පෙනුමක් කියලා. ඒ වගේම ඇඟට සරිලන උසකුත් මට තියෙන නිසා නිරූපණ ක්ෂේත්රයට නම් මාව ගොඩක් ගැළපෙනවා කියලා. ඉතින් ඒ අයගේ ප්රතිචාරත් එක්ක ගොඩක් ආස හිතුණා කලාව පැත්තට යොමු වෙන්න. දැනට මාස 6කට විතර කළින් තමයි මේ මම ක්ෂේත්රයට යොමු වුණේ.
රූපරාජිනි තරග ගොඩකට ඔබ ඉදිරිපත් වෙලා තියෙනවා?
2016 වසරේ පැවති %සිරස අවුරුදු^ කුමරිය තරගයේ පළමු 12 දෙනා අතරට ආවා. මේ වසරේ තිබුණ %දෙරණ^ අවුරුදු කුමරිය තරගයේදී පළමු 12 දෙනා අතරට ආවා. ඊට අමතරව %දෙරණ^ මිස් ශ්රී ලංකා තරගයට සම්බන්ධ වෙලා එහි අවසන් වයට සුදුසුකම් ලබාගත්තා. දැනට ක්රියාත්මක වෙන සිරස %ෆිල්ම් ස්ටාර්^ රියලටි වැඩසටහනේ අවසන් 24 දෙනා අතරටත් මම ආවා.
වෙළෙඳ දැන්වීම්වල තමයි ඔබව වැඩිපුර දකින්න ලැබෙන්නේ?
ගොඩක් රූපවාහිනී වෙළෙඳ දැන්විම් තමයි කරලා තියෙන්නේ. 'එයාර්ටෙල්', ජාතික ඉතිරි කිරීමේ බැංකුව, නේචර් සීක්රට් වගේම තවත් වෙළෙඳ දැන්වීම් රැසකටම මම පෙනී ඉඳලා තියෙනවා.
නිරූපණ ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
නිරූපණ ක්ෂේත්රය ගැන නම් ගොඩක් දේවල් හිතෙනවා. සමහර අය හිතන්නේ එකක් දෙකක් කරපු ගමන් මං ජනප්රියයි කියලා. නමුත්, එහෙම නෙවෙයි. මටනම් ඕනා මිනිස්සුන්ට දැනෙන යමක් කරලා මිනිස්සු ආදරය කරන චරිතයක් වෙන්න. එක රැයින් ජනප්රිය වෙන්න මට උවමනාවක් නැහැ. හිමින් ගමනක් ගිහින් හොඳ නිරූපණ ශිල්පියෙක් වෙන්න වගේම හොඳ රංගන ශිල්පිනියක් වෙන එක. ඒ වගේම මිනිස්සුගේ මතකයේ රැඳෙන කලා කටයුතුවලට දායක වෙන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ.
පොඩි කාලේ වගීෂාගේ හිනේ වුණේ?
මම පොඩි කාලේ ඉඳලාම ආස වුණේ ඩ්රාමා ටීචර් කෙනෙක් වෙන්න.
උදවු කළ අය?
චන්දන හේවාපතිරණ සර්, ප්රියන්ත ලලිත් සර්, සමීර් සර්, ඉන්දික අංකල්, රමේෂ් දේවගේ අයියා, හිරන්ත අයියා, මලිත් පතිරණ අයියා, ශිරාන්, නඳුන් අනුපම අයියා, රස්මින්ද ගුණරත්ත සර්, සමනලී ආන්ටි, හසිත විතානගේ, ධනංජය මංචනායක අයියා, සිතාර සර්, මහේෂ් චාමික අයියා, මගේ අම්මා තාත්තා, නංගි ඇති පවුලේ අය.