මට තාම 18 යි
‘‘රඟපෑමට එන විට මගේ වයස අවුරුදු 12යි. මුලින්ම රඟපෑවේ වේදිකා නාට්‍යයක. එහි රඟපෑම වෙනුවෙන් 2015 රාජ්‍ය ළමා නාට්‍ය උළලේ දී කුසලතා සම්මානයක් ලැබුවා. ඉන්පසුව වෙළඳ දැන්වීමක නිරූපණයට අවස්ථාව ලැබුණා. එළියකන්ද ටෙලිනාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ ඉන්පසුවයි.’’ එලෙසින් රංගනයට පැමිණ සිටි වගීෂා සල්ගාදු, තාල සහ පහ සමත් චිත්‍රපටයේ රඟපෑවේ ඉන්පසුවයි. ඉනික්බිතිව එමී, දෙයියන්ගේ රටේ සහ කෝටිපතියෝ සමඟ ළමා නිළියක ලෙස ටෙලි තිරය හැඩ කළ ඇය මේ දිනවල අපට හමුවන්නෙ, ‘Inter නැසනල්’ නාට්‍යයේ සුලෝචනා ටීචර් නමැති චරිතය සමඟයි. එලෙසින් හමුවන දක්ෂතා පිරුණු වගීෂා සල්ගාදු යොවුන් රංග ශිල්පිනිය සමඟ අපි පිළිසඳරකට එක්වෙමු.
• වගීෂා සල්ගාදු? තවත් නම් තියෙනවද?
මගේ දෙවැනියට තියෙන්නෙ හංසනී කියලා. කුඩා කාලයේ දී වැඩිපුර භාවිතා කළේ ඒ නම. ලොකු වුණාම තමයි ‘වගීෂා’ කියන්න පටන් ගත්තෙ. කුඩා කාලයේ දී කවුරු හරි මගෙන් ඇහුවාම නම මොකක්ද කියලා මම කිව්වෙ හංසිනී කියලයි.
• අම්මා තාත්තා කතා කරන්නෙ?
චූටි දුව, චූටි මැණිකේ, නැත්නම් පොඩ්ඩි.
• අපි කොහොමද කතා කරන්න ඕනෙ?
‘වගීෂා’ කියනවාට ආසයි. ඒ වගේම කවදාහරි මම රඟපෑ චරිතයක් නිසා, මාව අමතනවා නම් ඒකට කැමතියි.
• ‘වගීෂා’ කියන එකේ තේරුම?
‘සරස්වතී’ දේවියට කියන තවත් නමක්.
• සැබෑ ජීවිතයේ ‘වගීෂා’ කොහොම කෙනෙක්ද?
හරිම නිහතමානී, ඕනෑම කෙනෙකුට උදවු කරන, අභියෝග බාර ගන්න කැමති කෙනෙක්.
• පවුලේ විස්තර කිව්වොත්?
අම්මයි, තාත්තයි, අක්කයි, මමයි.
• ‘කලා’ පවුලක්ද?
අම්මටයි, තාත්තටයි, අක්කටයි ඒ දක්ෂතාවය තියෙනවා. තාත්තා සංගීත ශිල්පියෙක්. සංගීත කණ්ඩායමක් පවා තිබුණා. දැන් තාත්තා ව්‍යාපාරික කටයුතුවල යෙදෙනවා. අපේ අම්මට නර්තනය, රඟපෑම පුළුවනි. ඉස්සර ඔෆිස් යන කාලයේ නිරූපණයටත් පෙනී සිටියා. ටෙලිඩ්රාමාවලත් රඟපාලා තියෙනවා. අක්කට හොඳට චිත්‍ර අඳින්න වගේම, නර්තනයත් පුළුවනි. එයා අංශ කීපයකටම දක්ෂයි.
• එතකොට ‘වගීෂා’ දක්ෂ මොනවටද?
ඔන්න ඔතැනදි තමයි මම හිරවෙන තැන. ඔය ප්රශ්නය අහපුවාම මට කියන්න තියෙන ලිස්ට් එක වැඩියි.
• කියමු බලන්න ඒ ලිස්ට් එක?
රඟපෑම, ගායනය, නර්තනය, නිවේදනය, සංකල්ප නිර්මාණ කටයුතු කරනවා. ළමයින්ට නාට්‍ය විෂය සහ මනෝවිද්‍යාව ගැන උගන්වනවා. ඒ වගේම ඩ්‍රාමා තෙරපි කරනවා. ගේය පද රචනය කරනවා, නර්තනාංග වේදිනියක ලෙසත් විවිධ ඉසව් වෙනුවෙන්, නිර්මාණය කරනවා. වේෂ නිරූපණය කරනවා. කෙටි චිත්‍රපට දෙකකට කළා. එයින් එකකට ඇමරිකාවේ පැවැත් වූ ග්ලෝබල් ලිෆ්ට් ඕෆ් උළෙලේ දී, තරුණ නැගී එන වේෂ නිරූපණ ශිල්පිනියක ලෙස නිර්දේශ වුණා. ඊටත් අමතරව වේදිකා නාට්‍ය කීපයක සහාය අධ්යක්ෂණයට දායක වුණා. කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය යටතේ කළ නිර්මාණ කීපයකට. නිවේදන කටයුතුත් කරනවා. ජාතික නාලිකාවේ සහ ස්වාධීන රූපවාහිනියේ, වැඩසටහන් කීපයක්ම කළා. ඉදිරියේ දී තව කීපයක් විකාශයට නියමිතයි. ළමුන් සඳහා වූ වැඩසටහනක් පුද්ගලික නාලිකාවක කළා. ඊටත් අමතරව හඬ කැවීම් ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා.
• මේක මහ පුදුම ලිස්ට් එකක්නෙ?
ඔව් සමහර ඒවා මටත් මතක නැහැ. විශේෂම දේ මේ ක්ෂේත්රය ඇතුළෙ බොහෝ දේ මම අත්හදා බලනවා.
• මොනවද බැරි?
අපොයි බොහෝමයි. ඒත් බැහැ කියලා හිතෙන දේ අත්හදා බලනවා, කරන්න පුළුවන්ද කියලා.
• ගායනයෙන් කළ දේ මොනවද?
පළමු ගීතය මේ අවුරුද්දෙ ජූලි වල නිකුත් කළා. ඒකෙ නම මිහිරි මතකය. මගේ යූටියුබ් චැනල් එකෙන් කවර් සෝන්ග්ස් කරනවා. ජනවාරියේ දී වගේම ගීත තුනක් රිලීස් කරන්න සූදානම් කරලා තියෙන්නෙ.
ජාතික රූපවාහිනියේ ගායන කණ්ඩායමේ සාමාජිකාවක්.
• ඔබ ලියූ ගීත වලින් වඩා ජනප්‍රිය වුණේ?
සසර කින්නරාවි (කොරියානු ටෙලිමාලාවට) ගීතයක් ලිව්වා. මිහිරි මතකයට ගායනය වගේම ලිව්වෙත් මම.
• ගම කොහෙද?
නුගේගොඩ.
• ඉගෙන ගත්තෙ?
සා/පෙළ දක්වා නුගේගොඩ සුජාතාවට. උසස් පෙළ කළේ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයෙන්.
• ඉගෙනීම් කළේ මොන වගේ දුරක් යන්න බලාගෙනද?
A/L වලට කළේ ‘නීතිය’ මනෝවිද්‍යාව, සහ ඉංග්‍රීසි භාෂාව. ඒ අංශයෙන් ඉදිරියට යාම තමයි අරමුණ. ‘අපරාධ මනෝවිද්‍යාව’ අංශයෙන් ඉදිරියට යාම තමයි අපේක්ෂාව.
• අපි කියමු ‘Inter නැසනල්’ නාට්‍යයේ, සුලෝචනා ටීචර් වෙච්ච හැටි?
ඒකට අවස්ථාව ලැබුණෙ නලින්ද ප්‍රේමරත්න මහතා නිසයි. දුලීකා අක්කට සහ සුජීව අයියට හඳුන්වලා දුන්නෙ එතුමා. පසුව මම තිර පරීක්ෂණයට සහභාගි වුණා. එතැන දී මාව දැකලා ‘ඔයාට හොඳම චරිතයක් තියෙනවා’ කරන්න කැමති ද කියලා සුජීව අයියා සහ දුලීකා අක්කා ඇහුවා. මුලින්ම මට ලැබුණු වැඩිහිටි චරිතය මේ සුලෝචනා ටීචර්ගෙ චරිතයයි.
• දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හිතාගන්න බැරි තරම්. මෙච්චර දුරට මේ නාට්‍ය මිනිස්සු අතරට යාවි කියලා හිතුවෙ නැහැ. සුලෝචනා කියනවා. සුලෝ කියනවා. පිටරට වල සිටින රසිකයින් පවා මට කතා කරනවා. බොහෝ දෙනා ඒ චරිතයට ආදරෙයි.
• ‘සුලෝචනා’ ටීචර්ගෙ ඇත්ත ජීවිතේ මොන වගේද?
ඇත්තට සිටින විදිය සහ මේ චරිතය හාත්පස වෙනස්. මට තවම වයස 18 යි. ඒත් ඊට වඩා වයසින් ටිකක් වැඩි චරිතයක් කරන්නෙ. ඒ අසමානකම තමයි මට නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ. ඇත්ත ජීවිතේ මම හරි නිදහසේ සිටින කෙනෙක්. සුලෝචනා ටීචර් නම්, ටිකක් සීරියස් චරිතයක්.
• ‘ගෙදරදි’ වැඩිපුර කරන්නෙ?
ලියන එක තමයි. ගීත ලියනවා, කතා ලියනවා. එක්කෝ සිංදුවක් අසමින් නටනවා. ඒත් නැත්නම් මගේ පූස් හුරතලුන් දෙන්නා එක්ක සෙල්ලම් කරනවා.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ