මට ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2785  

සියත නාලිකාවේ විකාශය වුණු "මුල්පිටුව" ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහන බොහෝ දෙනා අතරේ අතිශයින්ම ජනප්‍රියට පත් වුණු වැඩසටහනක්. එහි පූරකවරියක් ලෙස සම්බන්ධ වුණේ ශ්‍යාමී අනීෂායි. අනාගතයේදී නීතීඥවරියක් ලෙසට වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍යාමී සාරවිට කතාබහකට එකතු කරගන්නට අප සිතුවා.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම ශ්‍යාමි අනීෂා. මම නීතිවේදී උපාධිය සහ MBA උපාධිය අවසන් කරලා ඉන්නේ. ඒ වගේම මම පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා.2019-12-18-ent-2787

 

නිවේදනයට පිවිසෙන්නේ?

ඒක මෙහෙමයි. මම උසස් පෙළ කරනකොට ස්වර්ණවාහිනියේ විකාශය වුණ ලෝක සිතියම වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේ ඒ වැඩසටහන කාලයක් කරලා විභාග කටයුතු නිසා නැවතුණා. ඊටපස්සේ ජනමාධ්‍ය පාඨමාලා හැදෑරුවා. විශ්වවිද්‍යාලය කාලයේදී බන්දුල පද්මකුමාර සර් සියත නාලිකාවේ මුල්පිටුවට ආරාධනා කළා. ඒ වැඩසටහන ඉවර වෙනකල්ම කළා.

 

"මුල්පිටුව^ට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මම මුලින්ම මුල්පිටුවට යන්න කලින් මට ලොකු බයක් දැණුනා. මොකද ලෝක සිතියම වගේ වැඩසටහනක් නෙවෙයිනේ මුල් පිටුව. දේශපාලනික ස්වභාවයක් හැමතිස්සෙම මුල් පිටුවේ තිබෙනවානේ. එතකොට සමහරු හිතන්න පුළුවන් මම පක්ෂයකට කඩේ යනවා කියලා. මොකද මම නීතීඥවරියක් වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසා මට ගැටළුවක් ඇති නොවෙන්න ඕනේනෙ. මම ඉතින් තාත්තාගෙන් ඇහුවාම තාත්තා කිව්වා හරියට කළමනාකරණය කරගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඊටපස්සේ මම වැඩසටහන කළා.

මම ඉගෙනගත්තේ කොතලාවල විශ්වවිද්‍යාලයේ. මගේ ඉගෙනුම් පසුබිම ආරක්ෂක අංශ සම්බන්ධ දේවල්. එතකොට එහි හිටපු නිලධාරීන්, සිසුන් හැමෝගේම ප්‍රතිචාර බැලුවාම හොඳ ප්‍රතිචාර ලැබුණා. මොකද මගේ අත්දැකීම් අඩුවුණාට මම නිව්ස් පේපර් ප්‍රසන්ටින් කරන එකෙන් මගේ පරිණතභාවයක් ඔවුන් හඳුනාගෙන තිබුණා. ඉතින් මට එහි තිබෙන පිළිගැනීම වැඩිවුණා වගේ දෙයක් ඇති වුණා.

 

ඊට අමතරව සම්බන්ධ වුණු වැඩසටහන් මොනවාද?

මට ටෙලි නාට්‍යයකට ආරාධනාවක් ලැබුණා. මම හිතනවා තවම එයට සහභාගී වනවාද නැතිද කියලා. මම වැඩියෙන්ම කැමති අධ්‍යාපනික පැත්තෙන් කැපී පෙනෙනවාට. මගේ වෘත්තීයට ඒක තමයි වැඩියෙන්ම බලපාන්නේ. නිව්ස් ප්‍රසන්ටින් කිව්වාම ඒකෙන් ලොකු පසුබිමක් මට ලැබෙනවා. නමුත් හොඳ නිර්මාණවලට, හොඳ වැඩසටහන්වලට ආරාධනා ලැබුණොත් බාරගෙන කරනවා.

 

නීතීඥවරියක් වුණාම නිවේදිකාවක් විදිහට වැඩ කරන්න පුළුවන් වෙයිද?

මම මුල් තැන දෙන්නේ මගේ වෘත්තීයට. ඉදිරියේදී මම ජනමාධ්‍ය පැත්තෙන් වැඩසටහන්වලට සම්බන්ධ වුණත් ඒ මගේ වෘත්තීය හා සමගාමීව යන දෙයකට තමයි.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ විභාග කටයුතු වලට මුල් තැන දෙනවා. ඒවා ඉවර වුණාම නීතිවේදය පැත්තෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

උදව් කළ අය කවුද?

විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ පවුලේ අයව. අම්මා, තාත්තා සහ මගේ සහෝදරයන් දෙදෙනා. පවුලේ අය තමයි හැමතිස්සේම මගේ පසුපසින් හිටියේ. මාධ්‍යට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණු කාලේ ඉඳලාම මට ගොඩක් අය උදව් කළා. මම කඳුරට සේවය ගුවන්විදුලියට සම්බන්ධ වෙලා හිටියා කාලයක්. එහිදී මට උදව් කළා ප්‍රේමලාල් ගුරුතුමා. එතකොට පාසලේ මාධ්‍ය ඒකකයේ ගුරුවරු, ඒ වගේම බන්දුල පද්මකුමාර ගුරුතුමාත් මට මේ තැනට එන්න ගොඩක් උදව් කළා.

 

කැළුම් දේවින්ද

 

2019-12-18-ent-2786