මට ජනප්‍රියත්වයට වඩා අවශ්‍ය පිළිගැනීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-18-ent-28

‘සල්සපුනා’ නාට්‍යයේ චරිතයකට දායක වන ඇය, විකාශය වූ ‘බෝධි’ නාට්‍යයේ ‘කාලි* යන චරිතයට රංගනයෙන් දායක වූවාය. විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යය දෙකකටද ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වන ඇය කරාතේ ශුරියකි. ඇය නමින් නිෂෙල් දිල්හාරාය.

 

රංගන ක්ෂේත්‍රයට යොමු වීම සිදු වෙන්නේ කොහොමද කියලා මුලින්ම කතා කළොත්?

2017-09-18-ent-26පොඩි කාලේ ඉඳන් මට රංගන ශිල්පිනියක් වෙන්න ආසාව තිබුණා. ඒ තිබුණ කැමැත්ත නිසාම මම රංගනය ගැන හදාරන්න හිතුවා. පාසල් අධ්‍යාපනයෙන් පසු අනෝජා වීරසිංහ මහත්මියගේ රංගනය පිළිබඳ පාඨමාලාවට සහභාගි වුණා. එහිදී මට හොඳ පෞරුෂ වර්ධයක් වගේම, මෙඩිටේෂන් සහ යෝගාවලට මාව උනන්දු කිරීම සිදු වුණා. පසුව මම දමයන්ති ෆොන්සේකා මහත්මියගේ පන්තිවලට සහභාගි වුණා. එහිදී රංගනය ගැන ගැඹුරින් ඉගෙන ගන්න හැකියාව ලැබුණා. පසුව රන්දික විමලසූරිය සර්ගෙන් නාට්‍යය හා රංග කලාව ගැන ඉගෙන ගත්තා. ඒ අතර මට දැනගන්න ලැබුණා ඉන්දියාවේ නාට්‍යය අධ්‍යක්ෂකවරයෙකු වන උජ්වාල් සිංහා සම්බන්ධ කරගෙන වැඩමුලු වගයක් පැවැත් වෙනවා කියලා. මම එම වැඩමුලුවලට සහභාගි වුණා. එතනින් පසුව තමයි ‘සුසිල’ ආයතනයේ පවත්වපු තිර පරීක්ෂණය ගැන දැන ගන්න ලැබුණේ. ඒ තිරපරීක්ෂණයට සහභාගි වුණාට පසුව තමයි මම ‘සල්සපුනා’ නාට්‍යයට තෝරා ගත්තේ.

 

‘සල්සපුනා’ නාට්‍යයේ මේ වනවිට ඔබ දායක වන චරිතය ගැන කතා කළොත්?

‘සල්සපුනා’ නාට්‍යයට මම සම්බන්ධ වෙන්නේ ‘සුසිල’ ආයතනයේ තිර පරීක්ෂණයකට සහභාගිවෙලා. සන්ද්‍යා මිස් මාව මේ නාට්‍යයට තෝර ගත්තේ. මගේ ආරම්භය සිදු වුණේ එහෙම. නාලන් සර් තමයි එහි අධ්‍යක්ෂක ලෙස කටයුතු කළේ. තාමත් එහි රූගත කිරීම් සිදු වෙනවා. බොහෝ අය හඳුනන්නේ ‘ප්‍රීතිවා* එහෙම නැත්තම් ‘පොඩි පත්තරකාරි* කියලා. ඒ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.

 

විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යය දෙකක ප්‍රධාන චරිතයට ඔබ දායක වෙනවා?

ඔව්, ‘සල්සපුනා’ නාට්‍යයෙන් පසු සංජය නිර්මාල් අධ්‍යක්ෂකවරයාගේ ‘එමි’ නාට්‍යයටයි, ‘තුත්තිරි’ කියන නාට්‍යය දෙකේ ප්‍රධාන චරිතයවලට කතා කළා.

 

රංගනයේ දී ඔබ වඩා වැදගත් කොට සලකන්නේ ජනප්‍රියත්වයද? දක්ෂතාවයද?

ජනප්‍රියත්වයයි, දක්ෂතාවයයි දෙකක්. දක්ෂතාවයෙන් ලැබෙන ජනප්‍රියත්වය සදාකාලිකයි. ජනප්‍රියත්වයයි පිළිගැනීමයි ගත්තත් බොහෝ කාලයක් පවතින්නේ පිළිගැනීම. පිළිගත්ත චරිතයක් වුණොත් එය සදා කාලිකව රැඳී තිබෙනවා. උදාහරණයක් ලෙස අනෝජා මිස් ගත්තොත්, යශෝධා විමලධර්ම වැනි රංගන ශිල්පීන් ගතහොත් මම විශ්වාස කරන විදිහට ඔවුන්ගේ ජනප්‍රියත්වයට වඩා පිළිගැනීම තමයි ඉහළින්ම පවතින්නේ. මටත් ජනප්‍රියත්වයට වඩා පිළිගැනීම වැදගත්.

 

රංගනයට අමතරව මේ වන විට සිදුකරන කටයුතු ගැන සදහන් කලොත්?

රංගනයට අමතරව මම ඉගෙනිමේ කටයුතු සිදුකරනවා.මනෝ විද්‍යා උපාධිය හදාරනවා.ලංකා මනෝ විද්‍යා ආයතනයේ. ඒ වගේම ශ්‍රිලංකා මධ්‍යය පුහුණූ කිරීමේ ආයතනයේ නිවේදනය හා ප්‍රවෘත්ති කියවීමේ ඩිප්ලෝමා පාඨමාලාව හදාරණවා ඊට අමතරව ගායනය නර්තනය වගේම ටෙනිස් පේලේ කිරීම සිදු කරනවා...

 

ඔබ කාරාතේ ශුරියක් ලෙසත් බොහෝ දෙනා හදුනාගන්නවා?

පොඩිකාලේ සිටම මම මාෂල් ආර්ට් සිදුකලා.එහිදි මට ජාත්‍යන්තගොජිරිච් කරාතේ ශුරතාවලියෙන් රන් පදක්කමක් ලබා ගන්න හැකියාව ලැබුණා.වසර නවයක් තිස්සේ කරාතේ සිදුකරනවා.මේඩිටේෂන් සහ යෝගා යන දෙකම මම සිදුකරනවා.

 

රංගන ජීවිතයේ දි තිබෙන ඉදිරි සැලසුම් ගැන සදහන් කලොත්?

ලැබෙන හැම නිර්මාණයකටම දායක නොවි හොද චරිත තෝර ගෙන මිනිසුන්ට දෙයක් ලබා දිය හැකි චරිත තෝර ගන්න උත්සහ කරනවා.ඒ වගේම රංගනයේදි සතර අභිනයන් තවත් ප්‍රගුණ කරගෙන හොද නිර්මාණ වලට දායක වෙන්න තමයි ඉදිරියේදි බලා පොරොත්තු වෙනවා.ඒ වගේම මම හැකි මට්ටමින් මගේ ආදර්ශයක් ගත හැකිචරිත සිදුකර රංගනයෙන් දායක වෙන්න මම බලාපොරොත්තු වෙන්නේ.

 

නිදුක් මදුෂික/ජායාරූප මිහිර බණ්ඩාර

 

2017-09-18-ent-25  2017-09-18-ent-27