මට ගොඩක් අයුතු යෝජනා ආවා
වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස වඩාත් ජනප්‍රිය ශෂිනි ලක්ෂි සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. නිරූපිකාවක්, ගායිකාවක් හා රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කර ඇති ඇය ඉදිරියේදී විවිධ කලා කටයුතු සඳහා එක්වීමට සුදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වු අදහස්ය.
ශෂිගේ වෘත්තිය මොකක්ද?
මම වෘත්තින් කිහිපයකම වැඩ කරනවා. ගොඩක් වෙලාව මම කරන්නේ නිවේදන කටයුතු. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිණියක් හා ගායිකාවක් විදිහටත් වැඩ කරනවා.
ගායිකාවක් විදිහට ඔබ ගැන ලොකුවට කතා වෙලා නැහැ නේද?
ඔව්, මම ගීත ගොඩක් කරලා නැහැ. මේ දවස්වල මගේ දෙවැනි ගීතය නිර්මාණය කරමින් පවතිනවා. ලොකුවට ඒ පැත්තට නැඹුරු වෙලා වැඩ කරලා නැහැ. නමුත්, මම ආසයි ගායිකාවක් විදිහටත් වැඩ කරන්න. සමහරක් විට මේ නිර්මාණය කරමින් පවතින ගීතය හරහා මා ගැන මගේ ගායන හැකියාව ගැන රසික, රසිකාවියන් කතා කරාවි කියලා හිතනවා.
නිවේදනයට ගායනයට වගේම ඔබට රඟපාන්නත් පුළුවන්?
ඔව්, ගොඩක් අවස්ථා ලැබිලාත් තියෙනවා රඟපාන්න නම්. ඒ අවස්ථා මම භාරගත්තා නම් අද වනවිට ලංකාවේ ගොඩක් දන්න ජනප්‍රිය නිළියක් වෙන්න තිබුණා. ඒත්, මම ඒ අවස්ථා ප්‍රතික්ෂේප කළා. මොකද, ඒ අවස්ථා ගන්න නම් මම මිනිස්සු එක්ක ඉන්න ඕනා. එහෙම ඉන්න මම කැමතිත් නැහැ අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා ඒ ආරාධනා ඒ මොහොතේදීම මම ප්‍රතික්ෂේප කළා. දැනට මම මගේ යාළුවන් කරපු නිර්මාණ කිහිපයකට දායක වෙලා වැඩ කරලා තියෙනවා.
යාළුවන්ගේ නිර්මාණ කිව්වේ?
ටෙලි හා ගීත රූප රචනා කිහිපයකට. ඒ නිර්මාණවලට දායක වෙලත් දැන් වසර දෙකක් විතර වෙනවා. ඔය නිර්මාණවලට දායක වෙන කාලෙත් ගොඩක් අයුතු යෝජනා ආවා. ඒ හින්දා රංගනය වගේම අනෙකුත් කලා කටයුතුවලිනුත් ඈත්වෙලා මම නිවේදන කටයුතු වලට වැඩිපුර යොමු වුණා.
ඉදිරි කාලය වැඩිපුර යොමු කරන්න සූදානම්?
නිවේදන කටයුතුවලට. 2011 වසරේ ඉදන් 2013 වසර වෙනකම් මම CSN රූපවාහිනි නාලිකාවේ වැඩ කළා. ඊට පස්සේ ශ්‍රී TV නාලිකාවට සම්බන්ධ වුණා. දැන් %චැනල් C^ නාලිකාවත් එක්ක වැඩ කරනවා. නිදහස් මාධ්‍යවේදීණියක් විදිහට තමයි දැන් මම වැඩ කරන්නේ.
ශෂිනි පුංචි කාලේ හීන මැව්වේ කවුරු වෙන්නද?
කලා ක්ෂේත්රයට නම් යොමු වෙන්න මගේ අදහසක් කැමැත්තක් තිබුණේ නැහැ. නාවික හමුදා නිලධාරිණියක් විදිහට වැඩ කරන්න තමයි මගේ කැමැත්ත තිබුණේ. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. වසර හයක් තිස්සේ කැඩෙට් කළා. 2008 කැඩෙට් සාජන්ට් කෙනෙක් වුණා. කඳුරට FM එකේ පොඩි කාලේ ඉඳලා ළමා වැඩසටහන් කළා. අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වුණාහම මට සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ගේ මිඩියා ඇකඩමි එකට සම්බන්ධ වෙන්න ලැබුණා 2011 වසරේදී. ඊට පස්සේ නාවිකා හමුදා නිලධාරිණියක් වෙන්න තිබුණ හීනේ මඟඇරිලා ගියා. හිතේ තිබුණේ නිවේදනය පැත්තට යොමු වෙන්න.
ශෂිනිව දැන් මිනිස්සු අඳුනනවද?
ඒකනම් දන්නේ නැහැ. මිනිස්සුන්ගෙන්ම තමා අහලා දැනගන්න ඕනා. හැබැයි ඉතින් වැඩකට ගියාහම දෙතුන් දෙනෙක් හරි මම අහවලා නේද කියලා අඳුනගෙන කතා කරනවා. ලොකු නිහතමානි සතුටක් දැනෙනවා එතකොට නම්.
හැමෝටම හීත තියෙනවා. ශෂිනිටත් එහෙම හීන තියෙනවාද?
ඔව්, ලංකාවේ ඉන්න හොඳ නිවේදිකාවන් අතරට එන්න මගේ ලොකුම හීනයක් තියෙනවා. හීනයකට වඩා මේක මට තියෙන ලොකුම ඉලක්කයක්. ඊට අමතරව විශාරද විභාගය අවසන් කරන්නත් අවශ්‍යයි. මගේම කියලා ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
උදව් කරපු අය ගැනත් කියමු?
මගේ සහකාරයා මතක් කරන්න ඕනා මුලින්ම. හැමෝම දන්න එයා තමයි ධනුෂ්ක. මාව මේ ෆිල්ඩ් එකේ මෙච්චර තැනකට ගෙනාවේ එයා. එයාගේ ඉවසීමයි තේරුම් ගැනීමයි අවංකකමයි හැමදාම මාව ධෛර්යමත් කළා. අනික මගේ අම්මායි, තාත්තයි ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනා. සද්ධා සර් තමයි මාව නිවේදිකාවක් විදිහට මට ආරම්භයක් දුන්නේ. කවින්ද ලෙස්ලි අයියා, ගීතප්‍රිය අයියා ඇතුළු මගෙමනට උදව් කරපු හැමෝම මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර / ඡායාරූප - දිස්න ධර්මරත්න