ක්ෂේත්රයට එන්න පොඩිකාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා
කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න සිහින මවන්නියක වන තාරිකා ක්ෂේත්රයේ ගොඩාක් අය හඳුනන්නේ ‘තරූ‘ යන නමින්. පවුලේ එකම ගැහැනු දරුවා වන ඇය වෘත්තීය ලෙස තෝරාගෙන තිබෙන්නේද කලා ක්ෂේත්රයයි. ඒ පිළිබඳව ඇය පසුගිය දිනක අප හා කතාබහ කළා.
ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
මගේ නම තාරිකා තිසරණි. ක්ෂේත්රයේ ගොඩක් අය මාව හඳුනන්නේ ‘තරූ‘ කියන නමින්. අම්මා තාත්තා සමග මගේ පවුලේ සහෝදරයන් පස් දෙනෙකු ඉන්නවා. මම තමයි එකම ගැහැනු දරුවා. මම ප්‍රසිද්ධ සංගීතමය වෙබ් අඩවියක සේවය කළා. මම මේ ක්ෂේත්රයට ආව නිසා ඒ රැකියාවෙන් ඉවත් වුණා.
නිරූපණයට යොමුවීම සිදුවුණේ කොහොමද?
ක්ෂේත්රයට එන්න පොඩිකාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා. මම ඉස්සරලාම Photoshoot එකක් කළා. එයින් මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර නිසාම මට ක්ෂේත්රය ගැන ආසාවක් ඇතිවුණා.
ඔබ දායක වුණ නිර්මාණ මොනවාද?
මියුසික් වීඩියෝ දෙකක් සඳහා සහභාගී වුණා. නමුත් තවම ඒ වීඩියෝ නිකුත් වුණේ නැහැ. ඊට අමතරව කෙටි චිත්‍රපට සඳහා සහභාගී වුණා. ඊට අමතරව සමාජ මාධ්‍ය සඳහා මුදාහැරෙන කෙටි නාට්‍ය සඳහාද දායකවෙලා තිබෙනවා.
පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාරය?
පවුලේ අයගෙන් නම් කිසිම බලපෑමක් නැහැ. අම්මා සහ තාත්තා කියන්නේ හොඳ දෙයක් නම් ඒක කරන්න කියලා.
වර්තමානයේ ලංකාවේ නිරූපිකාවට තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා. ඕනෙ කෙනෙක්ට ඕනේ කතා හදන්න පුළුවන්. නමුත් තම තමන්ගේ දක්ෂතාව අනුව තමයි ඉදිරියට යන්නේ.
වර්තමානයේ අඩනිරුවත් මියුසික් වීඩියෝ රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ සඳහා ආරාධනා ලැබුනොත් භාරගන්නවාද?
ඔව් ඒ නිර්මාණය මට ගැළපෙන හොඳ දෙයක් නම් මම භාරගන්නවා.
නිරූපණය කියන්නේ ඔබේ වෘත්තීයද?
ඔව් මම නිරූපණය වෘත්තීය ලෙස තෝරාගෙන තියෙන්නේ.
ඉදිරි බලාපොරොත්තු හා වැඩකටයුතු මොනවාද?
මම කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න ආසයි.
අද ඉන්න තැනට එන්න උදවු කළ පිරිසක් ඉන්නවාද?
මගේ දක්ෂතාව අනුව මම ඉදිරියට ආව ගමනක් මේක. විශේෂයෙන් මගේ අම්මාට තාත්තාට ස්තූතිවන්ත වෙනවා. හැම පැත්තෙන්ම මට උදවු කළේ ඒ අය.
සටහන - දිනිත් කණිෂ්ක