මට ගැලෙපෙන දේවල් ඉදිරියටත් කරගෙන යනවා
රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක්, තිර පිටපත් රචිකාවයක්, ගුරුවරියක් ඇතුළු ක්ෂේත්‍ර රැසකම නිරත වන ඩයනා හෙට්ටිආරච්චිට අප මෙවර සාරවිට කතාබහට සම්බන්ධ කරගත්තා. ඇය මේ වනවිට කලා නිර්මාණ රැසකටම සම්බන්ධ වෙලා තිබෙනවා. ඊට අමතරව ඇය ගුරුවරියක් විදිහටද පාසලක වැඩකටයුතු කරනවා. ඉතින් ඩයනා අපට සම්බන්ධ වුණේ මේ විදිහටයි.
මගේ නම ඩයනා හෙට්ටිආරච්චි. වෘත්තීයෙන් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්රයට එක් වෙලා තියෙනවා.
කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
2012 වසරේදී පූජනීයයි ආදරේ කියන චිත්‍රපටයේ විශ්ව විද්‍යාල සිසුවියකගේ චරිතයක් හරහා තමයි මම කලාවට එකතු වෙන්නේ. ඒ වෙද්දිත් මම විශ්ව විද්‍යාලයේ මගේ උපාධිය හදාරන ගමන් හිටියේ.
දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?
මියුසික් වීඩියෝ, Bajaj Qute ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. සුජාත පුත්‍ර, පූජනීයයි ආදරේ වැනි සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව කෝකිල සංධවනිය, හිරුට රතු පලසක් යන ටෙලි නාට්‍යවලටත් රංගන දායකත්වය ලබා දුන්නා. වැඩියෙන්ම දායක වෙලා තියෙන්නේ බ්‍රයිඩ්ල් ෂූට්ස්වලට තමයි. එතකොට කෝකිලවංශය කියන ළමා චිත්‍රපටයේ තිර පිටපත රචනා කිරීම වගේම ඒ සඳහා රංගනයෙනුත් දායක වුණා. මේ දවස්වල නම් ලොකු නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. මොකද මට ඒ දේවල් සඳහා කාලය යොමු කරගන්න අමාරුයි. නමුත් බ්‍රයිඩ්ල් ෂූට්, වෙළඳ දැන්වීම් වැනි දේවල් වලට සම්බන්ධ වෙනවා. දැන් මම ගුරු වෘත්තීයට තමයි මුල් තැන දීලා වැඩ කටයුතු කරන්නේ.
ගුරු වෘත්තියත් සමග කොහොමද නිරූපණ වැඩකටයුතු සිදු කරන්නේ?
මම ජාත්‍යයන්තර පාසලක තමයි ගුරුවරියක් විදිහට නිරත වෙන්නේ. ඇත්තටම වෘත්තීන් දෙකම සමබරව කරගෙන යන්න මට පුළුවන්. පාසලේ ළමයින් කැමති මම රූපවාහිනයෙන්, පත්තරවලින් දකින්නත්. පාසලින් ලොකු සහයෝගයකුත් දෙනවා මට. ඒ වගේම මම මගේ ගුරු වෘත්තියට ගැලපෙන, මගේ චරිතයට ගැලපෙන නිර්මාණවලට තමයි සම්බන්ධ වෙන්නෙත්.
ගෙදරින් වැඩවලට ලැබෙන සහය කොහොමද?
මගේ සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඊට අමතරව පවුලේ හැමදෙනාම උදව් කරනවා මගේ වැඩකටයුතු සමබරව ගෙන යන්න.
ඉදිරි වැඩ කටයුතු පිළිබඳව කිව්වොත්?
රැකියාවට මුල් තැන දෙනවා. ඊටපස්සේ තමයි අනිත් දේවල්. නමුත් ලැබෙන කාලය අනුව නිරූපනයට, රංගනයට දායක වෙනවා. මට ගැලෙපෙන දේවල් තමයි ඉදිරියටත් කරගෙන යන්නේ. ඒ වගේම හීනයක් තිබෙනවා මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත්.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
අනිවාර්යෙන්ම ඉන්නවා. මගේ සැමියා ඇතුළු මගේ පවුලේ සියළු දෙනාවම මම මතක් කරනවා. ඒ වගේම නම් වශයෙන් කියන්න අමාරු ක්ෂේත්රයේ මට උදව් උපකාර කළ සියළු දෙනාටම මම මේ වෙලාවේදි ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද