මට කරන්න ලැබෙන හැම චරිතයටම මම ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-147

දෙරණ අවුරුදු කුමරිය තරගය හරහා කලා ක්ෂේත්‍රයට පෑයූ නවක තාරකාවක් ලෙස කස්තුරි ජයවර්ධනව හඳුන්වා දීමට හැකිය. ඇය %සක්කාරං^ ටෙලිනාට්‍ය සහ %හුස්මක් තරමට^ නාට්‍යයේ කැපී පෙනෙන චරිතයන් නිරූපණය කළ අතර, තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන කස්තුරිව තරු කතාබහට සම්බන්ධ කරගන්නට අපි සිතුවෙමු.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

සක්කාරං නාට්‍යයේ වැඩ ඉවර වුණා. හුස්මක් තරමට නාට්‍යයේ සහේලි චරිතයත් සමග තමයි මේ දවස්වල වැඩකරගෙන යන්නේ. %සංසාරිනී^ ඇතුළු මියුසික් වීඩියෝස් කිහිපයකටත් මේ දවස්වල සම්බන්ධ වුණා. ඒ වගේම දෙසැම්බර් මාසේ අලුත් වැඩක් එන්න තියෙනවා.2019-12-18-ent-151

 

ඔබ ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?

දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තවම මාස කිහිපයයි.

 

මේ කාලෙට ලැබුණු අත්දැකීම් ගැන කිව්වොත්?

ඇත්තටම මේ පොඩි කාලෙට ලොකු අත්දැකීම් රැසක් ලැබුණා. දැනට මට එකතු වෙන්න ලැබුණේ ටෙලිනාට්‍ය දෙකකට විතරයි. ඒ දෙකේම වැඩ කරද්දී නවක, ප්‍රවීණ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබුණා. හොඳ යාළුවෝ හමුවුණා. හිතුවෙවත් නැති විදිහට මම දැන් තැනක ඉන්නවා කියලා තේරෙනවා. ඉගෙනගන්න ගොඩක් දේවල් ලැබුණා. එනකොට හිටපු තැන නෙවෙයි දැන් ඉන්නේ කියලා තේරෙනවා.

 

අධ්‍යාපන කටයුතු සමග කලාව සමබරව කරගෙන යන්න පුළුවන්ද?

ඔව්. මම හැමදේම සමබරව කරගෙන යනවා. ගැටලු ඇතිවෙන අවස්ථා අඩුයි. කැම්පස් එකේ යාළුවොත් මට උදව් කරනවානේ. ඒක නිසා වැඩකටයුතු සමබරව කරගෙන යන්න අවස්ථාව උදාවෙනවා.

 

සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබිලා නැද්ද?

ආරාධනාවක් ලැබුණා. නමුත් මම ඒකට හරියට පිළිතුරක් දුන්නේ නැහැ. චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා. චිත්‍රපටයක් කියන්නේ තවම මට ටිකක් ලොකු වැඩක් කියන හැඟීම තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

 

කලාව පැත්තෙන් තියෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

ලොකුම බලාපොරොත්තුව තමයි දක්ෂ හොඳ රංගන ශිල්පිනියක් වීම. හැබැයි ඒ දෙයට ගොඩක් මහන්සි වෙන්න වෙයි. මේ ක්ෂේත්‍රය තුළ ගොඩක් දක්ෂ රංගන ශිල්පීන් ඉන්නවා. හැබැයි ඒක මගේ ලොකුම බලාපොරොත්තුව තමයි.

 

ජීවිතයේ සැබෑ කරගන්න ආස හීනයක් තියෙනවද?

මගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථකව කරගෙන, රංගනය පැත්තෙනුත් ලොකු දුරක් යන එක තමයි මගේ හීනය.

 

කැමැත්තෙන් කරන්න ආස චරිතයක් තියෙනවාද?

මට කරන්න ලැබෙන හැම චරිතයටම මම ආසයි. එහෙම විශේෂ චරිතයක් නැහැ. මට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන්ම මම බාර ගන්නවා. ඒ වගේම මට ලැබෙන සෑම චරිතයකටම පුළුවන් උපරිම සාධාරණයක් මම ඉෂ්ට කරනවා.

 

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම කොහොමද?

තවම මම ගොඩක් නිර්මාණවලට දායක වෙලා නැහැ. ඒත් ලැබුණු නිර්මාණ දෙකටම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. සමහර අය නම් පාරෙදි දැක්කත් කතා කරනවා. එතකොට ලොකු සතුටක් දැනෙනවා.

 

ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මුලදි නම් බයක් දැනුණා ප්‍රවීණයෝ ආශ්‍රය කරන්න. නමුත් ඔවුන් අපිට ඉතා සුහදව කතාබහ කරනවා. ඔවුන්ගෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. අලුත් පරණ කියලා භේදයක් එයාල ඇතුළෙ නැහැ.

 

විශේෂයෙන් මතක් කරන්න ඕන පිරිස කවුද?

අම්මා, තාත්තා ඇතුළු පවුලේ අයව මතක් කරනවා. ක්ෂේත්‍රයේදී උදව් කරපු අයවත් මතක් කරනවා. මට වචනයකින් හරි උදව් කරපු ප්‍රේක්ෂකයන්ටත් මම ස්තූති කරනවා. ​

 

සටහන - ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-12-18-ent-146  2019-12-18-ent-148 2019-12-18-ent-149 2019-12-18-ent-150