මට ඕනේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි ජනප්‍රිය වෙන්නයි
මේ වනවිට දිනෙන් දියුණු වෙන ක්ෂේත්රයක් විදිහට නිරූපණ ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්. නවකයන් බොහෝ දෙනෙකු අද වනවිට මේ ක්ෂේත්රය තුළ දකින්න පුළුවන්. ක්ෂේත්රයට නවකයෙකු වන දීෂානි නදීනිකා තමන්ගේ කටයුතු ගැන කතාබහ කරන්න ‘සාරවිට’ අපත් සමග මෙලෙස එක්වුවා.
මගේ නම දීෂානි නදීනිකා. මම බියුටීෂියන් කෙනෙක්. මම මොඩ්ලින් කරන්නේ ආසාවට. මම ඉන්නේ කුරුණෑගල.
නිරූපණයට එන්නේ කොයි කාලෙද?
දැනට අවුරුදු තුන හතරකට කලින් තමයි නිරූපණය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අවුරුද්දක් විතර විදේශගත වෙලා හිටපු නිසා නිරූපණ කටයුතු ටිකක් මග හැරුණා. ලංකාවට ඇවිත් මාස දෙකක් තුනක් විතර වෙනවා. දැන් ආයේ නිරූපණය කටයුතු පටන් ගත්තා.
නිරූපණයෙන් දායක වුණු දේවල්?
මම දැනට ෆොටෝ ෂූට්වලට දායකවෙලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. තව අලුත් නිර්මාණයක් එන්නත් තියෙනවා. අලුත් ටෙලි නාට්‍යයක් සඳහාත් කතා කරලා තියෙනවා.
ඇයි නිරූපණයට එන්නේ?
රූපලාවණ්‍ය ශිල්පය කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම ආස කරපු දේ. එක දවසක් මට ෆොටෝ ෂූට් එකකකට කතා කළේ ශෙහානා පෙරේරා මිස්. එයා තමයි මට නිරූපණ ක්ෂේත්රයට අත්වැලක් වුණේ. එයා තමයි මගේ කවර් පේජ් එකක් කරලා දුන්නේ බිරිඳ පත්තරේ. එතැනින් තමයි මම නිරූපණයට එන්නේ. එතැනින් ඇතිවුණු ආසාව නිසා තමයි මම ක්ෂේත්රයට තුළ කටයුතු කරන්නේ.
නිරූපණය කරනවට ගෙදරින් කැමැත්ත දුන්නාද?
මුලදි ගෙදරින් කැමති වෙලා හිටියේ නැහැ. විදේශගත වෙන්න ඉස්සෙල්ලා කැමැත්ත තිබුණේ නැහැ. දැන් නම් ඒ සඳහා අවසර දීලයි තියෙන්නේ. මගේ ආසාව නිසා ඒ දෙන්නාගේ බලපෑමක් නැහැ. ඒක නිසා දැන් නිරූපණයෙන් ඉස්සරහට යන්න තමයි බලාගෙන ඉන්නේ.
නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
නිරූපණය කරන්න ආස වුණාට මම කැමති නැහැ නිරූපණ ශිල්පිනියක් කියලා කියන්න. මොකද දැන් තියෙන තත්ත්වයත් එක්ක නිරූපිකාවක් කියන දේ සමාජයේ මිනිස්සු පිළිගන්නේ නැති තත්ත්වෙට ඇවිත් තියෙනවා. හැමෝම මොඩ්ලින් කරන්න ඇවිල්ලා තියෙනවා. ඉගෙන ගත්තේ නැති අය මොඩ්ලින් කරන්න ඇවිත් තියෙනවා. ඒවත් එක්ක පුංචි අකමැත්තක් තියෙනවා මම නිරූපණ ශිල්පිනියක් කියලා කියන්න. ඒ වගේ තත්ත්වයක් නිරූපණ ක්ෂේත්රයට ඇති වෙලා තියෙන එක ගැන දුකයි. ඉගෙනගෙන තියෙන කෙනෙකුට ඉස්සරහට යන්න අමාරුයි. මම නම් හිතන්නේ කොහොම හරි දෙයක් කරලා ඉස්සරහට යන්න. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ඇයි හැමෝම නිරූපණය ක්ෂේත්රය තෝර ගන්නේ?
ඕනෑම කෙනෙකුට නිරූපණය කරන්න පුළුවන්. හැමෝම කියන්නේ ෆොටෝ ෂූට් එකක් කරලා ෆේස්බුක් දැම්මාම එයා මොඩ්ලින් කෙනෙක් කියලයි. ෆේස්බුක් නැත්නම් අද සමාජේ මොඩ්ල් කියන එකක් නැහැ. ෆේස්බුක් හරහා තමයි අද ගොඩක් අය ක්ෂේත්රයට ඇවිල්ලා තියෙන්නේ. මේ ක්ෂේත්රයේ දේවල් හරි විදිහට කරනවා නම් නරකක් දකින්නේ නැහැ.
ඔබ කියන්නේ ෆේස්බුක් නැත්නම් නිරූපිකාවන් නැහැ කියලද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ සෝෂල් මීඩියා නැත්නම් අද බොහෝ නිරූපණ ශිල්පීන් බිහිවෙන්නේ නැහැ.
රඟපාන්න හිතුනෙ නැද්ද?
මම හැමදාම උත්සාහ කළේ නිරූපිකාවක් වෙනවට වඩා රංගන ශිල්පිනියක් වෙන්න. මොකද මම කැමති නිරූපණය ක්ෂේත්රය වඩා රංගන ක්ෂේත්රයට නිසා. රංගනයෙන් දායක වෙන්න තමයි මම කැමති. රංගනයෙන් ඉස්සරහට ගිහින් මිනිස්සු අතරට එන්න තියෙනවා නම් මම ගොඩක් කැමතියි. මට ඕනේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි ජනප්‍රිය වෙන්නයි. මේ කාරණා දෙක පටලගෙන තමයි අද ගොඩක් අය ඉන්නේ.
ඉදිරි බලාපොරොත්තු?
මම සැලොන් එකක් පටන්ගන්න ඉන්නේ. ඒ වැඩකටයුතුත් එක්ක රංගනයෙන් සහ නිරූපණ කටයුතුත් කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
උදවු කරපු පිරිස ගැන කිව්වොත්?
නිරූපණ ක්ෂේත්රයෙන් බැලුවොත් මගේ ගුරුවරයා වෙන්නේ ශෙහානා පෙරේරා මිස්. රූපලාවණ්‍ය පැත්තෙන් බැලුවොත් ගොඩක් අය ඉන්නවා මට උදවු කරපු. ගයනි වත්සලා අක්කා, ඉඳුනිල් බ්‍රයිඩ්ල් එකේ පුෂ්පෙ අයියා. ඒ දෙන්නව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා නිසා තමයි අද මම මෙතැන ඉන්නේ. හරි විදිහට ඒ දෙයක් කරන්න ඉගෙන ගත්තේ ගයනි වත්සලා අක්කිගෙන්. එයා තමයි මගේ ක්ෂේත්රයෙන් මට පාර පෙන්නපු එක්කෙනා. ඉතිං ඒ හැමෝටමත් මගේ දෙමවුපියන්ටත්, වචනයකින් හරි උදවු කරපු හැමෝටමත් මම ස්තූති කරනවා.
Dilan Chryshantha / Pix - Sajeewa Lakshan