නිරූපිකාවක් වෙන්න මම හීන දැක්කේ නැහැ
2014 වර්ෂයේ පැවැති සිරස කුමරිය තරගයේ තෙවැනි ස්ථානය හිමිකරගත් ඇය චේතනා රණසිංහයි. ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හා කලා කටයුතු පිළිබඳ විස්තර අප සමගින් බෙදාගැනීමට ඇය මෙලෙස එක්කාසු වූවාය.
"මම මේ ක්ෂේත්රයට එන්න හම්බ වුණෙ අහම්බෙන් කිවුවොත් මා නිවැරදියි. මම නිරූපිකාවක් වෙන්න හීන දැකපු කෙනෙක් නෙමෙයි. 2014 මහරගම තරුණ සේවා සභාවේ රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පය හදාරන්න මට අවස්ථාවක් ලැබුණා. මගේ යාළුවෙක් කියලා තමයි මං මේ තරගයට ඉදිරිපත් වුණේ. ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මගේ තාත්තාව මං මතක් කරන්න ඕනේ. මගේ නෑදෑයෝ මගේ ගමේ පිරිස මට විශේෂ ශක්තියක් වුණා. දැනට නම් විශේෂ දෙයක් නෑ. නිරූපණ ක්ෂේත්රයේ වැඩ කටයුතු කරගනිමින් ඉන්නවා. මම මේ වනවිට මේ ක්ෂේත්රයේ ඉතා හොඳ තැනක ඉන්නවා කිව්වොත් හරි. මට ඕන වුණේ බැංකු කළමනාකාරිණියක් වෙන්නයි. මොකද මං උසස් පෙළ සඳහා යොමුවන්නේ ව්‍යාපාර හා කළමනාකරණය විෂයයි. පාසල් කාලෙ නම් ක්‍රීඩා කටයුතුවලට යොමුවන්නට මට හැකියාවත් ලැබුණා."
සටහන / ඡායාරූප - චමත් වින්දුල