මට ඒන්ජල් වාසු කියලත් කියනවා
ඇය නමින් මධූ කුලතුංග. නමුත් සමාජ වෙබ් අඩවි භාවිත කරන ඕනෑම කෙනෙකු ඇයව හඳුන්වන්නේ ඒන්ජල් වාසු නමින්. නිරූපණ ක්ෂේත්රය බොහෝ කාලයක් තුළ රැඳී සිටින ඇය සාරවිට කතාබහට මෙලෙස එක්වූවා.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මම මධු කුලතුංග. මට ඒන්ජල් වාසු කියලත් කියනවා. මේ වනවිට මම නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහා රුපලාවණ්‍ය ශිල්පිනියක් විදියට වැඩ කරනවා. හැමෝම එක්ක සුහදව ඉන්නවා. ඒ වගේම කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්.
ඇත්ත නම වෙනුවට ඇයි වෙන නමක් භාවිත කරන්නේ?
මධූ කුලතුංග යන නමින් මගෙ ෆෑන් පේජ් එක තියෙනවා. මට ගෙදරට කියන්නේ වාසු කියලා. යහළුවන් එක්ක කතා බහ කරන්න සහ විවේක වේලාවට කාලය ගත කරන්න විතරයි මම ඒන්ජල් වාසු කියන නම පාවිච්චි කරන්නේ. ඊට අමතරව ෆේක් එකවුන්ට් හැදිලා තියෙනවා ගොඩක් ඒක අවම කරගන්නත් මම මේ නම පාවිච්චි කරනවා. නෝර්මල් පේජ් එක මේ විදියට ඒන්ජල් වාසු නමින් තියෙනවා. ඒත් දැන් ගොඩක් අය අය මට කතා කරන්නේ ඒන්ජල් වාසු කියලයි.
නිරූපණය පැත්තේ මේ දිනවල වැඩ මොනවාද?
මේ දවස්වල මම වැඩි දායකත්වයක් දෙන්නේ බියුටි වැඩ වලට. ඉඩ තියෙන වෙලාවලට නිරූපණයට දායකත්වය දක්වනවා. ඉස්සරහට ෂූට් දෙක තුනකට ආරාධනා ලැබී තියෙනවා.
නිරූපණයට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?
දැනට අවුරුදු 4 ක් වෙනවා. රොසෑන් ඩයස් මහත්මිය යටතේ සයිඩ් ඉමේජ් ඇකඩමි එකෙන් ලද පන්නරයෙන් දිගු ගමනක් ඇවිත් තියෙනවා. මට ඒ ගැන ගොඩක් සතුටුයි
අද වනවිට ක්ෂේත්රය ගැන සතුටුද?
ඔව් අනිවාර්යයෙන්
වෘත්තීමය විදිහටද ක්ෂේත්රය තුළ ඉන්නේ?
මගේම බියුටි සැලෝන් එකක් දාගන්න එකට මේ දවස්වල වෙහෙසනවා. ඒ වගේම නිරූපණයෙන් යන්න පුළුවන් ඉහළටම යන්න වෙහෙසෙනවා.
ඉදිරි බලාපොරොත්තු?
මගේ වැඩකටයුතු හරියාකාරව කරලා. ඉදිරියට මගේ ගමන සාර්ථක කර ගන්න බලාපොරොත්තු වෙනවා.