මට එක රැයින් ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-82

ජාතික රූපවාහිනි 2019 "අවුරුදු කුමරිය" තරගයේ තෙවැනි ස්ථානය දිනාගනිමින් කලා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් වගිෂා ඉෂාන්ති සමග මෙවර අපි කතාබහ කළෙමු. නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය වර්තමානය වනවිට රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරමින් සිටියි. ඉදිරියේ දී වගිෂා පෙනී සිටින ටෙලි නාට්‍යය කිහිපයක්ද විකාශය වීමට නියමිතව තිබේ.

 

වගීෂා කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?2019-08-09-ent-84

මගේ පොඩි කාලේ තිබුණ ලොකුම හීනේ තමයි නිරූපණ ශිල්පිනියක් වෙන එක. නමුත්, හිතේ කොනක රංගන ශිල්පිනියක් වෙන අදහසකුත් තිබුණා. නමුත්, මට ඒකට කාලය අවශ්‍ය වුණා. රංගන ශිල්පිනියක් වෙන්න හිතරන තරම් ලේසි නැහැ. එකට දැනුම අවශ්‍යයි. ඒ වගේම ක්ෂේත්‍රය ගැන අත්දැකීමත් අවශ්‍යයි. ඒ සියලු දේවල් එකතු කරගෙන තමයි මම රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආවේ. පසුගිය වසරේ සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ %සිරස ෆිල්ම්ස්ටාර්^ තරගයේ අවසන් 12 දෙනා අතරට මම ආවා. මම හිතන්නේ රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න ඒ අත්දැකීම් විශාල පිටුවහලක් වුණා.

 

ඔබව අපි රූපරාජිනි වගේම, අවුරුදු කුමරි තරග කිහිපයකම දුටුවා?

මුලින්ම තරගයකට කියලා ඉදිරිපත් වුණේ 2016 වසරේ %සිරස අවුරුදු කුමරිය^ තරගයට. එයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට මට එන්න හැකියාව ලැබුණා. ඊට පස්සේ 2017 %දෙරණ අවුරුදු කුමරිය^ තරගයට ඉදිරිපත් වෙලා අවසන් 12 දෙනා අතරට ආවා. ඒ වසරෙම දෙරණ %මිස් ශ්‍රී ලංකා^ තරගයටත් මම ඉදිරිපත් වුණා. එහි මුල් 20 දෙනා අතරට එන්න හැකියාව ලැබුණා. 2017 වසරේ තිබුණ සියත %මිස් ශ්‍රී ලංකා^ තරගයට ඉදිරිපත් වෙලා එහි අවසන් තරගකාරියන් 18 දෙනා අතරට ආවා. ගිය වසරේ තිබුණ %අයි.ටී.එන්^ %අවුරුදු කුමරිය^ තරගයේ අවසන් වටයට මම සහභාගි වුණා. අවසන් වරට මම ඉදිරිපත් වුණේ මේ වසරේ ජාතික රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කරපු %අවුරුදු කුමරිය^ තරගයට. එහිදී මට තෙවැනි තැන හිමි වුණා.

 

නිරූපණයට පිවිසීමට මාවත විවර වුණේ ඔය අතරේ නේද?

ඔව්, රූපරාජිනි හා අවුරුදු කුමරි තරගවලදී මාව දැකලා විවිධ නිරූපණ වැඩවලට මට කතා කළා. නමුත්, මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ සමීර වීරසිංහ මහත්මයා යටතේ ඒ පිළිබඳව හදාරලා. නිරූපණ වැඩවලට යොමු වෙන අතරතුර වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවලටත් දායක වුණා. දැනට මම එවැනි නිර්මාණ බොහොමයකට සම්බන්ධ වුණා.

 

මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයකට ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා?

ඔව්, ජාතික රූපවාහිනියේ "අවුරුදු කුමරිය" තරගය ජයග්‍රහණය කළාට පස්සේ නිරෝෂන් ඉලේපේරුම අයියා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යය දෙකකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ එක ටෙලි නාට්‍යයක ප්‍රධාන නිළියකගේ චරිතයට මම පණ පොවනවා. තවත් නෝබෝ දිනකින් මෙම ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආවා වගේම මම රංගනයට ආවෙත් ඒ පිළිබඳව හැදෑරීම් කරලා. මේ මොහොතේදී ප්‍රියන්ත ලලිත් හා ගිහාන් ප්‍රනැන්ඩු යන ගුරුන්ට ස්තුති කළ යුතුයි.

 

ක්ෂේත්‍රය ගැන ආපහු හැරි බැලීමක් කළොත්?

ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන්. නිරූපිකාවක් විදිහට මට ගොඩක් දේවල් ලැබුණා. විශේෂයෙන්ම යම් පිරිසකගේ ආදරය දිනාගන්නත් මේ හරහා මට අවස්ථාව ලැබුණා. එක රැයින් ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය නැහැ. මිනිස්සු අතර හොඳ නමක් හදාගෙන හෙමින් ගමනයක් යන්නයි මට ඕන. අද වෙන කොට යම් පිරිසක් මාව අඳුන ගෙන තියෙනවා. ඒ ගැන මට සතුටුයි.

 

ක්ෂේත්‍රය තුළ විවිධ මත පළ වෙනවා. නවකයෙක් විදිහට ඒ ගැන ඔබ දරන මතය මොකක්ද?

අපි හොඳනම් කාටවත් බැහැ අපිට ඇඟිල්ල දික් කරන්න. මම ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. අදටත් මම හැම වැඩකටම සහභාගි වෙන්නේ මගේ මවත් එක්ක. ඇය තමයි මට ඉන්න හොඳම ආරක්ෂකයා. ක්ෂේත්‍රය ගැන විවිධ මත තිබුණත්, මට නම් ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ. අපි අපේ නම රැකගෙන අපිට ලැබෙන නිර්මාණයට දායක වෙලා පාඩුවේ ඉන්නවා නම් එච්චරයි.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු

 

2019-08-09-ent-81  2019-08-09-ent-83