මට ඉතින් හැමදාම අවුරුදු වගේ
අලුත් අවුරුද්ද කියන්නෙ බොහෝ දෙනා සතුටෙන් සාමයේ සමරන දෙයක්. ඉතිං සතුටුම අවස්ථාවේ වැඩකටයුතු පිළිබඳ අමන්දා සිල්වා අවුරුදු වැඩකටයුතු පිළිබඳව අපට මෙසේ පැවසුවාය.
"අපි වෙනදා වගේම මේ අවුරුද්දෙත් චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දීලා අවුරුද්ද සමරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අය අවුරුද්ද ළං වුණාම ෂොපින් කරනවානෙ. ඒත් මම අවුරුද්ද කියලා එහෙම විශේෂයෙන් ෂොපින් කරන්නෙ නෑ. මට දැන් ඇඳුමක් ඕනෙ කියලා හිතුණොත් දැන් ගිහින් ගන්නවා. මට ඉතින් හැමදාම අවුරුදු වගේ තමයි. අතට සල්ලි ටිකක් හම්බ වුණාම ෂොපින් කරනවා.
අලුත් අවුරුද්දෙ ටෙලිඩ්‍රාමා එකක් ලැබිලා තියෙනවා. ඒක කරනවාද නැද්ද කියලා මම තමා තීරණය කරලා නෑ. සමහරවිට ඒක කරයි. ඊට අමතරව පැෂන් ෂෝස්වලට සම්බන්ධ වෙනවා.
අලුත් අවුරුද්දෙ මම මගේ රසිකයින්ට දෙන්න තියෙන පණිවුඩේ තමයි තමන්ට පුළුවන් හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කියන එක. කාටවත් කරදරයක් කරන්නෙ නැතුව සතුටින් ඉන්න පුළුවන් නම් තමන්ට සතුටු දේවල් කරලා එහෙම ජීවත් වුණොත් අපිට අපේ ජීවිතය ගොඩක් ලස්සන වේවි.
කුෂි
ඡායාරූප අනුග්‍රහය - උදාරිගේ ෆේස්බුක් ගිණුමෙන්