මට අවශ්‍ය නැහැ අද විවාහ වෙලා හෙට දික්කසාද වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-28-ent-14

රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙසද මේ වනවිට ජනප්‍රියව සිටින හෂි මනිමේන්ද්‍ර මෑත කාලයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූ කලා ශිල්පිනියකි. රංගන ශිල්පිනියක ලෙසද කාලයක සිට කටයුතු කරන ඇය, දැනට කලා නිර්මාණ කිහිපයක් සඳහාම සිය දායකත්වය ලබාදී ඇත. මේ දිනවල සිය අලුත්ම ගීතය එළිදක්වා ඇති ඇය ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැනි අදහස් කිහිපයකි.

 

අලුත් ගීතය ගැන මුලින්ම කතා කරමු?2018-04-28-ent-17

‘වැහි දියට තෙමුණා’ තමයි මගේ අලුත්ම ගීතය. මේ ගීතය ලිව්වේ රකිතා වාකිෂ්ට අක්කා. සංගීතවත් කළේ තිළිණ රුහුණගේ අයියා. මේක මගේ ජීවිතේ තිබුණ ලොකුම හීනයක්. ගීතය අහද්දි මට ගොඩක් සතුටුයි. මොකද, ගීතය තුළ හොඳ අර්ථයක් ගැබ් වෙලා තියෙන නිසා.

 

ඔබ ගායිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

මම මේ ක්ෂේත්‍ර දෙකටම කැමතියි. රංගන ශිල්පිනියක් විදිහට දැනට මම නිර්මණ කිහිපයකම වැඩ කරලා තියෙනවා. ගායිකාවක් විදිහටත් මම දැනට ගීත කිහිපයක් එළිදක්වලා තියෙනවා. මම දන්නේ නැහැ මට හොඳටම පුළුවන් මේ ක්ෂේත්‍ර දෙකෙන් මොකක්ද කියලා. ගායනයට වගේම, රංගනයටත් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ වැඩේ භාරගෙන වැඩ කරනවා.

 

කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ක්ෂේත්‍රය ගැන හොඳයි කියන්නත් බැහැ, නරකයි කියන්නත් බැහැ. ඒත්, අලුත් කෙනෙක්ට අත දෙනවා ඇරෙන්න, ඒ කෙනාව කපලා දාන්න ඉන්න පිරිස ගොඩක් වැඩියි. දක්ෂම වෙන්න ඕන නැහැ මේ ක්ෂේත්‍රවලින් ඉදිරියට යන්න. වෙන වෙන ක්‍රම සහ විදිවලින් බොහෝ අය අද ඉදිරියට එනවා. මාත් ලොකු කට්ටක් කාලා තමයි මේ තැනට ආවේ. වාසනාව කියන දේ තියෙනවා නම්, මේ ඔක්කොම වෙනස් වෙන්නත් පුළුවන්.

 

ඉදිරි වැඩ කටයුතු?

ඉදිරියට නාලක විතානගේ අයියාගේ නාට්‍යයක් එන්න තියෙනවා, මම එයට රංගනයෙන් දායක වුණා. එහි වැඩ මේ දවස්වල කුමන හෝ හේතුවක් මත නතර කරලා තියෙනවා. ලබන මාසේ ඉඳලා නැවතත් ඒ නතර වුණ වැඩ ආයෙත් පටන් ගන්නවා. ඒ එක්කම මගේ ගීතයට රූප රචනාවක් නිර්මාණය කරලා ඒකත් පුළුවන් ඉක්මනට එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. අනවශ්‍ය පුද්ගලයන් නිසා මගේ වැඩ ගොඩක් අත්හැරුණා. ඉතින් ඒ වැඩ ආයෙත් පටන් අරගෙන ඉදිරියට යන්න ඕන.

 

මේ වසරේදී ඔබගේ ජීවිතේ වෙනසක් වෙයිද?

පෙම්වතෙක් නම් මට නැහැ. මට අවශ්‍ය නැහැ අද විවාහ වෙලා හෙට දික්කසාද වෙන්න. මට අවශ්‍යය මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්ට. එහෙම කෙනෙක් ලැබුණොත් මේ වසරේ දී මගේ පෞද්ගලික ජීවිතේ වෙනසක් වේවි.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

අම්ම, තාත්තා, නංගිලා දෙන්නා මට ලොකු ශක්තියක්. තාත්තා දැනට විදෙස් ගත වෙලා ඉන්නේ. නමුත්, මං ගැන නිතරම හොයලා බලනවා. පවුලේ අයට අමතරව සත්සර, සුපුන්, යොහාන් අයියලා මතක් කළ යුතුයි. මට උදව් කළාට වඩා වැඩි පිරිසක් ඉන්නවා මට හිනා වුණ අය, අපහසුතාවයට පත් කළ අය. ඒ අයත් එක්ක මගේ කිසිම තරහක් නැහැ. ඒ අය හැමෝටම මම ආදරෙයි.

 

 2018-04-28-ent-15 2018-04-28-ent-16