මගේම කියලා ව්‍යාපාරයක් කරන්න කැමතියි
වෙළෙඳ දැන්විම් බොහෝමයක රංගනයෙන් දායක වෙමින් රසික ආදරය දිනාගත් ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් ලෙස සජනි මුදුන්කොටුව හැඳින්විය හැකිය. මේ වනවිට ඉතාලියේ වෙසෙන ඇය මේ දිනවල සුරේඛා ප්‍රනාන්ඳු විසින් ඉතාලියේ සංවිධානය කරන "මිස් ශ්‍රී ලංකා" තරගයේ අංශ සංවිධායිකාව වශයෙන් කටයුතු කරමින් සිටියි. "සාරවිට" තරු කතා බහට එක්වු සජනි සිය තොරතුරු අපිට මෙසේ පැවසුවෙමු.
ක්ෂේත්රයට එන්නේ?
"සැලෝන් බුද්ධි" රූපලාවණ්‍ය ආයතනයේ මගේ මිතුරියක් මාව මනාලියකට හැඩගැන්වුවා. ඒක දැකලා ඊට පස්සේ කිහිප දෙනෙක් ආරාධනා කළා එවැනි විලාසිතා දැක්මවල් සඳහා එකතු වෙන්න කියලා. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්රයට ආවේ. වාසනා දන්තනාරයන හා අර්ණ සේනානායක යන ගුරුවරුන් යටතේ පසුව මම නිරූපණය පිළිබඳව හැදෑරුවා.
නිරූපණ ශිල්පිණියක් විදිහට දිගින් දිගටම කටයුතු කරන්න හිතුවේ ඇයි?
මම මනාලියක් ලෙස පෙනි ඉන්න හැම වෙලාවෙම ආස කළා. ඒ හින්දම තමයි මම නිරූපණ ක්ෂේත්රය තෝරා ගත්තේ. මොකද, නිතරම වගේ නිරූපණ ක්ෂේත්රය තුළ %බ්‍රයිඩ්ල් ෂෝ^ තියෙනවා. දැන්නම් ගොඩක්ම කරන්නේ විලාසිතා නිර්මාණය කරන එක. නමුත්, ඉඳලා හිටලා නිරූපණ වැඩ වලටත් දායක වෙනවා.
දායක වෙලා තියෙන කලා කටයුතු ගැන කිව්වොත්?
ගොඩක්ම පෙනි හිටියේ "බ්‍රයිඩ්ල් විලාසිතා" වලට. ඊට අමතරව "ඩයලොග්", හැටන් නැෂනල් බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, ඇට්ලස් කියන වෙළෙඳ දැන්විම් වලට පෙනි ඉඳලා තියෙනවා. ඒ වගේම අදටත් මා පෙනි සිටි "නෙස්ටමෝල්ට්" දැන්විම් පුවරු දකින්නට ලැබෙනවා.
පොඩි කාලේ හීනේ වුණේ?
මගේ ආසව තිබුණේ හොඳ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න. අද වන විට මම මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩක් දේවල් ගොඩ නගාගෙන තියෙනවා.එක රැකියාවකට සීමා වෙන්න මම පොඩි කාලේ ඉඳලා හිතුවේ නැහැ. විවිධ අංශ වල රැකියාවන් මම කළා. අදටත් මම ගොඩක් දේවල් අධ්‍යයනය කරමින් ඒවා ඉගෙන ගන්නවා.
නිරූපණ ක්ෂේත්රය තුළ තවත් ඔබට ඉලක්ක තියෙනවාද?
නිරූපණ ක්ෂේත්රය තුළ මම දිගු ගමනක් යන්න අපෙක්ෂා කරන කෙනෙක් නෙවෙයි. නමුත්, මගේම කියලා ව්‍යාපාරයකට යොමු වෙලා එය දියුණු කරන්න අදහස් කරමින් ඉන්නවා. විනෝදයට තමයි නිරූපණ වැඩ වලට යොමු වෙන්න. ඉතින් මම ලොකුවට කාර්යබහුල කෙනෙක් නෙවෙයි. ඒ හින්දා මගේම දෙයක් කරලා ඒ තුළින් ඉදිරියට යන්න තමයි මම අදහස් කරමින් ඉන්නේ.
උදව් කළ පිරිස ගැනත් කියමු?
මම ලංකාවේ ඉන්න කොට ගොඩක් අය මට උදව් කළා. ඉතාලියේ ඉන්න කොට මගේ මෙකප් හෙයාර් ස්ට්‍රයිල් වගේ වැඩ කළේ සුරේඛා ප්‍රනාන්දු. ඡායාරූප ගත්තේ නාලක සිල්වා. සඳුන් හේවගේ, විලාසිතා නිර්මාණ ශිල්පිණියක වන ශානිකා මාරසිංහ මගේ පවුලේ අම්මා, තාත්තා දෙන්නවා ඒ හැමෝම මට ගොඩක් උදව් කරලා තියෙනවා.
බුද්ධික සේනාධීර