මගේ හීනය දක්ෂතම නිළිය සම්මානය ලබා ගැනීමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-18

රංගන හැකියාව මෙන්ම රූමත් බවත් ආභරණයක්. විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් ඔබේ ආලින්දයට එබී බලන ඇයත් රූමත් හැඩකාරියක්. රංගනයට උනන්දුවක් දක්වන සහ රංගන ජීවිතයට ආදරයක් දක්වන ඇය, අද සිිරිකත අප හා කතාබහට එක් විය. ඒ රංගන ශිල්පිනී හිරුණි රණසිංහයි.

ENT-20200824-19

ඔබ මොනවගේ චරිතයක්ද?

හිරුණි රණසිංහ කියන්නේ ඇත්තටම ගොඩක් සුහදශීලී, හුඟක් හිනාවෙලා ඉන්න කැමති මිත‍්‍රශීලී, හැමවෙලාවකම මුහුණේ හිනාව තියන චරිතයක්.

 

ඔබේ ගම, පාසල ගැන ටිකක් කතා කළොත්?

මම ගම්පහ, පාසල් ගියේ මුලින්ම බණ්ඩාරවත්ත පරාක‍්‍රම මහා විද්‍යාලයට. පස්සේ බොරැුල්ලේ ඕල්සෙන්ට් බාලිකාවට ගියා. ඊට පස්සේ ්රැුඛ කරලා සරසවියට තේරුණේ නර්තන අංශයෙන්. මම විශ්වවිද්‍යාලයට නොගිහින් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලට යොමු වුණා. රංගනය ගැන අවුරුදු තුනක් විතර එහි ඉගෙන ගත්තා.

 

ඇයි රංගනය වගේ ක්ෂේත‍්‍රයක් තෝරාගන්නේ?

මට කුඩා කාලයේ සිටම තිබුණු ආසාවක් එය. නිළියක් වෙන්න ඕනෑ කියලා තමයි පොඩිකාලේ ඉඳලම කැමැත්ත තිබුණේ.

 

සමහර අය හිතනවා ර`ගපාන්න අවස්ථාව ලැබෙන්න ලස්සන තියෙන්න ඕනෑ කියලා මොකද හිතන්නේ ඒ ගැන?

එහෙම නෑ. වැඩිපුර දක්ෂතාව තියන කෙනාට ලස්සනට වඩා දක්ෂතාවට තැන ලැබෙනවා. දැන් අපේ ඉන්න න`ඵ නිළියොත් ඔක්කොම එකවගේ ලස්සන නැහැනේ. මොනව වුණත් දක්ෂතාවට තමයි මුල්තැන තියෙන්නේ නේද? ලස්සන කියන්නේ එකදෙයක් විතරයි.

 

මොනවද මේ දවස්වල සම්බන්ද වෙලා ඉන්න ටෙලිනාට්‍ය?

මේ දවස්වල පුලිගු, අහස් මාලිගා, රැුස්, ඇය, යන ටෙලි නාට්‍ය හතරකටම මම රංගනයෙන් දායක වෙනවා. මගේ තව ටෙලිනාට්‍යක් ඉදිරියේදී විකාශනය වීමට නියමිතව තිබෙනවා. ඒවා තමයි ඉතින් මේ දවස්වල වැඩ කටයුතු.

 

ඒ අතර වැඩිපුර කැමති චරිතයක් තියනවද?

මම හැම චරිතයකටම ආසයි. ගොඩක් පේ‍්‍රක්ෂකයෝ මාව වැලඳගත්තේ අහස් මාලිගා නාට්‍යයේ මම කරපු චරිතයෙන්. ඒ අතරේ ”රැුස්” නාට්‍යයේ ලින්ඩා කියන චරිතයත් පේ‍්‍රක්ෂකයෝ අතරට ගියා.

 

යෞවන සහ රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කරලා තියනවද?

ඔව්, මම 2016 දී නියෝජනය කළා. එතකොට මම තරුණ සේවා නාට්‍ය පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. 2018 මම රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කළා.

 

රංගන ක්ෂේත‍්‍රයේ ඔබ අධ්‍යනය කරන ප‍්‍රවීණයෙක් එහෙම ඉන්නවද?

එහෙම එක්කෙනෙක් කියල නැහැ. ටෙලි නාට්‍ය, චිත‍්‍රපටවල එක එක විදියේ චරිත වලින් ඉස්මතු වන දේ තියනවනේ, ඒ දේවල් මම ගන්නවා. ගොඩක් වෙලාවට මම ඒ දේවල්වලින් ඉගෙන ගන්නවා. අපි ඉතින් ඒ දේවල් වලිනුත් පොඩි පොඩි දේවල් හොරා ගන්නවා. අනික මම පාරේ ගමන් කරන, බස්වල යන එන කෙනෙක්. ඉතින් පොළට ගියත් බඩු විකුණන්නේ කොහොමද? පාරේ හි`ගන්නෙක් හිටියත් ඒ හැම චරිතයක්ම නිරීක්ෂණය කරනවා. මොකද අපිට ඒක වැදගත් වෙන නිසා.

 

මේ ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය චරිතයක් වෙන්න නම් මොකද කරන්න ඕනෑ

ඒකට නම් උත්තර දෙන්න ටිකක් අමාරුයි. තමන් හරියට හො`දට වැඩ කරනවා නම්, තමන් හිතන විදිය නිවැරදි නම්, මම හිතනවා ජනප‍්‍රිය චරිතයක් වෙන්න පු`ඵවන්.

 

චිත‍්‍රපටවලට ආරාධනා ලැබිල නැද්ද?

තාම චිත‍්‍රපටවලට නම් ආරාධනා ලැබිල නෑ. මම වේදිකාවයි පුංචි තිරයෙයි තමයි දැනට වැඩ කටයුතු කරගෙන යන්නේ. චිත‍්‍රපටයකට ආරාධනා ලැබෙනවා නම් ඉතින් මම කැමතියි.

 

ඔබත් රැුල්ලට ජනප‍්‍රිය චරිතයක්ද?

නෑ කොහෙත්ම නෑ. මට තියෙන්නෙ පුංචි තැන ඉඳල පටන් අරන් පැමිණි ගමනක්. රැුල්ලට යන්න ඕනෑ කියන අචහසක් මට නෑ. මම හෙමින් මගේ ගමන යනවා.

 

මොකද්ද ර`ගපාලා බලාපොරොත්තු වෙන්නේ?

මගේ හීනය දවසක දක්ෂතම නිළියට හිමි සම්මානය ලැබීම

 

වර්තමානයේ රංගන ක්ෂේත‍්‍රයට අලූතෙන් පැමිණෙන හුඟක්දෙනා ගායන, නිරූපණ නර්තන ආදී තරගවලින් පැමිණි අයයි. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

තමන් රංගනයට කැමති නම් ඒක ඉගෙන ගන්න ඕනෑ. නිරූපනය කළාට සිංදු කිව්වට රංගනයට පිවිසෙන්න පු`ඵවන් වුණාට හැමදෙනාටම පවතින්න බෑ. කැමරාවක් ඉදිරියේ කොහොමද හැගීම් ප‍්‍රකාශ කරන්නේ? ඒ හැමදෙයක් ගැනම අපිට දැනුමක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව මේ ක්ෂේත‍්‍රයේ තාක්ෂණයෙන් පරිපූර්ණ රංගන ශිල්පියෙක් වෙන්න අපහසුයි.

 

කොහොමද කැමරාවක් ඉදිරියේ ඔබේ පළවෙනි අත්දැකීම?

ඇත්තටම එක නම් හරිම චකිතයක් දනවන මොහොතක්. මට තිබුණේ රේල් පාරක් ළ`ග ඈතින් කෝච්චියක් එනවිට පාරෙන් එහා පැත්තට දුවල ගිහින් දෙබසක් කියන අවස්ථාවක්. ඒක ටිකක් මට හිතට කලබලයක් ඇති කරපු දෙයක්. පස්සේ පස්සේ ඉතින් වැඩකරද්දි කැමරාවට තියන බය නැතිවෙලා ගියා.

 

ඔබේ පියා ටෙලා නාට්‍යයක් නිෂ්පාදනය කළා නේද?

ඔව්, මගේ තාත්තා නිෂ්පාදකවරයෙක්. ඔහු එක් නාට්‍යක් නිෂ්පාදනය කරල තියනවා. නාලක මෙන්ඩිස් මහත්තයා තමයි එය අධ්‍යක්ෂණය කළේ. නුදුරේදිම එම ටෙලි නාට්‍යයත් විකාශනය වේවි.

 

ඔබ මොනවගේ විලාසිතාවලටද වැඩිපුර කැමති?

මම වැඩිපුර කැමති සැහැල්ලූ ඇ`දුම් අ`දින්න. බාටා දෙකක් දාලා හරි සැහැල්ලූ ඇ`දුමකින් ඉන්න තියෙනවා නම් මම කැමතියි.

 

මොකද්ද අනාගත බලාපොරොත්තුව?

හැමදාම සතුටින් සිටීම තමයි ලොකුම බලාපොරොත්තුව.

 

සටහන - නයනා උදයංගනී

ඡායාරූප - සජීව ලක්ෂාන්

 

  ENT-20200824-20