මගේ හීනය ගැන මගෙන් අහන්න එපා
ඔයා කවුද?
මගේ නම ශෂී හේවගේ. හැබැයි මම දැන් වැඩිපුරම ලංකාවේ නෙමෙයි ඉන්නේ.
ඔයා හිතන විදිහට ඔයා ලංකාවේ නමක් තියෙන මොඩ්ල් කෙනෙක්ද?
ඔව්... මම හිතනවා මම ලංකාවේ නමක් තියෙන මොඩ්ල් කෙනෙක් කියලා.
කොහොමද එහෙම කියන්නේ?
ඒක මට දැනෙනවා. මම එළියට ගියාම වුණත් ගොඩාක් දෙනෙක් මාව අඳුරනවා.
මොඩ්ල් කෙනෙක් විදිහට ඔයාගේ life එක?
ඇත්තටම මොඩ්ල් කෙනෙක් කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් නෑ. මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍ය කෙල්ලෙක්. වැඩිපුරම මම කාලය ගත කරන්නේ මටමයි. මගේ ජීවිතේ වැඩිපුරම කාලයක් වෙන්කරන්නෙත් මටමයි. මම තනියම ජීවිතේ ගත කරන්න කැමති කෙනෙක්.
කවුද ඔයාගේ ඇඳුම් Design කරන්නේ?
දැනට මගේ සාමාන්‍ය ජීවිතේ බොහෝ ඇඳුම් මමමයි Design කරගන්නේ. ඊට අමතරව විශේෂ අවස්ථාවලදී සබ්රේ ජුනයිඩ්, කමල් හේවාවිතාරණ සහ අරෝෂ් ජයන්ත මගේ ඇඳුම් Design කරනවා.
ඇඳුම් අඳිද්දි කොට වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
නෑ.. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම කොටට ඇඳුම් අඳිනවා.
රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද?
රඟපාන්න මට ආරාධනා ලැබුණා. ඒත් මම කැමති චරිතයක් කරන්න මට තාම අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ.
මොකක්ද professional life එකේ main target එක?
මම ඇත්තටම මගේ හීනේ ගැන කියන්නේ නෑ. හීන ගැන කියන්න මට බයයි. ගොඩාක් මිනිස්සු ඒ ලස්සන දේවල් කඩන්න තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා මගේ හීනේ හැබෑකරගත්ත දවසට කාටත් ඒක දකින්න ලැබේවි.
Text I Dishani / Pic by l Malaka