මගේ හඬට කැමැති අය මගේ ගීත රසවිඳියි
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති ගීතයක් ලෙස "ඇසි පියන්" ගීතය හැඳින්විය හැකිය. මිහිඳු ආරියරත්න සමගින් සෙව්වන්දි වීරසිංහ මෙම ගීතය ගායනා කරනු ලබන අතර කැනඩාවේහි පදිංචිව සිටින සෙව්වන්දි මේ වනවිට ශ්‍රී ලංකාව සඳහා පැමිණ සිටින්නීය. සෙව්වන්දිගේ සංගීත දිවිය පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස අප හා එක් විය.
මුලින්ම ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මම සෙව්වන්දි වීරසිංහ. ගායන ක්ෂේත්රයට ළඟදී එකතු වුණේ. දැනට ගීත පහක් විතර කරලා තියෙනවා. රාගධාරී සංගීත යම්තාක් දුරට හදාරලා තියෙනවා.
ගායන ක්ෂේත්රයට ඇතුළත් වෙන්නේ?
සංගීතයට මම පොඩි කාලේ ඉඳන්ම ආස කරනවා. පාසල් කාලයේ සංගීත තරගවලට පවා සහභාගී වෙලා තියෙනවා. ඒ වගේ සංගීතයට නැඹුරුකමක් තියෙනවා. ගායනයට නැඹුරු වෙන්න ආසාවක් තිබුණත් ඒ සඳහා වෙලාවක් ලැබිලා තිබුණේ නැහැ. ඒ ආසාව හිතේ තිබුණ නිසා ගායන ක්ෂේත්රයට යොමු වෙන්න හිතුවා. මම ඇත්තටම විනෝදාංශයක් විදිහට තමයි ක්ෂේත්රයට ඇතුළත් වුණේ. මම කැනඩාවේ පූර්ණ කාලීන රැකියාවක් කරනවා. ආසාවට එකක් කළා. ඒක දෙක තුන වෙලා දැන් සින්දු කියනවා.
මෑත කාලයේදී ඔබව බොහෝ දෙනා දැන ගත්තේ මිහිඳු ආරියරත්න සමග කරපු ගීතය නිසයි?
ඔව්. ඒ "ඇසි පියන්" ගීතයයි. ආදරෙන් මතක් කරන්න ඕනේ චතුරංගන ද සිල්වා. ඔහු තමයි මේ සඳහා අවස්ථාව ලබා දුන්නේ. ඔහුගේ අදහසක් ඒක. මිහිඳු ආරියරත්න එක්ක සිංදුවක් කරන්න කියන්න ඕනේ කියන එක. මිහිඳුවත් ආදරෙන් මතක් කරන්න ඕනේ. මොකද ඔහු කැමති වුණා මං වගේ ආධුනිකයෙක් එක්ක ගීතයක් ගයන්න. මමත් ඒ සඳහා ආසාවෙන් කැප වුණා. මොකද මිහිඳු කියන්නේ මමත් ආසම ගායකයෙක්. ඒක මං ආදරෙන් කළා. වීඩියෝව කළේ කැනඩාවේ. පද රචනය කළේ ෂෙහාන් ගලහිටියාව.
ඔබත් සමාජ මාධ්‍ය තුළින් තමයි ජනතාව අතරට එන්නේ?
ඇත්තටම ඔව්. සමාජ මාධ්‍ය අද වෙද්දි විශාල වශයෙන් භාවිතා කරනවා. මාධ්‍යයට යොමු වෙන්නත් අමාරුයිනේ. මොකද රූපවාහිනියක ගීතයක් ප්‍රචාරය කර ගැනීම හරි අමාරු වැඩක්. පිටරටක ඉඳලා සිංදුවක් කරන්න ලංකාවේ කෙනෙක් හොයාගන්නේ කොහොමද කියන එකත් තේරුණේ නැහැ. චතුරංගන ද සිල්වා හින්දා ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසා අපි හිතුවේ සමාජ මාධ්‍ය ඔස්සේ ගීත ප්‍රචාරණය කරන්නයි. ඒ දේ අපි කරලා බැලුවා.
එළිදක්වපු ගීත සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?
දැනට මගේම සිංදු හතරක් තියෙනවා. ඇත්තටම හොඳයි සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. නමුත් ලොකු පිරිසක් අතරට මම ගිහින් නැතුව ඇති. සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් ඉන්නේ සීමිත සංඛ්‍යාවක්නේ. ඉතින් ඒ බලන කට්ටියගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හරි සතුටුයි ඒ ගැන.
ගීත එළිදක්වන්නේ එකම ආරයක් ඔස්සේද?
මම කැමැති ඕනෙම ආරෙක ගීත ගායනා කරන්න කැමතියි. නමුත් මම හිතන්නේ නැහැ මම වේග රිද්ම ගීත ගයයි කියලා. මම කැමැතියි එක එක ආරෙක ගීත ගායනා කරන්න. මම පර්යේෂණාත්මක ගීත කරන්න මම ආසයි.
සංගීත පැත්තේ බලාපොරොත්තු?
විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ මහත්තයා උදිත. ඔහු තමයි මට ලොකු සහයෝගයක් දෙන්නේ මේ දේ කරන්න. නැත්නම් කරන්න අමාරුයි. ඉදිරියටත් සිංදු කිහිපයක් එළියට එන්න තියෙනවා. මම ආසයි නිර්මාණ බොහෝමයක් කරන්න. මගේ හඬට කැමැති අය මගේ ගීත රසවිඳියි, ප්‍රතිචාර දක්වයි කියලා හිතනවා. පෙබරවාරි මාසයේ ගීතයක් එන්න තියෙනවා. ඒවා ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.
මේ ගමනට අතහිත දුන් අය ගැන මතක් කළොත්?
මුලින්ම මගේ සැමියා. ඔහු උදිත කුරේ. චතුරංගන ද සිල්වා සහ ඔහුගේ බිරිඳ. ඒ දෙන්නා නැත්නම් මට මේ දේ කරන්න බැහැ. ඊට පස්සේ මිහිඳු ආරියරත්න. ඔහු හරි හිත හොඳ කෙනෙක්. ඔහුත් ලොකු සහයෝගයක් දෙනවා. සම්පත් ප්‍රනාන්දුපුල්ලේ සහ මගේ අම්මා තාත්තා සහ මගේ පවුලේ අය ආදරෙන් මතක් කරනවා.
Dilan Chryshantha