මගේ සාර්ථකත්වය හොයාගන්න ඕන මමමයි
A bee is never too busy; it's just that it can't buzz any slower!
මම පොඩ්ඩක් රංගනය පැත්තට යොමුවුනා පහුගිය කාලයේදී. මේ වෙනකොට ටෙලිඩ්‍රාමා දෙකක් කරලා තියෙනවා. එකක් භවාන්තර. අනික මිහිදුම් සරණ. භවාන්තර නම් ටෙලිකාස්ට් වෙලා ඉවරයි. මිහිදුම් සරණ ෂූටින් ඉවරයි. ඒ නිසා මම මොඩ්ලින් වැඩම ආයෙමත් කරගෙන යනවා. වැදගත්ම දේ තමයි මම ඉගෙන ගත්තු මගේ ක්ෂේත්‍රය වෙන මෝස්තර නිර්මාණය ඔස්සේ දෙයක් කරන්න මගේ තිබුණු හීනය සාර්ථක කරගන්න මේ දවස් වල වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ මගේම brand එකක මගේම Clothing line එකක්. ඩුප්ලිකේෂන් පාරේ තමයි මගේ බූටික් ෂොප් එක විවෘත වෙන්නේ. මගේ brand එක යටතේ එන හැම ඩ්‍රෙස් එකකම ඩිසයිනර් මම.
It was all about finding the right guy to exchange the right words!
මම මාස කිහිපයකට කලින් විවාහ වුණා. මගේ හස්බන්ඩ් ඡායාරූප ශිල්පියෙක්. ඇත්තටම එයා මීට අවුරුදු හයකට හතකට කලින් ඉඳලා මම දැනගෙන හිටපු මගේ යාළුවෙක්. ලඟින්ම හිටපු යාළුවෙක් නෙවෙයි. ඒත් මුණගැහිලා එහෙම තිබුණා. එයා ගොඩක් කල් ලංකාවේ හිටියෙත් නෑ. හැබැයි එයා ලංකාවට ආවට පස්සේ අපි කතා බහ කරන්න පටන් ගත්තා. එහෙම කථා කරලා කරලා කරලා කොහොම හරි දෙන්නා යාලු වුනා!
එයා මම මොඩ්ල් කෙනෙක් විදියට වැඩ කටයුතු කරන එකට, මෝස්තර නිර්මාණ ශිල්පිනියක් විදියට කරන මගේ රස්සාවට මාරම සපෝට් එකක් දෙන්නේ. මට මතකයි මම GO එකත් එක්ක කරපු කලින් ඉන්ටර්වීව් එකේදී කිවුවා මම ආස කරන්නේ ටිකක් possessive බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කියලා. ඒ වගේම මම කිවුවා මතකයි මමත් ටිකක් possessive, හැබැයි තවදුරටත් පොඩි ගෑණු ළමයෙක් නොවෙන නිසා ඒක ටිකක් අඩු කරගන්න උත්සාහ කරනවා කියලා. මතකද? දැන් මගේ හස්බන්ඩ් චුට්ටක් විතර එහෙම තමයි. හැබැයි බලනකොට මම තාමත් ඒ විදියම තමයි. මම හිතන්නේ ඒක ආදරේ එක්ක එන එකක්. ආදරේදී possessive වෙන එක මම හිතන්නේ පිරිමි ළමයින්ටත් වඩා ගෑණු ළමයින්ගේ තමයි හොඳටම තියෙන්නේ.
Acting is always a challenge!
මම මුලින් පටන් ගත්තේ නිරූපණ ශිල්පිණියක් විදියටනේ. පසුකාලීනව තමයි රංගන ශිල්පිණියක් වෙන්නේ. කොහොම වුනත් මේ ක්ෂේත්‍රයන් දෙකේ තියෙන වෙනස මට හොඳට දැනෙනවා. හැබැයි මට පුද්ගලිකව ගත්තහම මොඩ්ලින් වලට වඩා ඇක්ටින් වලදී ලොකු කැපකිරීමක් කරන්න වෙනවා කියලා හිතිලා තියෙනවා. ඒ කියන්නේ දරන්න වෙන වෙහෙසත් එක්ක ගත්තහම. සමහර වෙලාවට දවසම ෂූටිං තියෙනවා. නින්ද වුනත් සීමාසහිත වෙනවා. ඒ වගේම ඇක්ටින් වලට ලොකු ටැලන්ට් එකක් තිබීම අනිවාර්ය දෙයක්. ඒ කියන්නේ අඩුම ගාණේ රංගනයෙන් ඉදිරි ගමනක් යන්න හිතනවා නම්, විශිෂ්ට නිර්මාණයක කොටස්කාරයෙක් වෙන්න වුවමනාවක් තියෙනව නම් ඒ ටැලන්ට් එක, දක්ෂතාවය තිබීම හෝ ඇතිකරගැනීම අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. මට හිතෙන්නේ රංගන ක්ෂේත්‍රයේ එක රැයින් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවාට වඩා හිමින්, ස්ථාවර ගමනක් යන්න, තමන්ගේ දැනුම සහ දක්ෂතාවයන් අත්දැකීම් එක්ක වැඩිදියුණු කරගන්න කටයුතු කරන එක තමයි නියම විදිය වෙන්නේ. ඒක හරිම අමාරුයි කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි කෙටි ක්‍රම වලින් රංගන ක්ෂේත්‍රයේ උඩට නගින්න උත්සාහ කරනවාට වඩා ඒ අමාරු පාරේ යන කෙනෙක් කඩාගෙන වැටෙන්නේ නෑ.
මට මගේ පළවෙනි ටෙලිඩ්‍රාමා එක කරනකොට ලැබුණු වාසනාවක් තමයි ප්‍රවීණ, ජ්‍යෙෂ්ට නළු නිළි පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණු එක. එතනදී ඒ ප්‍රවීණයෝ මට පුදුම විදියට උදවු කලා. සපෝට් කලා. හේමසිරි ලියනගේ, විශ්වජිත් කරුණාරත්න, පාලිත සිල්වා වගේ ජ්‍යෙෂ්ටයෝ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු පිටුවහලක් වුණා. රංග බණ්ඩාරනායකගේ පළමුවෙනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වුණු භවාන්තර ගැන මම මේ කියන්නේ.
Text: Pathum Punchihewa
Photography: Viraj Fernando
Graphics: Anushi Dantanarayana