මගේ වෘත්තිය මට කොහොමත් නිදහස්
ඔයා ගැන මුලින්ම හැඳින්වීමක් කරන්න.
මගේ නම මදුෂානි. හුඟක් අය මට ආදරේට කියන්නෙ ෂානි කියලා. මම බෝර්ක ටුවර්ස් කියලා ඒජන්ට් එකක වැඩ කරන්නෙ. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි,මල්ලී අක්කයි.
ඔයා කොයි කාලෙද මේ මොඩ්ලින් ෆීල්ඩ් එකට එන්නෙ?
මම මුලින්ම ෆීල්ඩ් එකට ගෙනාවෙ සුපුන් කියන අයියා කෙනෙක්. දැනට මාස එක හමාරක් විතර ඇති. සුපුන් ඔහු තමයි කිවුවෙ නංගි අපි photo shoot එකක් කරමු කියලා. එයත් එක්ක shoot එකක් කළා. ඊට පස්සේ තමයි මට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ.
ඔයා නිරූපනය පිළිබඳ හදාරනවද?
තාමනම් ඒ ගැන මොනවත් හිතලා නෑ. මම ජොබ් එකක් කරන ගමන් මේ දේවල් කරන්නෙ. ඉස්සරහට ඉතින් බලනවා, එහෙම කරන්න පුළුවන් වුණොත් කරනවා.
නිරූපණය කිරීමේදී රැකියාවට බාධාවක් එල්ලවෙන්නේ නැද්ද?
මගේ වෘත්තිය මට කොහොමත් නිදහස්. මට ඕනෙ දෙයක් කරන්න නිදහස තියනවා. එහෙම ප්රශ්නයක් නෑ. කාලය වෙන් කරගන්න පුළුවන් මට.
ඔබට ගෙදරින් ඉඩකඩ දුන්නද මේ ක්ෂේත්රයට එන්න.
මගෙ අම්මිගෙන් ප්රශ්නයක් නෑ. එයා මට හොඳ දෙයක් කරන්න ඉඩකඩ දෙනවා කොහොමත්. හොඳින් පරිස්සමින් කරන්න කියලා.
මොනවද ඔයා මේ ක්ෂේත්රය ගැන හිතන්නෙ.
මිනිස්සු දකින විදිය වෙනස්. සමහරක් අය හොඳ විදියට දකිනවා සමහර අය නරක පැත්ත දකිනවා. අපි හොඳ දෙයක් කරනවානම් ඒක වැරදී කියලා කියන්න බැහැනෙ. අපි දැනගන්න ඕනෙ ඒක කොහොමද කරන්නෙ කියලා එහෙම තමයි මම හිතන්නෙ.
ඉදිරි කටයුතු හා ඉදිරි බලාපොරොත්තු ගැන කියන්න
මගේ ඉදිරි බලාපොරොත්තු කියන්නෙ මගෙ අම්මට මම ගොඩක් ආදරෙයි. මගේ හැමදේම මම කරන්නෙ මගේ අම්මා වෙනුවෙන්. මගේ එකම බලාපොරොත්තුව තමයි මගේ අම්මා ආසා කරන දේවල් දෙන එක. එයා කැමති තැන්වල එක්කන් යන එක. මගේ කියලා කිසි දෙයක් මම හිතලා නෑ තාම. අම්මා ගැන තමයි හිතන්නෙ මම. එයා වෙනුවෙන් තමයි ඔක්කොම.