මගේ විවාහ ලබන වසරේදී සිදු වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-100

රංගන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙසද මේ වනවිට ජනප්‍රියව සිටින හෂි මනිමේන්ද්‍ර මෑත කාලයේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් යෞවනියකි. රංගන ශිල්පිනියක ලෙස දැනට කලා නිර්මාණ කිහිපයකටම දායකව සිටින ඇය තවත් නොබෝ දිනකින් සිය අලුත්ම ගීතය රූප රචනාවක්ද සහිතව එළිදක්වන්නට බලාපොරොත්තු වෙන් සිටියි.

 

ඔබ ගායිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

2017-07-20-ent-101රංගන ශිල්පිනියක් විදිහට දැනට කලා නිර්මාණ කිහිපයක වැඩ කරලා තියෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳුන චරිතයක් තමයි සුපුන් රත්නායකගේ ‘මගේ ආදර අවනඩුව’ ටෙලි නාට්‍යයේ ‘පියුම්’ කියන චරිතය. ගායිකාවක් විදිහටත් දැනට ගීත කිහිපයක් කරලා තියෙනවා. තවත් නොබෝ දිනකින් මගේ අලුත්ම ගීතය හා එහි රූප රචනාව එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

පාසල් යන කාලේ කලාවට තිබුණ කැමැත්ත?

මම පාසල් තුනකට ගියා. විහාර මහා දේවී, විද්‍යා දීප හා යක්කල චන්ද්‍රජෝති විද්‍යාලවලට. පාසල් යන කාලේ කලාවට ලොකු කැමැත්තක් තිබුණා. නර්තනය, සංගීතය මේ හැමදේකටම මම සහභාගි වෙලා තියෙනවා. සංගීතයට තමයි ලොකුවටම කැමැත්තක් තිබුණෙ.

 

රූපරාජිනී තරගයකටත් ඔබ ඉදිරිපත් වුණා?

ඔව්, මේ මාසේ තිබුණ ‘මිස් යුනිවර්ස්’ තරගයට මම ඉදිරිපත් වුණා. ඒක මගේ පළමු වැනි මිනි ෆැජන්ට් එක. අන්තිම තරගකාරියන් 15 දෙනා අතරටත් මම ආවා. ඒත් පෞද්ගලික හේතුවක් මත මම ඒ තරගයෙන් ඉවත් වුණා. ගොඩක් ආසාවෙන් තමයි මම ඒ තරගයට ඉදිරිපත් වුණේ.

 

ඉදිරි ඉලක්ක මොනවද?

ගායිකාවක් විදිහට ඉදිරියට යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම රංගන ශිල්පිනියක් විදිහට කලා නිර්මාණවලටත් දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ජනප්‍රිය වෙනවට වඩා මගේ දක්ෂතාවයෙන් නමක් හදාගන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම මගේ විවාහය ලබන වසරේදී සිදු වේවි කියලා හිතනවා. දැනට මට ආදරය කරන කෙනෙක් ඉන්නවා.

 

උදව් කළ අය?

මගේ පවුලේ අය මට ගොඩක් උදව් කරනවා. විශේෂයෙන්ම මගේ අම්මා. අදටත් මගේ අම්මා තමයි මගේ ආරක්ෂකයා. අම්මත් එක්ක තමයි මම හැම කලා කටයුත්තකටම දායක වෙන්නේ. තාත්තා ලංකාවෙ නැතිවුණත් නිතරම මා ගැන හොයලා බලනවා. ක්ෂේත්‍රයේ ගොඩක් අය මට උදව් කරනවා. නම් නොකිව්වත් ඒ අය හැම දෙනාවම මේ මොහොතේදී ආදරයෙන් මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

 2017-07-20-ent-103 2017-07-20-ent-102