මගේ ව්‍යාපාරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-13-ent-74

නිරූපණය විනෝදාංශයක් ලෙස සිදුකරන මෙම යුවැත්තිය තමන්ගේම ව්‍යාපාරයක් සිදුකිරීමෙන් බලාපොරොත්තුවෙන් සිටින්නීය. මල්ෂා ශලනි ජයවර්ධන නම් වන ඇය ‘සාරවිට’ සමගින් එකතු වූ මොහොතකි.

 

මේදිනවල රැකියාවත් සමග නිරතවන වැඩකටයුතු මොනවාද?

2017-02-13-ent-78රැකියාව කරනවා. මම මියුසික් වීඩියෝ දෙකක් සඳහා සහභාගී වුණා. තවම රිලීස් වුණේ නැහැ. ආරාධනා ගොඩක් ලැබුණත් රැකියාවත් සමග කාලය වෙන්කරගැනීම අපහසු නිසා ඒවා භාරගත්තේ නැහැ.

 

රැකියාව නිසා ඔබේ කැමැත්ත / විනෝදාංශය වන නිරූපණයේ විවිධ අවස්ථාවන් කැප කිරීමට සිදුවීම ගැන කනගාටුවක් නැද්ද?

මගේ කැමැත්තට තමයි මම මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නේ. නමුත් එහෙමයි කියලා මම ලැබෙන හැම නිර්මාණයම භාරගන්නෙත් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම රැකියා ස්ථානයෙන් නිවාඩුගෙන හෝ ඒ සඳහා සහභාගී වෙනවා. රැකියාවට තමයි මුල්තැන දෙන්නේ.

 

රැකියාව නිසා නිර්මාණ මගහැරෙනවාද?

ඔව්. අලුත් අයට නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා අඩුයි. ඉතිං මම ලැබෙන ගොඩක් නිර්මාණත් ප්‍රතික්ෂේප කරනකොට ගොඩක් අය මට දොස් කියනවා සහභාගී වෙන්නේ නෑ කියලා.

 

ක්ෂේත්‍රය තුළ පැවැත්ම තියෙන්නේ දක්ෂතාවය මතද?

ගොඩක් වෙලාවට දක්ෂයාට තැනක් ලැබෙන්නෙ නැහැ. සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නෙත් නැහැ. ඒ දේවල් දකිද්දී ගොඩක් හිතට අමාරුයි.

 

ඔබ හිතන විදියට ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට තැනක් නැද්ද?

එහෙම නැහැ. හැමෝම එක වගේ නෑ. 20% 30% වගේ සුළුතරයක් නිසා අද නිරූපණ ක්ෂේත්‍රයේ සියලු දෙනා දිහාම බලන්නේ එකම විදියකට.

 

එවැනි දේවල් නිසා ක්ෂේත්‍රය තුළ කලකිරීමක් ඇතිවෙන්නේ නැද්ද?

එහෙමත්ම නෙවෙයි. එහෙම වුණාම එපා වෙනවා. සුදුසු තැනදී සුදුසු වෙලාවෙදි හම්බවුන දේවල් තියෙනවා.

 

ඔබ ඉදිරියේදී සම්පූර්ණ වශයෙන් නිරූපණයට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

මට එන හොඳ දේවල් මම බාරගන්නවා. වෘත්තීයක් ලෙස මම ඒ දේවල් කරන්න සූදානම් නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

තව අවුරුදු 2ක් විතර යනකම් රැකියාව කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණ ලැබුණොත් භාරගෙන කරන්න බලාපොරොත්තු වෙනවා.

 

2017-02-13-ent-77
2017-02-13-ent-76
2017-02-13-ent-75
2017-02-13-ent-73