මගේ ලොකුම හිනේ වුණේ නිවේදිකාවක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක දකින හංසි දෙවිමිණි වර්තමානයේ නිතර දකින යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්ව සිටියි. සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ‘ෆිල්ම් ස්ටාර්’ තරගය හරහා කලා ක්ෂේත්‍රයට අවතිර්ණ වූ ඇය මේ වනවිටද උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියි.

 

20210102Hot (2)කලා කටයුතු නිසා ඔබ කාර්යබහුලයිද?

ඔව් මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම රූපගත කිරිම් කටයුතුවල දායක වෙලා ඉන්නවා. ඒ නිසා ටිකක් විතර කාර්යබහුලයි.

 

මොනවද ඔබ දායක වෙන ටෙලි නිර්මාණ?

නීල පබලු, බොරදිය මල්, හදවිල අරණ, අකුරු මැකි නැ ටෙලි නාට්‍යයවලට. ඊට අමතරව ලබන වසරේ විකාශය වීමට නියමිත පෝ දීන ටෙලි නාට්‍යයකටත් මම මේ දිනවල සම්බන්ධ වෙලා වැඩ කරනවා.

 

රංගන ශිල්පිනියක් විදිහට අද යම් තැනක ඔබ ඉන්නවාද?

යම්තාක් දුරට ඇවිල්ලා ඉන්නවා කියලා හිතෙනවා. නමුත්, මට තව සැහෙන්න දුරක් රංගන ශිල්පිනියක් විදිහට මේ කලා ක්ෂේත්‍රය තුළ යන්න තියෙනවා.

 

අධ්‍යාපන කටයුතුත් එක්ක කලා කටයුතු කරන්න ටිකක් අමාරුයි නේද?

දැන් විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුවියක් මම. ඒ නිස වැඩ ටිකක් වැඩියි. ඔන්ලයින් ලෙක්චර්ස්, එසයිමන්ට් එක දිගට තියෙනවා. වැඩ වැඩි වුණාම ටිකක් විතර අමාරු නම් තමයි. අම්මායි තාත්තායි වුණාත් නිතරම වගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙයි කියලා කලා කටුයුතුවලට සම්බන්ධ වෙන එක අඩු කරන්න කියනවා. ඒත්, ඒ අයට තේරුම් කරලා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙන විදිහට මේ වැඩ කළමණාකාරය කරගනිමින් දෙපැත්තම සමබරව මම කරගෙන යනවා.

 

රංගනය පැත්තට යොමු විම ගැන මොකද හිතෙන්නේ?

පොඩි කාලේ ඉඳලා තිබුණ ආසාවක් මේක. හැබැයි ලොකුම හීනේ වුණේ රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරන්න. අදත් තාත්තා කියන්නේ ප්‍රවාත්ති නිවේදිකාවක් හරි රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වුණා නම් හොඳයි කියලා. නමුත්, මම ගොඩක් කැමැතියි රඟපාන්නත්. අද මම රංගනයට යොමු වෙලා ඉන්නවා. ඒ වගේම නිර්මාණ බොහෝමයකටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් අද යම් තැනකට ඇවිල්ලා ඉන්න ගැන මම තෘප්තිමත් වෙනවා.

 

දිගටම කලාවේ රැඳෙන්නද අදහස?

ඔව්, උපාධිය අවසන්  වෙලා මුළුමණින්ම මේ පැත්තට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නමක් හැදෙන චරිතවලටත් දායක වෙන්න මම කැමැත්තෙන් ඉන්නවා.

 

කලාකාරිණියකට මේ ක්ෂේත්‍රය තුළ පිළිගැනීම කොහොමද?

මම හිතන්නේ ඒක අදාල කෙනාගේ ප්‍රතිරූපය, එයා කරන ක්‍රියාකාරකම්, එයාගෙ හැසිරීම් රටාව, මත තමයි තීරණය වෙන්නේ. කෙනෙක් මේ ක්ෂේත්‍රය සම්බන්ධ වුණොත් දැනගන්න අවශ්‍යයි තමන් කොහොමද මේ ක්ෂේත්‍රය අනෙක් පිරිස් සමග කතාබහ කරන්න හා හැසිරෙන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක මම දකින විදිහට කෙනෙක්ට දිගු ගමනක් යන්න පුළුවන් වෙනවා ඉවසීමෙන් තමන්ගේ වැඩේ හරියට කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ ගමන වඩාත් සාර්ථක වෙයි.

බුද්ධික සේනාධීර

20210102Hot (3) 20210102Hot (4) 20210102Hot (8) 20210102Hot (9) 20210102Hot (12)