මගේ පෙම්වතා විදෙස් ගතව ඉන්න කෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-19-ent-01

"දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වන "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ "සොනලි ටීචර්" ලෙස මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර සමගින් මෙවර "තරුණයා" තරු කතාබහ ඇරඹුවෙමු. "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයට පෙර බොහෝ ටෙලි හා සිනමා නිර්මාණ රැසකටම දායක වී ඇති හිමායා ඉදිරියේදීද තවත් කලා කටයුතු බොහෝමයකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි.

 

"සොනලි" ටීචර් කියන්නද? හිමායා කියන්නද?2018-07-19-ent-09

කැමති විදිහකට කතා කරන්න. ඒත්, මගේ සැබෑ නමට වඩාත් මේ දවස්වල ඉතින් මාව ජනප්‍රිය වෙලා තියෙන්නේ %සොනලි^ ටීචර් කියන නමින්. මගේ කලා දිවියේ හැරවුම් ලක්ෂය %දෙවෙනි ඉනිම^ ටෙලි නාට්‍යයේ %සොනලි^ ටීචර් කිව්වොත් හරි. මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා දැන් ලොකු කාලයක් වෙනවා. ඒ කාලය තුළදී ටෙලි නාට්‍යය බොහෝමයක විවිධ චරිත රඟපෑවා. නමුත්, මිනිස්සු මා ගැන කතා කළේ, හිමායා කියන රංගන ශිල්පිනිය ගැන බොහෝ දෙනෙක් අඳුන ගත්තේ මේ %සොනලි^ ටීචර් චරිතය හරහා.

 

"දෙවෙනි ඉනිමේ" විතරද වැඩකටයුතු සිදු කරන්නේ?

%දෙවෙනි ඉනිමේ^ රූපගත කිරීම් කටයුතුවලට තමයි මේ දිනවල මුල්තැන දීලා තියෙන්නේ. මේ ටෙලි නාට්‍යය තව කාලයක් විකාශය වෙන නිසා සතියකට දින කිහිපයක්ම මෙහි රූපගත කිරීම් කටයුතුවලට වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකට මට කතා කළා. මුදල්මය ප්‍රශ්න නිසා ඒ වැඩවලට එකතු වෙන එක මම ප්‍රතික්ෂේප කළා.

 

"සොනාලි ටීචර්" කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

%දෙවෙනි ඉනිම^ අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් මට මේ චරිතය ලබාදෙන කොට ඇහුවා &මේක හිමායා ඔයාට ගැළපෙන චරිතයක්ද* කියලා. මම කිව්වා &ඔව්, මේක මට කරන්න පුළුවන් චරිතයක්* කියලා. මම දැනට රඟපාපු චරිතත් එක්ක බැලුවම මේක ටිකක් වෙනස් චරිතයක්. ඒ නිසා ලොකු කැමැත්තකින් තමයි මම මේ චරිතය භාර ගත්තේ. නමුත්, %සොනාලි ටීචර්^ කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හීනෙකින්වත් මම හිතුවෙ නැහැ.

 

"දෙවෙනි ඉනිම" වගේම නාට්‍යයක් විකාශය වෙනවා මේ දිනවල "අවසන් ඉනිම" කියලා. මේ හරහා %දෙවෙනි ඉනිමේ^ ජනප්‍රියත්වය අඩු වෙයිද?

මම හිතන්නේ නැහැ. %දෙවෙනි ඉනිම^ විකාශය වෙලා වසරකට පස්සේ තමයි %අවසන් ඉනිම^ විකාශය වෙන්නේ. නමුත්, %දෙවෙනි ඉනිම^ නිර්මාණය කරන්න කලින් තමයි %අවසන් ඉනිම^ නිර්මාණය කරලා තියෙන්නේ. ඒත්, මේ ටෙලි නාට්‍යයට %අවසන් ඉනිම^ කියලා දාලා තියෙන්නේ මෑතකදී. ඕනෑම නිර්මාණකරුවෙකුට ඉතින් අයිතිය තියෙනවා තමන්ගේ නිර්මාණයට ඕනෑම නමක් භාවිත කරන්න. %අවසන් ඉනිම^ විකාශය වුණා කියලා %දෙවෙනි ඉනිමේ^ ජනප්‍රියත්වය බිංදුවකින් හෝ අඩුවෙලා නැහැ. එදා ලැබුණ රසික ප්‍රතිචාර අදටත් අපිට ලැබෙනවා.

 

"දෙවෙනි ඉනිම" වැනි ටෙලි නාට්‍යයකට දායක වුණ එක ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඒ වගේම තමයි මීට කලින් කිසිම ටෙලි නාට්‍යය කණ්ඩායමක් විදෙස් රටකට ගිහිල්ලා ඔවුන් රඟපාන නාට්‍යයේ නම භාවිත කරලා ප්‍රසංග පවත්වලා නැහැ. දැනට අපි විදෙස් ප්‍රසංග කිහිපයක් සඳහා සහභාගි වෙලා තියෙනවා. කොරියාව, ජපානය, ප්‍රංශය ඇතුළු රටවල් රැසකම අපි මේ වනවිට ප්‍රසංග අතිසාර්ථකව පවත්වලා තියෙනවා. ඒ ප්‍රසංග සඳහා වාර්තාගත ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමක් දක්නට ලැබුණ අවස්ථාත් තිබුණා. ඒ සියලු දේවල් %දෙවෙනි ඉනිමේ^ නාට්‍යය කණ්ඩායමට ලැබුණේ අධ්‍යක්ෂවරයා හා නිෂ්පාදකතුමිය නිසයි.

 

විදේශීය රටක පදිංචියට යන්න අදහසක් තියෙනවා කියන්නේ ඇත්තද?

ඔව්, මගේ විවාහයත් එක්ක විදෙස් ගත වෙන්න සූදානමක් තියෙනවා. මොකද, මගේ පෙම්වතා ඉන්නේ විදේශය නිසා. කොහොම වුණත් ඒක අද ඊයේක සිදු වේවි කියලා කියන්න අමාරුයි. කොහොම වුණත් තවත් අවුරුදු කිහිපයකින් පස්සේ මම විදේශ පදිංචියට යයි කියලා කියන්න පුළුවන්. ඊට පෙර හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - සජීව ලක්ෂාන්

 

 2018-07-19-ent-02 2018-07-19-ent-03 2018-07-19-ent-04 2018-07-19-ent-05 2018-07-19-ent-06 2018-07-19-ent-07 2018-07-19-ent-08