මගේ පළමු ප්‍රේමය තමයි ටයිටැනික් ෆිල්ම් එකේ රඟපාපු ලියනාඩෝ
දිනිති වැඩිපුරම අහසෙ ඉන්න කැමතියි වගේ...?
ඒ ඉතින් මගේ රුකියාවනෙ. මම ගුවන් සේවිකාවක් විදිහට සේවය කරන නිසා වැඩිපුරම අහසෙ ඉන්න සිද්ධවෙනවා. ඊට අමතරව මම මේ දවස්වල සිල්ලර සමනල්ලු ටෙලිනාට්‍යයේ ෂූටිංවලට සහභාගි වෙනවා. තව ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබුණා. හැබැයි ඉතින් ඒ ලැබෙන හැමදෙයක්ම බාරගන්නෙනම් නෑ.
හාරකෝටිය නිසා ජනප්‍රිය වුණු අභිෂේකා මෙහෙම ලැබෙන චරිත බාරගන්නෙ නැත්තෙ ඇයි... ආඩම්බරකාරියක් වෙලාද...?
අනේ.. නැහැ. එහෙම ආඩම්බර වෙලානම් නැහැ. මගේ රුකියාව නිසා තමයි මම එහෙම වැඩ එකදිගට බාරගන්නෙ නැත්තෙ. මමත් ආසයි ඒ ලැබෙන බොහෝ චරිත බාරගෙන කරන්න. නමුත් දින ප්‍රශ්නෙ නිසා තමයි මම එහෙම බාරගන්නෙ නැත්තෙ. බොහෝ වෙලාවට මම එක කාලයකදී එක නිර්මාණයක් විතරයි බාරගන්නෙ. හැබැයි ඉතින්... කොහොමහරි දින හදාගෙන නිර්මාණ කරන්න ආසයි.
ඔබ දකුණේ කෙල්ලක්.. එහෙම නේද...?
ඔව්.. මගේ ගම ගාල්ල. මට ඉන්නෙ මගේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි ලොකුඅම්මයි විතරයි. මගේ අයියලා දෙන්නා විවාහකයි. මම තමයි අපේ පවුලේ එකම ගැහැනු ළමයා. ඉතින්... හැමෝගෙම ආදරයත් එක්ක හරිම සතුටින් මම ඉන්නවා.
දිනිති ඉගෙන ගත්තෙ මොන පාසලේද...?
මම ඉගෙන ගත්තෙ ගාල්ල සංඝමිත්තා බාලිකාවේ. මම විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා ශිෂ්‍යත්වයක් ලැබිලා බැංගලෝරයට යන්න අවස්ථාව ලැබුණා. එහේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම අවසන් කරලා ලංකාවට ඇවිත් ගුවන් සේවිකාවක් විදියට සේවයට බැඳුණා.
ඔබගේ පුංචි කාලයේ හීනය වෙලා තිබුණේ කවුරැ වෙන්නද...?
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරැවරැ. හැබැයි ගුරැවරියක් වෙන්නනම් මට ඕනවුණේ නැහැ. කාලයක් මට නීතිඥවරියක් වෙන්න ඕන වුණා. ඊටපස්සෙ මට මාධ්‍යවේදිනියක් වෙන්න ඕන වුණා. ඔය අතරේදී මම ටික ටික ලොකු වෙද්දී මගේ හිතේ තිබුණු ලොකුම හීනය වුණේ මේ ලෝකෙ වටේ ඇවිදින්න යන්නයි. ලෝකෙ වටේ ඇවිදලා ලෝකෙ දකින්න මම ආසා කළා. රටවල්වල සංචාරය කරපු අය අර රට ලස්සනයි, මේ රට ලස්සනයි කිය කියා ලෝකෙ දැක්කට මට ඒ කියන දේකින්වත් පින්තූරවලින්වත් ලෝකෙ දැක්කට වැඩක් නැහැ. මට ඕනවුණේ මගේ ඇස් දෙකෙන්ම ලෝකෙ ලස්සන දකින්නයි. ඒ නිසා ලෝකෙ දකින්න පුළුවන් රස්සාව මොකක්ද කියලා හිතද්දී තමයි ගුවන් සේවිකාවක් වීම පිළිබඳව මට අදහස ආවේ. ඒ විදිහට තමයි 2014 අවුරැද්දෙ මම ගුවන් සේවිකාවක් විදිහට එකතු වුණේ.
රංගන ශිල්පිනියක් වීම ගැන ගෙදර අය මොකද කිව්වේ...?
මුලදීනම් ගෙදරින් පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. මගේ අයියලා දෙන්නා තදින්ම විරැද්ධ වුණා. හැබැයි මගේ තනි කැමැත්තට වගේ තමයි මම රංගන ශිල්පිනියක් වුණේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ගෙදරින් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.
පුංචි කාලේ ඔබ මොනවගේ චරිතයක්ද...?
ඔව්... අපේ ගෙදර ඉස්සර මම Tom boy වගේ තමයි. පුංචි කාලේ දඟලලා අතපයවල තවමත් තුවාල කැළල් පාරවල් තියෙනවා. මගේ අයියලා දෙන්නත් එක්කම තමයි මම සෙල්ලම් කළේ. ඒ දෙන්නා එක්ක ගමේ ගස්වල නැඟලා සෙල්ලම් කරපු කාලේ මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඉස්සර මම පුදුමාකාර දඟ චරිතයක්.
හාරකෝටිය දිනිතිගේ මුල්ම රංගනයනෙ... කොහොමද ඒ අවස්ථාව ලැබුණේ...?
මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව සම්බන්ධව ගුරැ උපදේශකයෙක් විදිහට සේවය කරලා තමයි විශ්‍රාම ගියේ. ඉතින් මම පාසල් වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒවායින් සම්මාන පවා ලබාගත්තා. පාසල් වේදිකාවේදී හොඳම නළුවා සහ හොඳම නිළිය කියන හැම සම්මානයක්ම මට ලැබුණා. අවුරැදු හතක් එකදිගට පාසල් වේදිකාවේ සම්මාන මට හිමිවුණා. ඉතින්... ඒ මොන දේ කළත් මේ රංගන ක්ෂේත්‍රයට එන්න මට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. කාලයක් ගියාට පස්සෙ චාමර සමරවික්‍රම අයියා මට හාරකෝටිය ටෙලිනාට්‍යයට කතා කළා. මම මගේ රස්සාවට ගොඩක් ආදරෙයි. ඒ නිසා මම මුලින්ම අකමැති වුණා. රස්සාව තමයි මගේ අංක එක. ඉතින් ඒ නිසා වෙලාව මදිවෙයි කියලයි මම හිතුවේ. ඒ වුණාට පස්සෙ මම කැමති වුණා. හැබැයි හාරකෝටියට සම්බන්ධ වුණාට පස්සෙ මම ඒකට ගොඩක් ආසා වුණා. මම තවමත් අභිෂේකාට ආදරෙයි. අභිෂේකා නිසා තමයි මට මේ හැමදෙයක්ම ලැබුණේ. මිනිස්සු මාව දැනගන්නෙ අභිෂේකා නිසාමයි.
ජනප්‍රිය නිළිය සම්මානයට ඔබ නිර්දේශ වෙන්නෙත් අභිෂේකා නිසාමයි...?
ඔව්... අනිවාර්යයෙන්ම. පිටරට ගියාම අභිෂේකා නිසා මට මාර විදිහට ප්‍රතිචාර ලැබෙනවා. ගුවන් යානයේදී වුණත් බොහෝ දෙනා මාව හඳුනාගෙන මාත් එක්ක කතා කරනවා. ෆොටෝ ගන්නවා. ලංකාවේදී වුණත් මම කොහේ ගියත් මාත් එක්ක කතා කරන, හිනාවෙන අය ඉන්නවා. ඉතින් ඒ ලැබෙන ආදරයට මම ගොඩක් ආදරෙයි. සිල්ලර සමනල්ලු නාට්‍යයටත් ගොඩක් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
දිනිති සැබෑ ජීවිතේ ආදරවන්තියක්... මම හරි නේද...?
ඔව්... ආදරය ඉතින් අපි හැමෝටම ලැබෙනවනෙ. අම්මා තාත්තගෙන් ඒ ආදරය ලැබෙනවා. මගේ පළමු ප්‍රේමය තමයි ටයිටැනික් ෆිල්ම් එකේ රඟපාපු ලියනාඩෝ. ඉතින්.. ඇත්ත. මම ආදරේ විඳලා තියෙනවා.
සිනමාවට ඔබට ආරාධනා ලැබිලා නැද්ද...?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. හැබැයි ඒ නිර්මාණවලට දින දෙන්න මට ටිකක් අමාරැයි. ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරද්දී දින වෙන්කරන්න ටිකක් අමාරැයි. ඉතින්.. හොඳ නිර්මාණ කිහිපයක්ම මගෙන් මඟහැරැණා. මොනවා කරන්නද...?
මම මගේ රස්සාවට ආදරෙයිනෙ. බලමු.. ඉදිරියේදී හොඳ නිර්මාණයකට කාලයක් වෙන්කරගන්න බොහෝදුරට පුළුවන් වේවි. මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. මේ ගෙවන ජීවිතේට මම හරි ආදරෙයි.
Text - Dishani / Pic – Sumudu