මගේ පවුලත් කලා ක්ෂේත්‍රයට නෑකමක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-673

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට කිරුළක් පැළඳ ඇය පැළඳ සිටියි. ඇය නමින් ඉසිරි දේශානි වෙළෙඳ දැන්වීම් ඔස්සේ බොහෝ දෙනා දැන හැඳින ගත් ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳ ‘අද’ අපත් සමග ඉසිරි මෙසේ සංවාදයක නිරත වූවාය.2019-12-18-ent-676

 

මේ දවස්වල වැඩකටුයුතු ගැන මුලින්ම කිව්වොත්?

මම පසුගිය ඔක්තෝම්බර් මාසයේ පැජන්ට් එකකට දායක වුණා. එහි ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට මෙම අවුරුද්දේ දායක වෙන්න තියෙනවා. ඒකේ කටයුතු එක්ක මේ දවස් වල කාලය ගෙවෙනවා.

 

පැජන්ට් එක ගැන කිව්වොත්?

The most glamours beauty pageant එකට තමයි මම දායක වුණේ. පැජන්ට් එකේ ජාතික අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කලේ මලින් රණසිංහ. මට එහිදී මම Miss Tourism World 2019 වුණා. ඊට අමතරව මට Mini pageants දෙකක් ජයග්‍රහනය කරන්න හම්බුණා. ඒ Miss beautiful skin සහ Miss beautiful smile කියන Title දෙකයි. ඒකේ ජාත්‍යන්තරය තරගය තියෙන්නේ ලබන වසරේ. එම තරගය පවත්වන රට පිළිබඳව තාම දැනුම් දීලා නැහැ.

 

පැජන්ට් එකේ අත්දැකීම් කොහොමද?

මේක මගේ පලවෙනි පැජන්ට් එක. ගොඩක් අත් දැකීම් ලැබුණා. ලොකු තරගයක් තිබුණා. Title පහක් දුන්නා. ඒකක් තමයි මම ජයග්‍රහනය කලේ.

 

පැජන්ට් පිළිබඳව අද බොහෝ දෙනා අතරේ එතරම් පැහැදීමක් නැහැ නේද?

දැන් නම් පැජන්ට් ගොඩක් තියෙනවා. සමහර වෙලාවට හරි එක මොකක්ද කියන එක තෝර ගන්න අපිටම අමාරු වෙනවා. ලංකාවේ ප්‍රමිතිගත පැජන්ට් තියෙනවා. ඉතිං ඒ දේවල් තෝරා බේර ගෙන තමයි දායක වෙන්න ඕනේ.

 

අද වෙද්දී නිරූපිකාවක් කියන ලේබල් එක ඔබට තියෙනවා, ඒක හොඳද නරකද?

නිරූපිකාවක් කියපුවාම ලංකාවෙ සමාජයේ හැටියට ලොකු පිළි ගැනීමක් නැහැ සමහර අයගේ වැඩත් එක්ක. හොඳට හිටියොත් හොඳට වැඩකටයුතු කරන්න පුළුවන්. නරක පැත්තට යනවා නම් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ දේවල් තමන්ගේ අතේ තමයි තියෙන්නේ.

 

නිරූපණය පැත්තේ වැඩ කටයුතු ගැන කිව්වොත්?

මම නිරූපණය පැත්තේ වැඩිපුරම කරන්නේ බ්‍රයිඩල් පැත්ත. මගේ පෞද්ගලික හේතුවක් මත මගේ වැඩ කටයුතු ටිකක් නැවතිලා තිබුණා. රංගනය පැත්තටවත් දායක වුණේ නැහැ. ඉදිරියේදී නිර්මාණ කිහිපයක් සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ජනවාරි මාසයේ ඉඳන් ඒ වල රූගත කිරීම් ආරම්භ කරනවා.

 

වෙළෙඳ දැන්වීම් පිළීබඳව කතා කරමු?

පසුගිය කාලයේ වෙළෙඳ දැන්වීම සඳහා වැඩි වශයෙන් දායක වෙන්න පුළුවන් වුණේ නැහැ. මොකද පැජන්ට් එකේ වැඩකටයුතු එක්ක කාර්යය බහුල වුණා. මම දැනට ඇස්ට්‍රා, ලාෆ්ස් ගෑස්, සංවර්ධන ලොතරැයි, HNB වැනි වෙළෙඳ දැන්වීම් සඳහා මම දායක වෙලා තියෙනවා.

 

ඇයි කලාවට එකතු වුණේ?

මම කලාවට කැමතියි පොඩි කාලේ ඉඳලම. 2015 වසරේදී තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. ඒ ITN අවුරුදු කුමාරි තරගයේ අවසන් 12 දෙනා අතරට තේරි පත් වෙලා. එතනින් පටන් ගත්ත ආරම්භය තමයි මේ ගමන යන්නේ. මම මීට පෙර කරපු ආර්ටිකල් වලදීත් කිව්වා, රුක්මනී දේවි මගේ ආච්චි කෙනෙක් වෙනවා. මගේ පවුලත් කලා ක්ෂේත්‍රයට නෑකමක් තියෙනවා. ඒකත් එක්ක තමයි ක්ෂේත්‍රයට එකතු වෙන්න ආස හිතුනෙ.

 

ගෙදරින් බලපෑමක් තිබුණේ නැද්ද වෙනත් ක්ෂේත්‍රයක් සඳහා යොමු වෙන්න කියලා?

මට ගෙදරින් බලපෑමක් නැහැ ඔයා මෙහෙම වෙන්න, මේක කරන්න කියලා. ඒ ගොල්ලොත් දන්නවා මම කලාව දක්ෂයි කියලා. ඉගෙනීමේ කටයුතුත්ත අවසන් කරලා මේ පැත්තට ආවට කිසිම බාධාවක් නැහැ. අම්මගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩ වලට. අම්මත් එක්ක තමයි හැම වැඩකටම යන්නේ. අම්මා තමයි මගේ ලොකුම ශක්තිය.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මම වැඩියෙන්ම ලෑස්ති වෙන්නේ මගේ පැජන්ට් එකට. මගේ ටෙලි නාට්‍යයකුත් ඉස්සරහට එන්න තියෙනවා. ඒ දේවල් එක්ක ඉස්රහට ලබා ගන්න පුළුවන්.

 

මේ ගමනට සහයක් වුණ අය ගැන මතක් කලොත්?

වචනයකින් හරි උදව් කරපු අය ගොඩක් ඉන්නවා. නම් විදිහට කියන්න විදිහක් නැහැ. මගේ ලොකුම ශක්තිය අම්මා තමයි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-12-18-ent-674 2019-12-18-ent-675