මගේ නැන්දා කුසුම් රේණු. මගේ මාමා ශ්‍රියන්ත මෙණ්ඩිස්
වෙනස් අධ්‍යාපන පැතිකඩක් ඔස්සේ ස්වර්ණාභරණ නිර්මාණ කලාවට පිවිසි විදුෂි උත්තරා, සිය සුන්දර පෙනුම හේතුවෙන් ලැබුණු ආරාධනා මත රංගන ක්ෂේත්රයට පිවිසෙන්නීය. මේ වනවිට රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්රයට පිවිස ඇති ඇය, මෙලෙස %අද^ට සම්බන්ධ වූවාය.
මේ දිනවල වැඩකටයුතු මොනවාද?
දෙවැනි ඉනිමේ රඟපෑම් කටයුතුවල තමයි නිරත වෙන්නේ. ඊට අමතරව සිරස එෆ්.එම්.හි %රන් මුද්දක් හැඬුවා^ කතාවටත් හඬකැවීමෙන් දායක වෙනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් සඳහා යොමුවෙනවා. ඒ වගේ වැඩකටයුතුවල තමයි නිරත වෙමින් ඉන්නෙ.
ක්ෂේත්රය තුළ ඔබව හඳුනා ගන්න ලැබෙන්නේ කුමන නිර්මාණයකින්ද?
ප්‍රේක්ෂකයෝ මාව හඳුනා ගන්නෙ දෙවැනි ඉනිමෙන්. නමුත් මම මුලින්ම කරපු නිර්මාණය "සතර ඉම ගිනි"
මුලින්ම ක්ෂේත්රයට එන්නේ රංගන ශිල්පිනියක් ලෙසද? හඬකැවීම් ශිල්පිනියක් ලෙසද?
මුලින්ම ක්ෂේත්රයට ආවේ රංගන ශිල්පිනියක් විදිහටයි.
හඬ කැවීමේ කටයුතු සඳහා දායක වුණේ කොයි කාලෙද?
මේ අවුරුද්දේ මුල තමයි ඒ සඳහා දායක වුණේ.
ඔබගේ පවුල් පසුබිම කලාව සමග සම්බන්ධ වුවත්, ඔබව දැනගන්නේ මේ ළඟදි. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
කලාවට සම්බන්ධ පවුලකින් මම ක්ෂේත්රයට පිවිසුණු එක ගැන මට සතුටුයි. මගේ පැත්තෙන් ඒ ගැන මම ලොකු ආඩම්බරයකින් ඉන්නෙ. ඒ වගේම මගේ නැන්දා සහ මාමා ගැනත් ලොකු ආඩම්බරයකින් ඉන්නේ.
නැන්දා සහ මාමා ගැනත් කිව්වොත්?
මගේ නැන්දා කුසුම් රේණු. මගේ මාමා ශ්‍රියන්ත මෙණ්ඩිස්. මගේ නෑකම තියෙන්නේ නැන්දාගේ පැත්තෙන්. ඒ වගේම හරිම ආදරණීය චරිත දෙකක්. පවුලක් වශයෙන් එකට ඉන්නකොට මාමා නැන්දා වශයෙන් අපට හැමදේම කරලා දෙනවා. එතැන තියෙන්නේ පුදුම බැඳීමක්. ඉතින් අපි එකට ඉන්න හරිම ආදරණීය පවුලක්.
ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙක් මෙලෙස ක්ෂේත්රයේ ඉන්න කොට, විදුෂිගේ පැමිණීම ප්‍රමාද වෙන්න හේතුවක් තියෙනවාද?
ඔව්, හේතුවක් තියෙනවා. මගේ තාත්තාගේ කැමැත්තක් තිබුණේ නැහැ මම ක්ෂේත්රයට එනවට. මට ඕනේ වුණේ මේ ගමන තනියෙන් එන්න. මට එහෙම ක්ෂේත්රයට සම්බන්ධ අය හිටියට හැම ළමයාටම එහෙම සම්බන්ධකම් නැහැනේ. හැමෝම තමන්ට ආසාවක් තියෙනවා නම්, පුළුවන් විදියට ක්ෂේත්රය සොයාගෙන එනවා. මට සහ මගේ අම්මාට ආසාවක් තිබුණා ක්ෂේත්රයට එන්න. ඒ දේවල් එක්ක තාත්තාගෙන් අවසර අරගෙන මම මට පුළුවන් විදියට මේ ගමන ආරම්භ කළා.
රංගනයට පිවිසීම සිදුවූ විදිය ගැන කිව්වොත්?
මම මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ 2002 වර්ෂයේදී. රූපවාහිනී සංස්ථාවෙන් අපේ පාසලට ඇවිත් ළමා ඒකකයට තෝරාගත්තා. එතැනදී මාව තේරීපත් වෙලා මම අවුරුදු තුනක් රූපවාහිනී සංස්ථාවේ ළමා ඒකකයේ 'අතුරු මිතුරු"කියලා ළමා වැඩසටහනක හිටියා. එතැනදී ශ්‍රීමති ලියනගේ මිස් සහ වසන්ත ඥානප්‍රිය සර් තමයි මාව ඒ සඳහා තෝරාගත්තේ. ඉන් පසු මට 2014 වර්ෂයේදී "සතර ඉම ගිනි" කියලා ටෙලිනාට්‍යයක රඟපාන්න අවස්ථාව උදාවුණා. ඉන් පස්සේ තමයි තාත්තා කිව්වේ දැන් ඇති මුලින් ඉගෙන ගෙන ඉන්න කියලා. ඉන් පස්සේ අධ්‍යාපන කටයුතු නිම කරලා තමයි නැවතත් ක්ෂේත්රයට යොමුවෙලා ඉන්නෙ.
දෙවැනි ඉනිමෙන් නැවත ආරම්භ වූ රංගන දිවිය ගැන මොකද හිතෙන්නෙ?
ඒ සඳහා මට අවස්ථාව ලැබෙන්නෙ 'අතුරු මිතුරු' වැඩසටහනේදීම මාත් එක්ක හිටපු අයියා කෙනෙක් වන ප්‍රදීප් චතුරංග අයියා නිසා. ඒ අයියා තමයි මාව දෙවැනි ඉනිමට සම්බන්ධ කළේ. දෙවැනි ඉනිමට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු භාග්‍යයක් විදියට සලකනවා. ඒ ගැන කියන්නත් සතුටුයි. වෙන කිසිම නාට්‍යයකින්, කිසිම කෙනෙකුට මේ වගේ ප්‍රතිචාරයක් ලැබෙන්න ඇති කියලා මම හිතන්නේ නෑ. දෙවැනි ඉනිමට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන ඇත්තට හරිම සතුටුයි. එහිදී ප්‍රභාත් අයියාට සහ සාරංග අයියාට ස්තුතිවන්ත විය යුතුයි.
වෙළෙඳ දැන්වීම් සඳහාත් දායක වෙලා තියෙනවා නේද?
මම දැනට තුනකට දායක වෙලා තියෙනවා. ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නුවන් කළුආරච්චි අයියා නිසා. කොමර්ෂල් බැංකුව, රිස්බරි චොකලට්, ටියාරා කේක් යන වෙළෙඳ ආයතනවල දැන්වීම් සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා.
රංගනය, වෘත්තිය වශයෙන් තෝරගෙනද තියෙන්නේ?
මම වෘත්තියෙන් ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පිනියක ලෙස සේවය කළා. එතැනදී විවිධ හේතූන් මත ඒ රැකියාව දිගටම කරගෙන යෑමේ අපහසුතාවක් ඇතිවුණා. ඒ නිසා තමයි එතැනින් ඉවත්වෙලා රංගනය සඳහා යොමුවුණේ.
අද ක්ෂේත්රයේ නවකයන් අතර බොහෝ තරගකාරීත්වයක් තියෙනවා. මේ ගැන මොකද හිතෙන්නෙ?
ක්ෂේත්රය තරගකාරී මට්ටමකට ඇවිත් තියෙනවා කියලා මටත් හිතෙනවා. නමුත් මට හිතෙන්නෙ සුදුස්සාට තමයි සුදුසු තැන ලැබෙන්නෙ. එතැනදී අපි තරග කළාට වැඩක් නැහැ. හැකියාව තියෙනවා නම්, අපට හරි තැනදි හරි හැකියාව පෙන්වන්න පුළුවන් නම් නියම කෙනාට අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා.
අද නිර්මාණ බිහිවීම අතින් ගත්තාම ප්‍රමිතියක් ඇතුව හෝ නැතිව ගොඩක් නිර්මාණ බිහිවෙනවා නේද?
එහෙම කියන්නත් අමාරුයි. මම හිතන්නේ 'දෙවැනි ඉනිම' ගත්තොත් ඒක කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා කරනවා. මේ නාට්‍ය ජනප්‍රිය වෙන්න එකම හේතුව එය කියලා තමයි මම හිතන්නේ. අනිත් නාට්‍යයත් එහෙමයි නෑ කියලා මම හිතන්නේ නැහැ. නමුත් පුංචි පුංචි අඩුපාඩු තියෙන නිසා තමයි 'දෙවැනි ඉනිම' තියෙන තැනට එන්න බැරි. ඩ්‍රාමා එකක ආර්ට්වර්ක් එක පැත්තෙන් වුණත් හැමදේම සියුම්ව හිතලා බලලා හරි කැපවීමෙන් දෙවැනි ඉනිමේ කට්ටිය කටයුතු කරනවා. ඉතිං මම හිතනවා ඒ අයගේ ජයග්‍රහණයට හේතුව ඒක කියලා.
'දෙවැනි ඉනිම' ගත්තොත් සම වයසේ අය ගොඩක් ඉන්නවා. මේ අය අතර තරගයක් නැද්ද?
නැහැ. මට නම් එහෙම කවදාවත් දැනිලා නැහැ. අපි ෂූටින් ගියත් එකට යන්නේ. එකට කාලා බීලා ඔක්කොමලා එකමුතුව ඉන්නේ. සමාජ මාධ්‍යවලත් බලන්න පුළුවන් අපි නිතරම එකට ඉන්න ඡායාරූප ඇතුළත් කරනවා. එහෙම තරගකාරීත්වයක් තියෙනවා නම්, අපට එකට ඉන්න බෑනේ. මේ වෙනකම් අපි හරිම එකමුතුව වැඩ කළා. ඉදිරියටත් ඒ එකමුතුව ඒ විදියටම තියේවි.
කලාව, වෘත්තිය කරගෙන ජීවත්වීමේ හැකියාවක් ලංකාව තුළ පවතිනවාද?
මෙහෙමයි. ඒක ටිකක් අමාරුයි. නමුත් හරි කල්පනාවෙන් කළමනාකරණය කරගෙන වැඩකළොත් බැරිත් නැහැ.
ප්‍රවීණයන්ගෙන් පවා චෝදනාවක් තියෙනවා නිර්මාණයක් සඳහා ගෙවන ප්‍රමාණයෙහි ගැටලුවක් තියෙනවා කියලා. මෙවැනි තත්ත්වයක් මත නිර්මාණයක් සඳහා දායක වීමේ ගැටලුවක් තිබෙනවාද?
එහෙම ගැටලුවක් තියෙනවා. එහෙම දෙයක් නැතුවම නෙවෙයි. නමුත් හැමෝම පුළුවන් විදියටනේ ඒ දේවල් කරන්නේ. තමන් නිර්මාණයකට දායක විමේදී තමන්ට ගැටලුවක් තියෙනවා නම්, ඒ පිළිබඳ තීරණයක් තමන්ම ගත යුතුයි. ඒ නිර්මාණය තුළින් කරන ගෙවීම අඩුයි කියලා කියන එක වැරදියි කියලා තමයි මට හිතෙන්නෙ.
ඉදිරියේදී දායක වන නිර්මාණ තියෙනවාද?
මම දායක වුණු ටෙලිනාට්‍ය දෙකක්ම ඉදිරියේදී විකාශය වෙන්න නියමිතව තියෙනවා. 'දෙවියන්ගේ රටේ', 'සැරද සිරිනද' කියන ටෙලිනාට්‍ය දෙක.
ඒ නිර්මාණ මේ හා සමානද? වෙනත් තේමාවන් යටතේ සිදුවූ නිර්මාණද?
ඒ දෙකේම එකකට එකක් වෙනස් කතා තේමාවන් තියෙන්නේ. ඉතින් ඒවාත් විකාශය වෙනකන් හරිම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
දෙවැනි ඉනිමේ 'මල්කි' නිසා විදුෂි කියන කෙනා අද බොහෝ සේ ජනප්‍රිය වෙලා තියෙනවා නේද?
ප්‍රතිචාර අතිවිශාලයි. ඇත්තටම හරි අමාරුයි. ඒකම තමයි තියෙන සතුට. දෙවැනි ඉනිමේ ප්‍රධාන නිළිය නෙවෙයිනේ මම. මම හිතන්නේ නැහැ වෙන කිසිම නිර්මාණයක ප්‍රධාන නිළියට අමතරව ඉන්න අය මේ තරම් ජනප්‍රිය වෙලා ඇති කියලා. ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. තවම නාට්‍ය පටන්ගෙන මාස හයක්, හතක් වගේ කාලයක් වෙන්නේ. ඒ වගේ කෙටි කාලයක් තුළ අපි වගේ අයටත් ප්‍රසිද්ධ වෙන්න ලැබීම ගැන ඇත්තටම නිහතමානීව සතුටු වෙනවා.
විදුෂි ආඩම්බරයි කියලා කවුරුවත් චෝදනා කරන්නේ නැද්ද?
අනේ මට නම්, කවුරුවත් එහෙම කියලා නැහැ. මම එහෙම ආඩම්බර චරිතයකුත් නෙවෙයි.
විදුෂි කියන චරිතය දෙවැනි ඉනිමේ චරිතයට සමාන චරිතයක්ද?
චුට්ටක් වෙනස්. හාත්පසින්ම වෙනස් කියන්නත් පුළුවන්. මොකද මල්කිට තරම් නිදහසක් මට මගේ ගෙදරින් හම්බවෙලා නැහැ. අමතර පන්ති ගිහිල්ලා ඉස්කෝලේ කාලෙදිම පෙම්වතියක් වෙන්න ලැබිලා නැහැ. ඉතිං ඇත්තටම විදුෂිට වඩා %මල්කි^ කියන චරිතය වෙනස්.
පෞද්ගලික ජීවිතයේ පෙම්වතියක් වීමට යෝජනා එහෙම ලැබෙන්නේ නැද්ද?
යෝජනා නම් ගොඩක් එනවා. ප්‍රේක්ෂකයනුත් යෝජනා ඉදිරිපත් කරනවා. සමාජ මාධ්‍ය තුළිනුත් ඉවරයන් නැතිව පණිවිඩ ලැබෙනවා. ඒවා බලලා නිකන් ඉන්නවා. මොනවා කියලා රිප්ලයි කරන්නද කියලා හිතාගන්න බෑ. ප්‍රේක්ෂකයන් වශයෙන් ප්‍රතිචාර දක්වන එක ගැන ඇත්තටම සතුටු වෙනවා. අපටත් කාලවේලාව වෙන්කර ගන්න අමාරුයි. හැමදේම බලනවා. ඒවා හිතේ තියාගෙන ඉන්නවා. රිප්ලයි කරන්න අමාරුයි.
'දෙවැනි ඉනිම' චරිතයට ආදරය කරන රසිකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
හැමෝටම බොහොම ස්තූතියි කියලා මම කියන්න කැමතියි. ඒ වගේම දිගටම %දෙවැනි ඉනිම^ බලන්න කියලත් ඉල්ලීමක් කරනවා. ඒ වගේම හරිම ලස්සන ටෙලිනාට්‍යයක්. අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
පෞද්ගලිකව ස්තුතිවන්ත විය යුතු පිරිසක් ඉන්නවාද?
විශේෂයෙන්ම මගේ අම්මාටයි, තාත්තාටයි මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රීමති ලියනගේ මිස්, වසන්ත ඥානප්‍රිය සර්, චාමර සමරවික්‍රම අයියා, සාරංග මෙන්ඩිස්, ප්‍රභාත් චතුරංග කියන අයට ස්තුතිවන්ත විය යුතුයි.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha