මගේ නරකම දේ තමයි නිදාගන්න තියෙන ආසාව
How I spend my time
මගේ තාත්තාත් තරුණ කාලේ මොඩ්ල් කෙනෙක් විදියට ඉඳලා තියෙනවා කවර්ස් වලට එහෙම. මම මොඩ්ල් කෙනෙක් වෙන්න ඕන කිව්වහම අම්මා නම් විරුද්ධ වුනා. ඒත් තාත්තා තමයි කමක් නෑ කියලා පර්මිෂන් දීලා මාව එක්කගෙනත් ගියේ. මම දැනට මගේ සම්පූර්ණ කාලය යොදවන්නේ වෘත්තිය නිරූපණ ශිල්පිනියක් විදියට කටයුතු කරන්න. ඊට අමතරව මමත් මගේ අම්මාත් එකතුවෙලා කරන බිස්නස් එකකටත් සයිඩ් එකෙන් කාලය වෙන් කරලා තියෙනවා. අපි කරන්නේ Custom made dresses නිර්මාණය කරන එක.
Prince charming
අපි හැමෝගේම හිතේ ඉන්නවනේ මේ වගේ කෙනෙක් තමයි මට කවදාහරි ලැබෙන්න ඕන කියලා. හැබැයි අපේ හිතේ ඉන්න කෙනාම ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒත් අපේ ජීවිතේට සමහර වෙලාවට මුණගැහෙනවා මෙයා තමයි මට හරියන්නේ, මෙයා තමයි කෙනා කියලා හිතට දැනෙන. එහෙම කෙනෙක්ව දැනුනු වෙලාවට මම හිතනවා ආදරය කරන්න පටන් ගත්තට කමක් නෑ කියලා. එහෙම නැතුව හිතේ ඉන්න කෙනාව මුණගැහෙනකල් බලාගෙන හිටියොත් කවදාවත් එහෙම කෙනෙක්ව මුණ නොගැහෙන්න පුලුවන්. හැබැයි එහෙම හිතට දැනෙන්නත් ඒ කෙනා තමන්ට රෙස්පෙක්ට් කරන, තමන් ගැන කෙයා කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේ අර ආදරවන්තයෙක්ගෙන් බලාපොරොත්තු වෙන මූලික ගතිගුණ තියෙන්නම ඕනනේ.
Sex before marriage
ඔයා කිව්ව විදියට මම ඉතාලියේ ඒ ලෙවල් වලට වෙනකල් ඉස්කෝලේ ගිහින් තියෙන නිසා එහේ සහ මෙහේ සංස්කෘති දෙකේ වෙනස හොඳට තේරෙනවා. දැන් වගේ මාතෘකාවක් ගැන වුනත් ඇත්තටම එහේ සහ මෙහේ සංසන්දනය කරන එක අමාරුයි. මොකද එහේ සහ මෙහේ තියෙන්නේ අකිනෙකට අහසට පොළව වගේ වෙනස් සංස්කෘති දෙකක් නිසා. හැබැයි මට කියන්න බෑ මේ සංස්කෘතිය වඩාත් හොඳයි ඒ සංස්කෘතියට වඩා කියලා. ආයෙමත් ප්‍රශ්නය ගැන කතා කළොත් මම හිතන්නේ වර්තමානේ ඉන්න අපේ පරම්පරාව ඒ වගේ දේවල් ගැන ඕනෑවට වඩා හිතන්නෙ නෑ කියලා. ඉතාලිය වගේ රටක කියන්නේ ප්‍රශ්නයක් ඇති දෙයක් නෙවෙයි. හැබැයි ලංකාවේදී ඒක ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු. ප්‍රේමවන්තයෝ දෙදෙනෙක් එකිනෙකාගේ කැමැත්ත මත විවාහ වෙන්න කලින් ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවා. හැබැයි ඒ දෙන්නට විවාහ වෙන්න සිද්ධ වෙන්නෙ නෑ. ඊලඟට ඒ තරුණියට මුණගැහෙන කෙනා අතිශය සාම්ප්‍රදායික කෙනෙක් වෙන්න පුලුවන්.
ඒ නිසා මම කියන්නේ මේ වගේ තීරණ තනිකරම පදනම් වෙන්නේ එකිනෙකා මත.
Blurbs:
මගේ නරකම දේ තමයි නිදාගන්න තියෙන ආසාව. කොහේ හරි ෂූට් එකකට ගියත් ඒක පරක්කු වෙනවා නම් මම කරන්නේ හොඳට පැත්තකට වෙලා නිදාගන්න එක. මට රඟපාන්න ලැබෙනවා නම් මට හොඳටම කරන්න පුලුවන් චරිතේත් හොඳට නිදාගන්න චරිතයක් තමයි. ඒක ඉතාම හොඳට, තාත්විකව කරල දෙන්න පුලුවන්!
මට මේ වෙනකොටත් ටෙලිවිෂන්/සිනමා නිර්මාණ වලට කතා කරල තියෙනවා. ඒත් මගේ අදහස තියෙන්නේ හිතට ගැලපෙන වැඩක් ලැබුණොත් විතරක් කරනවා කියන එක තමයි. එහෙම ලැබෙන්නේ නැත්තම් මේ විදියට මොඩ්ලින්ග් කරගෙන ෂේප් එකේ ඉන්නවා.
මම මගේ ගැන හිතන්නේ ගොඩක් නිදහසේ ජීවත් වෙන්න කැමති, ඕපන් මයින්ඩන් කෙනෙක් කියලා තමයි. මම ජීවිතේ කිසිම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නෑ. මම හිතන විදියට දෙයක් වෙන්න තියෙනවා නම් ඒක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දෙයක් වුනාට පස්සේ එතනින් එහා ඉදිරිය ගැන බලනවා මිසක් ඒ වුණු දේ ගැන දුක් වෙලා වැඩක් නෑ.
Height: 5’4’’
Eye color: Black
Hair complexion: Black/Blonde ombre
Body Stats: 32, 25, 36
Text
Pathum Punchihewa
Photography
Malaka Weligodapola
Graphics
Anushi Dantanarayana