ඒක ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක්
නිරූපණයට සහ රංගනයට එකතු වීමට බලාපොරොත්තුවෙන් සිටින නවකයෙක් තමයි යුෂානි කියන්නේ. ඇය මෙවර ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් වටයද නියෝජනය කර තිබෙනවා. ඊට අමතරව අධ්‍යාපන කටයුතුවලත් නිරත වන යුෂානි ඉදිරියේදී නිරූපණ ක්ෂේත්රයෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වෙනවා. ඉතින් යුෂානිට සාරවිට අපට හමු වූයේ මේ විදිහට.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම යුෂානි මල්ෂිකා. මගේ පදිංචිය පානදුරේ. මගේ වයස අවුරුදු 20යි. මම මෙවර ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරඟාවලියට ඉදිරිපත් වුණා. ඒ හරහා මට නිරූපණයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණේ.
එම තරඟාවලිය පිළිබඳව කිව්වොත්?
අයි.ටී.එන්. අවුරුදු කුමරිය තරඟාවලියේ මම අවසන් වටය දක්වා නියෝජනය කළා. ඇත්තටම ඒ අත්දැකීම ගොඩක් හොඳයි. ඒක ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක්. කැමරාවක් ඉදිරියේ මුහුණ දෙන්නේ කොහොමද, හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද වැනි දේවල් ගැන ඉගෙන ගත්තා.
මේ වනවිට නිර්මාණවලට දායක වෙලා තිබෙනවාද?
නිර්මාණයකට ආරාධනාවක් ලැබුණා. නමුත් මට ඒකට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.
නිරූපණයට අමතරව මොනවාද කරන්නේ?
මම දැනට විලාසිතා නිර්මාණකරණය ගැන උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නේ. ඒ වගේම රූපලාවන්‍ය පිළිබඳවත් හදාරනවා.
ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
ගෙදරින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලැබුණා. තාත්තා තමයි හැමතිස්සෙම පස්සෙන් හිටියේ මගේ. හැමතැනටම එක්කන් ගියෙත් තාත්තා.
මොන පැත්තෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ?
මම දැනට නිරූපණයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට විලාසිතා නිර්මාණකරණය සහ රූපලාවන්‍ය කියන ක්ෂේත්රයන් පිළිබඳවත් හදාරනවා. මේ තුනම සමබරව කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරික කාන්තාවක් වෙන්න, රංගනයටත් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.
කලාවට එකතු වෙන්න ආසාව තිබුණේ පොඩි කාලේ ඉඳලාමද?
ඔව්. පාසල් කාලයේදී නාට්‍ය විෂය හැදෑරුවා. ලෙන්චිනා නාට්‍යයට සම්බන්ධ වෙලා තිබෙනවා පාසල් කාලයේදී. පොඩි කාලේ ඉඳලාම තිබුණු හීනයක් තමයි කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව.
ඔබගේ ගමනට උදව් කරපු පිරිස ගැන කිව්වොත්?
මගේ පවුලේ අය සහ මගේ යාළුවෝ තමයි ගොඩක් උදව් කළේ. ඒ හැමෝවම මම මේ වෙලාවේ මතක් කරනවා.
සාකච්ඡා - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද