මගේ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-02-ent-69

කල්පන නයනමධුගේ ‘ආශාවරී’ ගීතය රූප රචනාව හරහා කතාබහට ලක්වූ ජනප්‍රිය මෝස්තර නිරූපිකා ඕෂදි හිමායා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි ඇරඹුවෙමු. වසර කිහිපයක් තිස්සේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ඕෂදි මේ වනවිට ගීත රූප රචනා හරහාද නිතර දකින්නට ලැබෙයි.

 

ඕෂදි කියන්නේ දැන් රංගන ශිල්පිනියක්?

2017-08-02-ent-60චිත්‍රපට දෙක ගැන කියනවා නම් එකක් තමයි උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානේ සඳ’ චිත්‍රපටය. අනිත් චිත්‍රපටය තමයි හර්ෂ උඩකන්දගේ ‘ෆේස් ටූ ෆේස්’ චිත්‍රපටය. ‘වස්සානේ සඳ’ චිත්‍රපටයේ නම් මම කරන්නේ ‘නටාෂා’ කියන උප ප්‍රධාන චරිතය. ප්‍රධාන චරිතය කරන්නේ පියුමි හංසමාලි. ‘ෆේස් ටූ ෆේස්’ චිත්‍රපටයේ ‘අමායා’ කියන ප්‍රධාන චරිතය නිරූපණය කරනවා.

 

මේ චිත්‍රපට තිරගත වෙන්නේ කවදද?

මේ චිත්‍රපට දෙකම රූපගත කිරීම් කටයුතු සියල්ලම අවසන් කරලා තියෙන්නේ. ඒත්, තවමත් තිරගත වන දිනයක් තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කරලා නැහැ. ‘වස්සානේ සඳ’ චිත්‍රපටයේ මංගල දර්ශනය ඔක්තෝබර් 08 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නිවල තියන්න කටයුතු කරලා තියෙනවා. මෙහි තවත් දර්ශනයක් ඔක්තෝබර් 14 වැනිදා මෙල්බර්න් නගරයේදී පැවැත්වෙනවා. ‘වස්සානේ සඳ’ චිත්‍රපටයේ බොහෝ දර්ශන රූපගත කළේ ඔස්ට්‍රේලියාවේ නිසා මෙහි මංගල දර්ශනයත් ඔස්ට්‍රේලියාවේ තියන්න තීරණය කරලා තියෙන්නේ. ‘ෆේස් ටූ ෆේස්’ චිත්‍රපටය ගැන නම් මේ දිනවල නිතර අහන්න ලැබෙනවා. බොහෝ දුරට එය ඉතා ඉක්මනින් ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා.

 

‘ආශාවරි’ රූප රචනාව ඕෂදි කියන නම ජනප්‍රිය කළා නේද?

‘ආශාවරි’ රූප රචනාව එන්න කලින් ඉඳලා මගේ නම නම් මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙලා තිබුණේ. නමුත්, මාව නොදන්න සමහර අය ‘ආශාවරි’ රූප රචනාව හරහා මාව හඳුන ගත්තා කියලා හිතනවා.

 

ඔබ රූප රචනාවේ කළ රංගන ගැන බොහෝ දෙනෙක් කතා කළා. සමහරු විවේචනය කළා?

ඔව්. ගොඩක් අය මාව විවේචනය කළා. නමුත්, මම දකින විදිහට ‘ආශාවරි’ රූප රචනාව තුළ සමාජයට පණිවුඩයක් දීලා තියෙනවා. විවේචනය කරපු බොහෝ දෙනෙක් මේ රූප රචනාව නරඹලා තියෙනවා. අවසන් සතිය වෙන කොට මේ රූප රචනාව යූ ටියුබ්වල විතරක් මිලියන 5කට අධික පිරිසක් නරඹලා තියෙනවා. රූප රචනාවේ මා කළ රංගනය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද, ඒක ලොකු අභියෝගයක් ගෙන දෙන රංගනයක්.

 

වර්තමානයේ බිහිවෙන ගීත රූප රචනා ගැන ඕෂදිගෙ මතය මොකද්ද?

ලිප් කිස්, අඩනිරුවත් දර්ශන අනවශ්‍ය විදිහට රූප රචනාවලට ඇතුළත් කරලා නිර්මාණ බිහිවෙමින් පවතිනවා. ගීතවල කිසිම තේරුමක් නැතිව රූප රචනා නිර්මාණය වෙනවා. සමහරක් ඒවා ලංකාවේ සංස්කෘතියට ගැළපෙන්නෙත් නැහැ. තවත් අතකින් දකින දෙයක් තමයි ගීතයට අදාළ නැති රූප රචනා නිර්මාණය වෙනවා කියන එක.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - මිහිර බණ්ඩාර

 

 2017-08-02-ent-62 2017-08-02-ent-63 2017-08-02-ent-64 2017-08-02-ent-65 2017-08-02-ent-66 2017-08-02-ent-67 2017-08-02-ent-68  2017-08-02-ent-70 2017-08-02-ent-71 2017-08-02-ent-72