මගේ ගී පද රචනාවල හැමවිටම විවිධත්වයක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201223Harshi-1ටෙලි නාට්‍යය තේමා ගීත රැසක් පද රචනා කර ඇති හර්ෂි සේනාධීර වර්තමානයේ සිටින දක්ෂ යොවුන් ගී පද රචිකාවියකි. විවිධත්වයෙන් පිරුණු ගීත රැසක් නිර්මාණය කර ඇති හර්ෂිගේ නවතම ගී පද නිර්මාණ බොහෝමයක් ඉදිරි කාලයේදී එළිදැක්වීමට සූදානම් කර තිබේ. අද සාරවිට කතා බහ දිග හැරෙන්නේ ඇය සමගිනි..

ගී පද රචනයට ඔබගේ පිවිසිම සිදුවන්නේ කොහොමද?

2015  වසරේදී මම කවි සහ නිසදෙස් ලිව්වා. ඒ මඟින් තමයි ගොඩදෙනෙක් මාව අඳුරගත්තේ. ඊට පස්සේ 2017 අවුරුද්දේ දේදුනු රත්නායක අක්කට මගේ ආදර පුතුනේ.. කියන ගීතය පද රචනා කළා. ඒ නිර්මාණයෙන් පස්සෙ තමයි මම ගී පද රචනයට යොමු වෙන්නේ.

දැනට ඔබ සතු ගී පද නිර්මාණ මොනවද?

2017 වසරේදී ආදරේ කතාවක්.. කියන ගීතය පද රචනා කළා. හංසිනි විමල්සිරිගේ ගායනයෙන් සහ තරිඳු දම්සරගේ සංගීතයෙන් ඒ ගීතය හැඩ වුණා. ඊට පස්සෙ රැකියාවත් එක්ක කාර්‍යබහුල වුණ නිසා ගීත ලියන්න උනන්දුවක් මට ඇති වුණේ නැහැ. නැවතත් 2019 වසරේදී අහම්බෙන් වගේ ස්වර්ණවාහිනි රූපවාහිනි නාලිකාවේ දිග හැරණු ක්ලික් කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතය ලියන්න අවස්ථාව ලැබුණා. ඊට පසුව ක්වීන් සහ දාංගලේ  කියන ටෙලි නාට්‍යය වලත් තේමා ගීත මම පද රචනා කළා. ඒ හැම ගීතයක්ම සංගීතවත් කළේ උදාර සමරවීර අයියා. ඊට පස්ස, දුමාල් වර්ණකුලසූරිය අයියා සමග යශෝධරා.. කියන ගීතය නිර්මාණය කළා. ඒ ගීතය සංගීතවත් කළෙත් උදාර සමරවීර අයියා.

දැනට ඔබ වැඩිපුරම දායක වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය තේමා ගීත සඳහා?

පහුගිය වසර කිහිපයේදී රැකියාව නිසා ගීත රචනා කිරීම මට මග ගොඩක් වෙලාවට මඟ හැරුණා. ඇත්තටම කිව්වොත් මගේ ආරම්භය වුණ කවි නිර්මාණය පවා මට මඟ හැරුණා. නමුත් මෑත කාලයේ මම අලුත් නිර්මාණ කීපයකටම ගීත රචනයෙන් දායක වුණ. ඒ ගීත ඉදිරියේදි ශ්‍රාවක ඔබට රසවිඳින්න හැකි වේවි කියලා මම හිතනවා.

ඒ නිර්මාණ ගැන දැනට සඳහනක් කරන්න පුළුවන්ද?

ඒවා තවම නිෂ්පාදන මට්ටමේ තියන නිර්මාණ. ඒවා එළිදක්වන කාලයේදී මම ඒ ගැන කියන්නම්.

ගී පද රචනයට හිත ගියේ කොහොමද?

ගීතයක් හෝ කවියක් ලියනවා කියන්නෙ අපිට අපේ හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් හොඳ මාධ්‍යක්. ඉතින් ඒක මම මගේ විදියට පාවිච්චි කරන්න ගත්තා. ඒක තමයි ගීත ලියන්න ගොඩක් කැමති වෙන්න හේතුව.

රැල්ලට ඔබත් නිර්මාණ කරනවද?

කවදාවත් නෑ. ඒක මම මේ ක්ෂේත්‍රයේ නවකයෙක් හැටියට කරන ලොකු හානියක්. ඒ නිසා ඒ වගේ නිර්මාණ කරන්න මම බාරගන්නෙ නෑ.

ඔබේ ගී නිර්මාණ වල විවිධත්වයක් තියෙනවා ද?

අනිවාර්යයෙන්ම. මොකද මම මගේ ගීත රසය ශ්‍රාවකයාට ලබා දෙන්නේ වෙනස්ම විදිහකට. ඒ වෙනස කරන්නේ මගේ නිර්මාණ හැම එකක්ම එකිනෙකට වෙනස් කරලා රචනා කරන නිසා. ඇත්තටම ගී පද රචකයෙකුගේ දක්ෂතාවය ඒක. එකම විදිහකට කොටු නොවී වෙනස් විදිහේ අත්හදා බැලිම් කළ යුතුයි.  

දැනට කරපු නිර්මාණ දිහා බැලුවොත් ඒවා ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. මම ඒ ගැන තෘප්තිමත්. මම කරපු නිර්මාණ අතර ආදරය ,විරහව වගේම දිරිගැන්වීමත් තියනවා.

ඉදිරි කොහොම වෙයිද?

ඉදිරියේදි අලුත් ගීත කීපයක් එන්න තියනවා. ඒ වගේම ලබන වසරේදී මගේ කවි පොතක් එළිදක්වන්නත් බලාපොරොත්තුවකින් සිටිනවා.

කතා බහ - බුද්ධික සේනාධීර

20201223Harshi-2 20201223Harshi-3 20201223Harshi-4