මගේ ගමන මම කොහොමත් තනියම තමයි යන්නේ
නිරූපණ ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වන ෂෙනී ළඟදීම මියුසික් වීඩියෝ කිහිපයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඇය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින නවක ශිල්පිනියක්. ඉතිං ෂෙනී සාරවිට කතාබහකට එකතු කරගත්තේ මේ විදිහට.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම ෂෙනී ඩියානා. ෆීල්ඩ් එකේ පාවිච්චි කරන්නේ ෂෙරිල් කියලා. මම ඉන්නේ නුවර. මම ඩාන්සින් කරනවා. ඒ අතරතුර නිරූපණ ශිල්පිනියක් විදිහටත් වැඩ කරනවා.
මුලින්ම සම්බන්ධ වෙන්නේ නර්තනයටද නිරූපණයටද?
නර්තනයට. දැන් අවුරුදු හතක විතර ඉඳලා මම ඩාන්සින් කරන්නේ. අවුරුද්දක් විතර තමයි මොඩ්ලින් කරන්න පටන් අරගෙන.
ඇයි නිරූපණයට එන්න හිතුවේ?
මම ඒකට ගොඩක් ආසයි.
දායක වෙලා තිබෙන නිර්මාණ මොනවද?
ෆොටෝ ෂූට් වලට විතරයි. බ්‍රයිඩ්ල් මොඩ්ලින් තමයි වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. කැෂුවල් ෂූට් කරලා තියෙන්නෙත් ඉතා අඩුවෙන්. තරුණි පත්තරයේ කවර් ෂූට්ස් වලටත් දායක වෙලා තිබෙනවා.
'නුවර' නිරූපණ ශිල්පිනියකට ලැබෙන පිළිගැනීම කොහොමද?
හොඳයි. හොඳ පිළිගැනීමක් තිබෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මුලදි නම් වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි දැන් නම් ටික ටික කැමතියි.
ක්ෂේත්‍රය ගැන ඔයා දකින්නේ කොහොමද?
මම නම් හිතන්නේ ෆීල්ඩ් එක ගැන දැනගෙන වැඩ කරනවා නම් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ටිකක් අමාරුයි.
ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දි ප්‍රශ්න ආවේ නැද්ද?
පටන් ගනිද්දි විවිධ ප්‍රශ්න ආවා. කාලයක් යද්දි හෙමීට ඒ දේවල් තේරුම් අරගෙන දැන් හොඳ තත්ත්වෙක ඉන්නවා.
ක්ෂේත්‍රයේ මිතුරෝ ඉන්නවාද?
මට ක්ෂේත්‍රයේ මිතුරෝ අඩුයි. මම කාවවත් ආශ්‍රය කරන්නේ නැතිම තරම්. මගේ ගමන මම කොහොමත් තනියම තමයි යන්නේ.
ඇයි ක්ෂේත්‍රයේ මිතුරෝ නැත්තේ?
මම හිතන්නේ මට එයාලත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා.
දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවාද?
ඩාන්සින් කරන ගමන් ඉස්සරහටත් මොඩ්ලින් කරනවා.
නර්තනය වෘත්තීයක් විදිහට කරනවාද?
නැහැ. ඩාන්සින් කියන්නේ මගේ විනෝදාංශය.
වෙන රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද?
රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. ඩාන්සින් පටන් ගත්තාට පස්සේ එහෙම දෙකක් කරන්න බැහැනේ. ඒ නිසා තමයි ඩාන්සින් එක්කම යන මොඩ්ලින් කරන්න හිතුවේ.
නර්තන කණ්ඩායමකට සම්බන්ධ වෙලා තිබෙනවාද?
ඔව්. ඒ වගේම ඉස්සරහට මගේම ගෲප් එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරි වැඩකටයුතු මොනවාද?
මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒවාට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩාන්සින් සහ මොඩ්ලින් වැඩ කරගෙන ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
උදව් කළ අය කවුද?
මගේ ගෙදර අය, එතකොට කාංචනා අමරසේකර අක්කා. ඒ වගේම එරංග ජයවර්ධන, සනුරි උදේෂිකා, නදී ලියනගේ මේ හැමෝටම මම ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද